ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය අද ප්‍රකාශයට පත්කළා.
මෙම සංචිතයට ජීවන් මෙන්ඩිස් , මිලින්ද සිරිවර්ධන සහ නුවන් ප්‍රදීප් කැදවා තිබීම විශේෂත්වයක්.
මේ අනුව ලෝක කුසලානයට එක්වන ශ්‍රී ලංකා සංචිතය වන්නේ නායක දිමුත් කරුණාරත්න , ලසිත් මාලිංග , ඇන්ජලෝ මැතිව්ස් ,තිසර පෙරේරා, කුසල් ජනිත් පෙරේරා, සුරංග ලක්මාල් , ධනංජය ද සිල්වා ,කුසල් මෙන්ඩිස් , ඉසුරු උදාන, මිලින්ද සිරිවර්ධන , අවිශ්ක ප්‍රනාන්දු ,ජීවන් මෙන්ඩිස්, ළහිරු තිරිමාන්න ,ජෙෆ්රි වැන්ඩර්සේ, නුවන් ප්‍රදීප් යන අයයි.
ඇන්ජලෝ පෙරේරා, කසුන් රාජිත, වනිඳු හසරංග, ඕෂධ ප්‍රනාන්දු අමතර ක්‍රීඩකයින් ලෙස කණ්ඩායමට නම් කර තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ මෙම සංචිතයට ක්‍රීඩා අමාත්‍යවරයාගේ ද අනුමැතිය ලැබී ඇති බවයි.