Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
15
අග හිඟකම් නිසා විශ්ව විද්‍යාල අධ්‍යාපනය අතහැර ඇඟළුම් කම්හලක සේවය කරන මොණරාගල දිනුෂා ගැන සංවේදී කතාවක් - Video

- අග හිඟකම් නිසා විශ්ව විද්‍යාල අධ්‍යාපනය අතහැර ඇඟළුම් කම්හලක සේවය කරන මොණරාගල දිනුෂා ගැන සංවේදී කතාවක් - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

20,813 Views
මට කැම්පස් යන්න බැරි තත්ත්වයක් උදාවෙලා
මම මෙච්චර දුරක් ඉගනගත්තේත් පවුලේ බර කරට ගන්න ඕන නිසා

තම පවුලේ ඇති අගහිගකම් හේතුවෙන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය සිහිනයක් වු සිසුවියක් පිලිබද පුවතක් අපට වාර්තා වුණා.

මේ මොණරාගල මකුල්ආර ප්‍රදේශයේ ජීවත්වන දිනුෂා කුමාරිගේ කතාවයි.

W.M  දිනූෂා කුමාරි උසස් පෙළ විභාගය සදහා කලා අංශයෙන් මුහුණ දෙන්නේ 2017 වසරේදී.

හිසටත් ඉහළින් ඇති, දරිද්‍රතා බාධකය දිනුෂාට සරදම් කලද ඇගේ විභාග ප්‍රතිඵල ඇයටත් ඇගේ පවුලේ සාමාජිකයන්ටත් ගෙනාවේ අනාගතය පිලිබද සුභ සිහින රාශියක්.

දිනුෂා විභාගය සමත්වන්නේ දිස්ත්‍රික්කයෙන්ම 178 වන ස්ථානයට උරුමකම් කියමින්.

නමුත් දහසකුත් එකක් බාධක ජයගෙන ලබාගත් විශ්වවිද්‍යාලය අධ්‍යාපන ජයග්‍රහණය භුක්ති විඳින්නට ඇයගේ ද්‍රරිද්‍රතාව බාධාවක් වී තිබෙනවා.  

දිනූෂා කුමාරි
"කැම්පස් තේරිලා ඉන්නේ මම. මට කැම්පස් යන්න බැරි තත්ත්වයක් උදාවෙලා. අම්මටයි තාත්තාටයි දරාගන්න බැහැ. මට ලොකු ලොකු අවශ්‍යතා නම් නැහැ. එදිනෙදා කෑම වේලට එච්චරයි".

ප්‍රශ්නය- අම්මා, තාත්තා මොකද කියන්නේ..?
"එයාලා කොහොමහරි මොන දුකක් විදලා හරි මාව යවනවා කියනවා. මම මෙච්චර දුරක් ඉගනගත්තේත් පවුලේ බර කරට ගන්න ඕන නිසා".

රෝගී තත්ත්වයෙන් පීඩා විඳින දෙමාපියන් රැකගැනීමේ බර කරට ගන්නට දිනූෂාටත් , තවමත් අධ්‍යාපන කටයුතු වල නිරතව සිටින ඇගේ නැගණියටත් සිදුව ඇත්තේඋසස් අධ්‍යාපනය සිහිනයට තිත තබමිනුයි.

ඒ අනුව දිනූෂා මේවන විට තම දෙමාපියන් රැකබලා ගන්නේ ඇඟලුම් සේවිකාවක් ලෙස රැකියාවේ යෙදෙමින්.

දිනූෂාගේ මව
"අපිට දැන් මාස ගණනනක් කුලියක්වත් නැහැ. දරුවා ගාමන්ට් යන නිසා මේ මාසේ ජීවත්වෙනවා. කුලී වැඩක්වත් කරන්න ඇගට ශක්තියක් දැන් මට නැහැ.ලෙඩ".

තම වැඩිමහල් සොහොයුරියගේ අනාගතය පිලිබද සුබ සිහින සඵල කරනු වස්, තවමත් පාසල් අධ්‍යාපනය හදාරන දිනුෂාගේ නැඟණිය තම සිහින කැප කිරීමට තරම් සුදානම්වෙලා.

දිනූෂාගේ නැගණිය
"තාත්තාගේ කකුල් දැන් අවුරුදු 8ක් විතර වෙනවා දණහිස් කැක්කුම හැදිලා. අම්මිටත් බැහැ. අම්මි තමයි අපිට කන්න හොයලා ගෙනත් දෙන්නේ. දැන් ආර්ථික ප්‍රශ්නත් එක්ක අක්කාට කැම්පස් යන්න අමාරුකම් තියෙනවා. අක්කා ටීචර් කෙනෙක් වෙනවාට මම බලන්න කැමතියි. ඒ නිසා මමත් ගාමන්ට් යන්න හිතාගෙන ඉන්නේ"


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  9,107 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  3,338 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  3,140 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  30,758 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  3,160 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  1,774 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  7,653 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  3,679 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  1,639 Downloads

Rashmi Dhara - Sameera Weerasinghe
Rashmi Dhara
Sameera Weerasinghe
⤵  1,996 Downloads



Top 10 Commenters

Latest Comments

Top