Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
16
ලෝකයක් කම්පා කරමින් ගිනිගත් ප්‍රංශ හදවත “නොට්‍ර ඩාම්” දෙව් මැදුර ගැන ලෝක නායකයින් කනගාටුව පළ කරයි - Video & Photos

- ලෝකයක් කම්පා කරමින් ගිනිගත් ප්‍රංශ හදවත “නොට්‍ර ඩාම්” දෙව් මැදුර ගැන ලෝක නායකයින් කනගාටුව පළ කරයි - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11,018 Views
මෑත ඉතිහාසයේ ලොව කලා නිර්මාණයක් ආශ්‍රිතව සිදුවූ දරුණුතම විනාශය ප්‍රංශයේ පැරිස් අගනුවරින් ඊයේ වාර්තා වුණා.

ඒ, යුනෙස්කෝ ලෝක  උරුමයක් ලෙස නම්කර ඇති කිතුණුවන්ගේ මහත් ගෞරවාදරයට පාත්‍රවන ප්‍රංශයේ “නොට්‍ර ඩාම්” දෙව් මැදුරේ විශාල කොටසක් ගින්නකින් විනාශ වීමයි.  

කෙසේ වෙතත් මෙම දෙව් මැදුර තුළ තැන්පත් කර තිබූ ජේසුස් වහන්සේ දුක් ප්‍රාප්තියේදී හිස පැළදි කටු ඔටුන්න බේරා ගැනීමට ප්‍රංශ ගිනි නිවන භටයින් සමත් වුණා.

දස දහස් ගණනක් ප්‍රංශ වැසියන්ගේ දෙනෙත් ඉදිරිපිට ගින්නෙන් දැවුනේ ප්‍රංශයේ ආගමික, සංස්කෘතික පෞඩත්වයයි.

අහස උසට නැගෙමින් ප්‍රංශයේ තේජස ලොවට කියාපාන්නාවු අයිෆල් කුළුනත්,ලොව විශාලතම කෞතුකාගාරය වන ලූවර් කෞතුකාගාරයත් හැරුණු විට,පැරිසීයේ හදවත ලෙස සැලකෙන්නේ ගින්නෙන් දැවෙන්නාවු මේ ගොඩනැගිල්ලයි.

ආදරයේ නගරය ලෙස සැලකෙන පැරීසියට ඊයේ පස්වරුව ආදරණිය සැන්දෑවක් නොවුයේ ප්‍රංශ හදවත ගිනිගැනීම හේතුවෙන්.

ප්‍රංශ වේලාවෙන් පස්වරු 6.30ට පමණ “නෝට්‍රේ ඩාම්”දෙව්මැදුරේ පිටුපස කොටසේ වහල දෙසින් ඉහළට නැගුණු ගිනි ජාලාව ඓතිහාසික දෙව්මැදුර වෙලාගන්නට ගත වූයේ නිමේෂයක කාලයක්.

ගිනි රකුසාට ගොදුරු වීමෙන් වසර 850ක් ඉපැරණි “නෝට්‍රේ ඩාම්”ගොඩනැගිල්ලේ පිටුපස කොත පිළිස්සි පහතට කඩා වැටුනා.

ගින්න ආරම්භ වී මද වේලාවකින් පැරිස් ගිනි නිවීමේ එකකය එම ස්ථානයට පැමිණ ගින්න මැඩපැවැත්වීමට උත්සහ දැරු අතර අවට ප්‍රදේශයේ ජනතාවද ආරක්ෂිත ස්ථාන කරා වහ වහා යොමු කෙරුණා.

ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් නිශ්චිතව තහවුරු කරගෙන නැතත් ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා පලංචි බැඳ තිබු කොටසේ ගින්න ප්‍රථමයෙන් මතු වූ බවට සැක පළ කරනවා.

ගින්න හේතුවෙන් මෙතෙක් කිසිදු ජීවිත හානියක් වාර්ථා වී නොමැති අතර ප්‍රංශ ගිනි නිවීම් ඒකකයේ ප්‍රධානී ෂෝන් ක්ලෝඩ් ගැලට් සඳහන් කළේ ගින්න නිවීමට මැදිහත් වු ගිනි නිවීමේ භටයෙකු දරුණු පිළිස්සුම් තුවාල ලබා ඇති බවයි.

දැවයෙන් නිමවා ඇති දෙව්මැදුරේ වහලය පුරාවට සිඝ්‍රයෙන් ගින්න පැතිර ගිය අතර ගිනි නිවිමේ භටයන් 400කට අධික පිරිසක් පැය 9ක් පුරාවට දැරු උත්සහයකින් අනතුරුව ගින්න මැඩ පවත්වනු ලැබුවද ඒ වන විටත් දෙව්මැදුරේ වහලය සහ පිටුපස පිරිමිඩාකාර කොත් ප්‍රදේශය සම්පුර්ණයෙන්ම විනාශ වී තිබුණා.

ගිනි නිවීමේ එකකය දැරු උත්සහය තුළ ගොඩනැගිල්ලේ ඉදිරිපස ප්‍රධාන කුළුනු දෙකක් සහ ප්‍රදාන ශෛලමය සැකිල්ල ආරක්ෂා කර ගැනීමට හැකිව තිබෙනවා.

“නෝට්‍රේ ඩාම්”දෙව්මැදුරේ ගින්න පවතින අතර තුර ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් එම ස්ථානයට පැමිණ එය නිරීක්ෂණය කළ අතර පසුව වඩාත් හැගිම්බරව මාධ්‍යවෙත අදහස් පළ කළා.

