Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
15
මීතොටමුල්ල කසල කන්ද නිසා තවමත් කොළොන්නාව අවට සෝ සුසුම් හෙළන අසරණ පවුල් රැසක් ගැන කිසිවෙකු නොදත් කතාවක් - Video

- මීතොටමුල්ල කසල කන්ද නිසා තවමත් කොළොන්නාව අවට සෝ සුසුම් හෙළන අසරණ පවුල් රැසක් ගැන කිසිවෙකු නොදත් කතාවක් - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,847 Views
දේශපාලඥයින්ට සහ නිලධාරීන්ට මඩිය තරකර ගැනීමේ නිධානයක්...
මේ පාපයට වගකිවයුත්තේ කවුරුද?

කසල කන්දකින් මඩිය තරකර ගැනීමට වෙහෙසුණු දේශපාලඥයින් සහ නිලධාරීන් නිසා අසරණ වූ පවුල් රැසක් අදත් කොළොන්නාව අවට සෝ සුසුම් හෙළමින් සිටිනවා.

මීතොටමුල්ල කසල කන්ද දේශපාලඥයින්ට සහ නිලධාරීන්ට මඩිය තරකර ගැනීමේ නිධානයක් වූ ආකාරය 2018 මාර්තු මස නිකුත්කල විගණකාධිපති වාර්තාව ඇසුරෙන් අප ඊයේ හෙළි කළා.  

නමුත් එම වාර්තාව පෙන්වාදුන් තීන්දු නිගමන ක්‍රියාත්මක කිරීමට බලධාරීන් මෙතෙක් සාධනීය පියවරක් ගෙන නැහැ.

ශබ්ද කෝෂයේ වත් නොතිබූ වදනක් අසන්නට සලස්වමින් ජනතාවට නවමු අත්දැකීමක් ලබාදෙන්නට වසර 2017 අප්‍රේල් 14 වැනිදා මෙරට ජනතාවට හැකිවුණේ අපගේ පාලකයන්ගේ අමනෝඥ ක්‍රියා හේතුවෙන්.

ඒ මීතොටමුල්ල කසල කන්ද නායයෑම හා ඊට යටවී මිනිස් ජීවිත රාශ්‍රියක් අහිමිවීමේ සිදුවීමත් සමගයි.

කසල කන්ද නායයන තත්ත්වයට පත්කිරීමට පාලකයන් හා වගකිව යුතු බලධාරීන් කෙතරම් වෙහෙසුනාද කීමට කදිම උදාහරණයක් ඒ සම්බන්ධයෙන් විමර්ශනය කල විගනකාධිපති වාර්තාවේ දැක්වෙනවා.

ඝණ අපද්‍රව්‍ය කළමණාකරණය සම්බන්ධයෙන් දේශීය හා විදේශීය සම්මන්ත්‍රණවලට සහභාගීවී ලබාගත් පුළුල් දැනුමක් සහිත නිලධාරිනියක් ඝණ අපද්‍රව්‍ය අංශයේ නාගරික ඉංජිනේරුවරියකව සිට එම අංශයේ අධ්‍යක්ෂ්‍ය තනතුර දක්වාම උසස්වීම් ලබාගෙන ඇති බව විගනකාධිපති වාර්තාවේ දැක්වෙනවා.

කසල අපහරණය, ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමණාකරණය, කසල ශූන්‍යකිරීම  හෝ කසල බලශක්තිය නැංවීම යන අංශයන් සම්බන්ධයෙන් ඇයට මනා දැනුමක් තිබුණද ඒ විෂයන් කිසිවක් සම්බන්ධයෙන් ඇයගේ දැනුම භාවිත කර නොමැති බව විගණකාධිපති වාර්තාවේ සදහන්.

මේ අතර, කොළඹ නගර සභාව ඝණ අපද්‍රව්‍ය කළමණාකරණය සදහා 2010 සිට කුලී වාහන ලබාගෙන තිබුණේ එක් ආයතනයකින් පමණක් වීමද විශේෂත්වයක්.

ඒ අනුව එම ආයතනයට 2010 සිට 2016 වසර දක්වා වසර හයකට කුලි මුදල් වශයෙන් පමණක් රුපියල් කෝටි 60 ක සුවිශාල  මුදලක් ගෙවා තිබෙනවා.

