Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
14
"මම තවමත් බලාපොරොත්තුවෙන් ඉන්නවා ගැළපෙන කෙනෙක් ලැබෙනකන්, ඒ වගේ තීරණ හදිස්සි නොවී ගන්න ඕනි..." - විනූ සිරිවර්ධන - Photos

- "මම තවමත් බලාපොරොත්තුවෙන් ඉන්නවා ගැළපෙන කෙනෙක් ලැබෙනකන්, ඒ වගේ තීරණ හදිස්සි නොවී ගන්න ඕනි..." - විනූ සිරිවර්ධන - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,594 Views
මගේ ඇඳුම්‍ නිර්මාණය කරන්නෙ මමමයි...
 
දේශපාලනයට විවිධ ආරාධනා ලැබෙනවා...
 
විනූ සිරිවර්ධන මේ දිනවල රූපවාහිනි තිරයෙන් හමුවන්නේ හිරු රූපවාහිනියේ විකාශනය වෙන ශ්‍රී සිද්ධාර්ථ ගෞතම නාට්‍යය සමඟයි. ඊට අමතරව විවිධ චරිත ඔස්සේ ප්‍රේක්ෂකයින් හමුවට එන ඇය සමඟ කළ කතාබහකි මේ......

මේ දවස්වල වැඩකටයුතු මොනවාද?
 
මේ දවස්වල ‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ නාට්‍යයේ රූගත කිරීම්වලට සම්බන්ධ වෙලා ඉන්නවා.
 
ඔබ ‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ ටෙලිනාට්‍යයේ මවකගේ චරිතයක් නිරුපණය කරනවා. එය අභියෝගයක් වුණේ නැද්ද?
 
මගේ ජීවිතය වෙනස් කරපු නාට්‍යක් තමයි ‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ටෙලිනාට්‍යය. මොකද ඒකේ යශෝධරාගේ මව වන අමිතා දේවිය කියන චරිතය තමයි මම කරන්නේ. මම මවකගේ චරිතයක් කරන පළමු අවස්ථාවයි මේ. ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර එක්ක චරිතයට සාධාරණයක් කළා කියලා මම විශ්වාස කරනවා.
 
වත්මන් රංගන ක්ෂේත්‍රය පිළිබඳව ඔබේ අදහස කෙබඳුයිද?
 
අවංකවම සතුටුයි. මොකද ක්ෂේත්‍රයට එන්න කලින් ගොඩක් දේවල් අහන්න ලැබුණා. ඒ නිසා චකිතයක් තිබුණා. නමුත් ආවට පස්සේ ඒ හැමදේම වෙනස් වුණා. මගේ ආත්ම ගෞරවය රැකගෙන ප්‍රවීණයන්ගෙන් ප්‍රශංසා ලැබිය හැකි විදියට දැන් වසර හතක කාලයක ඉඳන් රැඳී සිටිනවා.
 
ප්‍රවීණයන්ගෙන් නැගෙන චෝදනාවක් තමයි නවකයන් ඔවුන්ට නිසි තැන ලබාදෙන්නෙ නෑ කියන එක?
 
සමහර අය එවැනි චෝදනා නගන්න පුළුවන්. නමුත් ප්‍රවීණයන් නවකයන් අතර ගැටුමක් නැහැ. ඒ වගේම ප්‍රවීණයන්ගෙන් හොඳ සහයෝගයකුත් ලැබෙනවා. ප්‍රවීණයන්ට හදපු තැන නවකයන් රැකගන්න ඕන. සිනමාව වෙන්න පුළුවන් ටෙලිනාට්‍ය වෙන්න පුළුවන් කෝක වුණත් මේ ක්ෂේත්‍රයේ කැපවීමෙන් සහ දක්ෂතාවයෙන් කටයුතු කරන්න පුළුවන් පිරිසක් ආවොත් ප්‍රවීණයන්ට නමක් දීලා තම නම රැකගෙන ඉන්න පුළුවන්.
 
ආදරය, විවාහය පිළිබඳ මොකද හිතන්නේ?
 
නිසි වයසෙදි ඒ දේවල් වෙන්න ඕන. හැබැයි නිසි පුද්ගලයා ලැබෙන්න ඕන. ඒ වගේම ඒ තීරණය හදිස්සි නොවී ගන්න ඕන දෙයක්. ඒක තමයි මගේ මතය.
 
ඔබ ආදරය විඳින කෙනෙක්ද?
 
නැහැ. මම තවමත් බලාපොරොත්තුවෙන් ඉන්නවා ගැලපෙන කෙනෙක් ලැබෙන කල්.
 
අද බොහෝ කලාකරුවන් දේශපාලනයට පිවිසෙනවා. ඔබේ එහෙම අදහසක් නැද්ද?
 
මගේ එහෙම කැමැත්තක් නැහැ. විවිධ ආරාධනා ලැබෙනවා දේශපාලනයට සම්බන්ධ අයට සහය දක්වන්න කියලා. පුළුවන් වෙලාවට සහය ලබා දෙනවා. නමුත් දේශපාලනයට පිවිසෙන්න අදහසක් නැහැ.
 
වෘත්තිය රංගන ශිල්පිනියක් විදිහටද ඔබ කටයුතු කරන්නේ?
 
දැනට වෘත්තිය රංගන ශිල්පිනියක් විදිහට කටයුතු කරනවා. ඒ වගේම ජනමාධ්‍ය කළමනාකරණ අංශයේ උපාධිය හැදෑරුවා. ඒ ඔස්සේ බාහිර කථිකාචාර්යවරියක් ලෙසින් කටයුතු කරන්නත් ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියේදි කාලය තියෙන විදියට ඊට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා.
 
ඉදිරි බලාපොරොත්තු ගැනත් මතක් කරමු ?
 
ඉදිරියේදි බලාපොරෙත්තු වෙනවා ඇඳුම් නිර්මාණය පැත්තෙන් වෙනසක් කරන්න. ගොඩක් අය මගෙන් අහනවා කොහෙන්ද කරන්නේ කියලා. මගේ ඇඳුම්‍ නිර්මාණය කරන්නෙ මමමයි. අලුත් දෙයක් නිර්මාණය කරලා එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ ගමනේදි මට සහයෝග ලබාදීපු මගේ දෙමාපියන්, යහළුවන්, ගුරුවරුන් ඇතුළු සියලු දෙනාට ස්තුති කරන්නත් මේක අවස්ථාවක් කර ගන්නවා.
 
සටහන - මහේෂ් මල්ලවආරච්චි


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  9,491 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  11,610 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  5,245 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  2,526 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  1,825 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  798 Downloads

Nuba Sanda Wagemai - Mithila Ilesinghe
Nuba Sanda Wagemai
Mithila Ilesinghe
⤵  901 Downloads

Hitha Gaawa - Indika Kuruppuarachchi
Hitha Gaawa
Indika Kuruppuarachchi
⤵  2,985 Downloads

Awasan Mohothai (Sudu Manika) - Samith Nadeeshan Godage
Awasan Mohothai (Sudu Manika)
Samith Nadeeshan Godage
⤵  23,926 Downloads

Mal Thuhinaye - Roony
Mal Thuhinaye
Roony
⤵  2,542 Downloads



Top 10 Commenters

Latest Comments

Top