“නෝට්‍රේ ඩාම්”ආසන දෙව්මැදුර භාර පැට්ට්‍රික් චේවට් පියතුමන් ගින්න සම්බන්ධයෙන් අදහස් පළ කළා.

 මෙම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක පුජ්‍ය පරවාහැර චන්ද්‍රරතන හිමියන් ද පැරීසියේ සිට අදහස් පළ කළා. 
 
ක්‍රි.ව 1160 වර්ෂයේ ඉදිකිරීම් අරඹා ඇති මෙම දෙව්මැදුර ක්‍රි.ව 1260 දී ඉදිකිරීම අවසන් කර ඇති අතර මෙය ඉදිකිරිමේ ගෞරවය හිමිවන්නේ ක්‍රි.ව 1137 – 1180 ත් අතර කාලයේ ප්‍රංශය පාලනය කළ 7 වන ලුවී රජුටයි.

ලෝක ප්‍රකට ප්‍රංශ ලේඛක වික්ටර් හිවුගෝ විසින් රචිත ද හන්ච් බැක් ඔෆ් “නෝට්‍රේ ඩාම්” හෙවත් “නෝට්‍රේ දාමයේ කුදා කෘතිය හේතුවෙන් කන්‍ය මව්තුමිය යන අර්ථය ඇති “නෝට්‍රේ ඩාම්”යන නාමය මෙම දෙව් මැදුරට ලැබී තිබෙනවා.

මීට පෙර ක්‍රි.ව 1548 වර්ෂයේදී සහ ප්‍රංශ විප්ලවය සමයේද මෙම  ගොඩනැගිල්ලේ කලා කෘති රුසක් විනාශ වී තිබෙනවා.

එසේම ක්‍රි.ව 1804 දී එවකට ප්‍රංශ අධිරාජ්‍යයා වු නැපෝලියන් බොනපාට්ගේ රාජාභිශේකය මෙම ගොඩනැගිල්ල තුළ පවත්වා ඇති අතර දෙවන ලෝක යුධ සමයේ හිට්ලර්ගේ ආංඥාදායකත්වයට නතුව තිබු පැරිසිය යළි නිදහස් කර ගැනීමෙන් පසු සැමරුම් උළේල පවත්වා ඇත්තේද මෙම දෙව්මැදුර තුළයි.

නාරටි සහිත බොකු වහල ක්‍රමයත්, වියන්තල ක්‍රමය සහ ඊට සමගාමිව උල්වු මුදුන් ආරුක්කු සහිතව නිර්මානය කර ඇති මෙම දෙව්මැදුර ගොතික් ගෘහ නිර්මාණ ශිල්පය යොදාගත් සුවිසල්ම දේවස්ථානය ලෙස සැලකෙනවා.

මෑත කාලීන විශ්ව කලාවට සිදු වූ මේ මහා ව්‍යසනය සම්බන්ධයෙන් ලෝක නායකයින්  රැසක්  සිය කනගාටුව පළ අතර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම සිදුවීම සම්බන්ධයෙන් සිය කනගාටුව පළ කර විශේෂ ප්‍රකාශයක් සිදු කළා.

බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබත් මහ රැජින ට්විටර් පණිවුඩයක් මගින් සිය කනගාටුව පළ කර තිබූ අතර,  බ්‍රිතාන්‍ය අගමැති තෙරේසා මේ ද  සිය කනගාටුව පළ කරමින් ට්විටර් පණිවුඩයක් නිකුත කර තිබුණා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් සිය කනගාටුව පළ කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ද නිල ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

මේ වසර 850 ක් ඉපැරණි විශ්වයේ තිබූ අග්‍රගන්‍යතම කලා නිර්මාණයක් වූ “නෝට්‍රේ ඩාම්” දෙව් මැදුරේ ගින්නට පෙර පැවති තත්ත්වය සහ  ගින්නෙන් පසු දැන් පවතින තත්ත්වයයි.

කිතුනුවන් ජේසුස් වහන්සේගේ දුක්ප්‍රාප්තිය සිහි කරන ශුද්ධවූ සතිය ආරම්භ වී හෝරා කිහිපයක් ගත වීමටත් පෙර සිදු වූ මෙම ඛේදවාචකයෙන් විනාශ වූ “නෝට්‍රේ ඩාම්” දෙව් මැදුර ප්‍රතිසංස්කරණය කිරීම සදහා මේ වනවිටත් යුරෝ මිලියන 100 ක් පරිත්‍යාග කිරීමට ප්‍රංශයේ ප්‍රකට ව්‍යාපාරිකයන් දෙදෙනෙකු  ඉදිරිපත්ව ඇති බව ඒ.එෆ්.පී. පුවත් සේවය වාර්තා කළා. 


Make a Comment
Make a Comment

මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post



Adara Nathu - Mahesh Madhusanka
Adara Nathu
Mahesh Madhusanka
⤵  7,696 Downloads

Nube Wela Man - Sanjeewa Jayasekara
Nube Wela Man
Sanjeewa Jayasekara
⤵  2,572 Downloads

Kandulakwa - Keerthi Pasqual
Kandulakwa
Keerthi Pasqual
⤵  2,124 Downloads

Hiru Surya Mangalye - Hiru Star
Hiru Surya Mangalye
Hiru Star
⤵  6,221 Downloads

Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  47,178 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  19,548 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  10,543 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  5,319 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  3,460 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  1,667 Downloads


Top 10 Commenters

Latest Comments

Top