අදාල සමාගම පිළිබදව සිදුවූ විමර්ශනවලදී අනාවරණය වුණේ එම සමාගම ගොඩනැගිලි, මහාමාර්ග, වාරිමාර්ග හා ඉදිකිරීම් සම්බන්ධයෙන් ලියාපදිංචි කර තිබෙන පුද්ගලික ව්‍යාපාරයක් විනා කුළියට රථ වාහන ලබාදෙන ආයතනයක් නොවන බවයි.

විවිධ ස්ථානවල සිට රථ මගින් මීතොටමුල්ල කසල අංගනයට රැගෙන එන කසල තුනී කිරීම සදහා පස් මිශ්‍ර කිරීම අනිවාර්ය වී තිබුණේ ආරක්ෂිත මෙන්ම සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයක් ලෙසයි.

ඒ හේතුවෙන් කසල සමග මිශ්‍ර කිරීම සදහා වන පස් කසල අංගන භූමියේ ස්ථානයක ගොඩගසා තිබුණා.

මෙම පස් පරික්ෂා කල විගණන නිලධාරීන්ට දැකගත හැකිව ඇත්තේ එම පස් වලින් 50% කට වැඩි ප්‍රමාණයක තිබී ඇත්තේ ගොඩනැගිලි කඩා ඉවත්කල ඉදිකිරීම් අපද්‍රව්‍ය වන කොන්ක්‍රීට් සිමෙන්ති ආශ්‍රිත දෑ බවයි.

මීතොටමුල්ල කසළ අංගනය යොදාගෙන මේ සා විශාල දූෂණ අක්‍රමිකතා රැසක් සිදුකරද්දී බලධාරීන්ට කසල කළමණාකරණයට දැනුමක් හෝ වුවමනාවක් නොවූවත් කසල ඉල්ලමක් කරගන්නේ කෙසේදැයි ඔවුන් හොදින් දැනසිටි බව තහවුරු වනවා.

2018 මාර්තු 16 විගණකාධිපතිවරයාගේ අත්සනින් නිකුත් කරන ලද කොළඹ මහනගර සභාවේ ඝණ අපද්‍රව්‍ය කළමණාකරණය පිළිබදව විශේෂ විගණකාධිපති වාර්තාවේ සදහන් කර ඇත්තේ සිදුකරන ලද විමර්ශනයන්ගෙන් මීතොටමුල්ල කසල කන්ද නායගොස් මිනිස් ජීවිත 32 ක් ඇතුළු ජීවී අජීවී හානි සම්බන්ධයෙන් කොළඹ මහනගර සභාව සෘජුව වගකිව යුතු බව එහි සදහන්.

එමෙන්ම කසල නිසි අයුරින් කළමණාකරණය නොකර සිදුකල මේ දැවැන්ත අලාභයට නාගරික කොමසාරිස්වරයා ඇතුළු අදාල නිලධාරීන්ද වගකිව යුතු බවයි.

රටක් ලොවක් කැළඹූ, ඒ ඛේදවාචකය සිදුවී වසර දෙකක් ගතවුවද අදටත් වැරදි කළවුන් නිදැල්ලේ පසුවීම ඊටත් වඩා ඛේදවාචකයක් නොවන්නේද?

විගණකාධිපති වාර්තාව හරහා හෙළිකළ මෙම වංචාවන් හා දූෂණයන්ට බලධාරීන් පියවර නොගන්නේ දේශපාලනඥයින්ගේ බලපෑම් නිසාද..?

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  9,444 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  11,600 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  5,244 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  2,524 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  1,825 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  796 Downloads

Nuba Sanda Wagemai - Mithila Ilesinghe
Nuba Sanda Wagemai
Mithila Ilesinghe
⤵  901 Downloads

Hitha Gaawa - Indika Kuruppuarachchi
Hitha Gaawa
Indika Kuruppuarachchi
⤵  2,985 Downloads

Awasan Mohothai (Sudu Manika) - Samith Nadeeshan Godage
Awasan Mohothai (Sudu Manika)
Samith Nadeeshan Godage
⤵  23,907 Downloads

Mal Thuhinaye - Roony
Mal Thuhinaye
Roony
⤵  2,541 Downloads



Top 10 Commenters

Latest Comments

Top