Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Apr
16
කවුරුත් දන්න ආහාරවල නොදන්න ගුණ ඔබත් දැනගෙන ආහාරයට ගන්න

- කවුරුත් දන්න ආහාරවල නොදන්න ගුණ ඔබත් දැනගෙන ආහාරයට ගන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

26 Views
ෆ්‍රයිඩ් රයිස්, කොත්තු, ක්ෂණික නූඩ්ල්ස් වගේ අහිතකර අගුණ ආහාර වෙනුවට නිතර ආහාරයට එක්කර ගත හැකි ඉතාමත් ඉහළ පෝෂණ ගුණයක් අන්තර්ගත ආහාර ද්‍රව්‍ය  කිහිපයක් පිළිබඳවයි මේ තොරතුරු.

කජු
කජු කන්න කවුද අකැමැති? හැබැයි දිනපතා කන කජු අහුරකින් අධි රුධිර පීඩනය අඩු කරන්න පුළුවන් කියලා දැනගෙන හිටියද? කජු කියන්නේ මැග්නීසියම් බහුල කෑමක්. රුධිර නාළ ලිහිල් කරලා, ඒවායින් රුධිර ගමනාගමනය පහසුවෙන් කරගෙන යන්න පුළුවන් විදියට සකසන්න මැග්නීසියම් මූලද්‍රව්‍යට පුළුවන්. මේ හේතුව නිසා හෘද ස්පන්දනය සාමාන්‍ය විදියට පවත්වාගන්නත් උදව් කරනවා.

සූදුරු
සූදුරුවල තියෙන ෆයිටොස්ටේරෝල් හරියට මිනිස්සුන්ගේ ඇඟේ තැන්පත් වෙන කොලෙස්ටරෝල් වගේ. එකම වෙනස වෙන්නේ ෆයිටොස්ටේරෝල් ශාකයක සෑදීම සහ කොලෙස්ටරෝල් වගේ ඇඟට අගුණ ජාතියක් නොවීමයි. ඒ වෙනුවට, ෆයිටොස්ටේරෝල්වලින්, අපේ ආහාර මාර්ගයේ තැන්පත් වුණු හානිකර කොලෙස්ටරෝල් වර්ග අයින් කරනවා. ඒ නිසා ඇඟේ බර අඩුකිරීමේ හැකියාවක් සූදුරුවලට තියෙනවා. තවත් දෙයක් මේ සූදුරුවල තියෙන ඉහළ යකඩ සංචිතය, මේකෙන් අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දියුණු කිරීමක් වෙනවා.

මිදි
මොළය ඇතුළු මධ්‍ය ස්නායු පද්ධතිය හොඳ තත්ත්වයෙන් තියාගන්න, මිදිවල ඇති ඇන්තෝසයනින්වලින් ලොකු දායකත්වයක් සැපයෙනවා. වයසට යද්දී ගොඩක් වැඩිහිටියන්ගේ දකින්න ලැබෙන අමතක වීමේ ගතිය අඩු කරවන්නත් මිදිවලට පුළුවන්.

පැණි කොමඩු
කොමඩුවල තියෙන දියරමය ගතිය නිසා, මලබද්ධය ඇතිවීමේ ඉඩ අඩුවෙනවා. අපි ගන්න කෑමවලින් ඇඟට උරා නොගත්ත ඒවා ඇඟෙන් පිටකරන්නේ බහිස්‍රාවී පද්ධතියෙන්. ඒ වැඩෙත් ලේසි කරන්න කොමඩුවලට පුළුවන්. මේ නිසාම වකුගඩුවල කාර්යය යහපත් කිරීමකුත් මෙතැනදී සිද්ධ වෙනවා. ඒ වගේම, වකුගඩුවල ඇතිවෙන ගල්වලටත් මේක විසඳුමක් බව ඔබ දැනගෙන හිටියද? කුඩු කරපු කොමඩු ඇට තේ හැන්දක්, උණු කරලා නිවපු වතුර පයින්ට් එකක් එක්ක එකතු කරලා දිනපතා වීදුරු තුනක් බොන්න; වකුගඩු අමාරු සේරම සනීප වෙයි.

ලෙමන්
ඇඹුල් රසට තිබුණට, ලෙමන් කියන්නේ සෑහෙන්න ප්‍රයෝජන තියෙන පලතුරක්. ලෙමන්වල පෙක්ටින් කියන කෙඳි වර්ගය තියෙනවා.
ඇඟේ මහත අඩු කරගන්න උදවියට පෙක්ටින් කෙඳිවලින් ලැබෙන්නේ ලොකු අනුබලයක්. මලබද්ධය ඇතිවීම අඩුකරලා, ආහාර ජීර්ණය වැඩි කරන්නත් ලෙමන් වතුරවලට පුළුවන්. ඒ වගේම පොටෑසියම් ඉහළ පලතුරක් නිසා, නිරෝගී ස්නායු පද්ධතියක හිමිකාරයෙක් වෙන්නත් ලෙමන් වතුර ඉඩ සලස්වනවා.

