Update - ගායක නදිමාල් පෙරේරා අද CIDයට කැදවා තිබුනා. ඔහුගෙන් ප්‍රශ්න කර අනතුරුව ප්‍රකාශ ලබාගෙන ඔහුව පිටත් කර යවා තිබෙනවා.
....................
නදිමාල් පෙරේරාගෙන් යළිත් CIDය ප්‍රශ්න කිරීම අරඹයි
මාකඳුරේ මධුෂ් සමග ඩුබායි රාජ්‍යේදී අත්අඩංගුවට පත්වූ පිරිසේ සිටි ගායන ශිල්පී අමල් පෙරේරාගේ පුත් යොවුන් ගායන ශිල්පී නදීමාල් පෙරේරා අද(18) උදෑසන යලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා.
ඔහුගෙන් මේ වනවිටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබාගනිමින් සිටින බවයි වාර්තා වන්නේ.
..