සාමාන්‍යයෙන් විෂබීජකාරක බැක්ටීරියා වර්ග ඇඟට ඇතුළත් වුණාම, හරි වේගයෙන් වැඩීමේ හැකියාවක් ඒවාට තියෙනවා. අන්න ඒක වළක්වන්නත් ලෙමන් වතුරවලට පුළුවන්.

කෙසෙල්
කෙසෙල් කියන්නේ දියවැඩියාව වැඩි කරන පලතුරක් විදියටයි ප්‍රසිද්ධ. මේකට හේතුව වෙන්නේ කෙසෙල්වල තියෙන ඉහළ කාබෝහයිඩ්‍රේට ප්‍රමාණයයි.

ඉතින් කෙසෙල් ඉදෙන තරමට, මේවායේ තියෙන කාබෝහයිඩ්‍රේට ප්‍රතිශතයත් වැඩි වෙනවා. අපේ ඇඟේ සීනි වැඩි කරන්න කාබෝහයිඩ්‍රේට තරම් ලේසි පෝෂ්‍ය පදාර්ථයක් වෙන නැති තරම්.

එහෙමයි කියලා කෙසෙල් නොකා ඉන්න හෝ අමු කෙසෙල් ගිලින්න යන්න එපා. හොඳම දේ තෝරා බේරාගෙන පොඩි ප්‍රමාණවලින් ගන්න එක. ඒ වගේම බෙරිවෙන්න ඉදුණු කෙසෙල් කන්නත් එපා. ඉදීගෙන එන කහ, කොළ පාටවල් එකට මුසුවෙලා තියෙන කෙසෙල් කෑමට ගන්න. මොකද කෙසෙල්වල තියෙන කෙඳි, අපේ ගන්න ආහාර ජීර්ණය කරන්න සෑහෙන්න වැදගත්. කාබෝහයිඩ්‍රේට ජීර්ණය කරලා, අනවශ්‍ය කොටස ඇඟෙන් පිටකරන්න මේවාට හැකියාව තියෙනවා.

ලූනු
ඇදුම අඩු කරන්න පුළුවන්කමක් ලූනුවලට තියෙනවා කියලා දැනගෙන සිටියාද?

ඒ වගේම සමහර පිළිකා වර්ග ඇති නොවෙන්න වග බලාගන්නත් මේ ලූනුවලට පුළුවන්ලු. දවස් පතා අනිත් කෑමත් එක්ක ලූනු ගෙඩියක් ආහාරයට ගැනීමෙන් ස්වරාලයේ, ඩිම්බ කෝෂවල ඇතිවෙන්න පුළුවන් පිළිකා බොහොමයක් මඟහැරවීමේ හැකියාවක් තියෙනවා. අනික ඔස්ටියෝපොරෝසිස් වගේ අස්ථි රෝගවලින් බේරෙන්නත් මේවා හොඳයි.

ගෝවා
ගෝවාවල ලොකු සල්ෆර් සංචිතයක් තියෙනවා. ඒ නිසාම අපේ ලේ පිරිසුදු කරන්නත් ගෝවාවලට පුළුවන්.

ඒ වගේම විටමින් බහුල එළවළු කිහිපයෙන් එකක් විදියටත් මේක හඳුන්වන්න පුළුවන්. ඒ නිසා හම ලස්සනට තියාගන්න ගොඩක් වැදගත් වෙනවා.

ලීක්ස්
ලීක්ස්වල වතුර ප්‍රතිශතය සෑහෙන්න වැඩියි. ප්‍රතිජීවකයක් විදියටත් ක්‍රියා කරන බවයි කියැවෙන්නේ.

බීට්රූට්
විටමින් ඒ, සී, අයඩීන්, මැන්ගනීස්, සෝඩියම්, පොටෑසියම් වගේ මූලද්‍රව්‍යවලින් පිරුණු බීට්රූට් ගොඩක් ගුණ ඇති කෑමක්. ඇඟේ තියෙන ලේ ඔක්සිජනීකරණය කරන්න, එහෙනම් නැත්නම් රුධිර සෛලවලට ඔක්සිජන් සැපයීමේ හැකියාවක් මේවාට තියෙනවා.

බීට් ගහේ කෑලිත් කන්න පුළුවන් නම් තමයි වැඩියෙන්ම හොඳ. මේ කොළවල ඉතා ඉහළ යකඩ සංචිතයක් තිබෙනවා.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top