Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
12
"මෙච්චර කාලයක් ඉඳලා මේ නඩු පැවරීම කළේ ජනාධිපතිවරණය ඉලක්ක කරගෙනයි" - දිවයිනට පැමිණි හිටපු ආරක්ෂක ලේකම් ‍ගෝඨාභය රාජපක්ෂ කියයි - Video & Photos

- "මෙච්චර කාලයක් ඉඳලා මේ නඩු පැවරීම කළේ ජනාධිපතිවරණය ඉලක්ක කරගෙනයි" - දිවයිනට පැමිණි හිටපු ආරක්ෂක ලේකම් ‍ගෝඨාභය රාජපක්ෂ කියයි - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,625 Views
ඇමරිකාවට ගොස් සිටි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යළි දිවයිනට පැමිණියා.

අද උදෑසන 8.35 ට ඩුබායි සිට පැමිණි යානයකින් ඔහු කටුනායක ගුවන්තොටුපලට පැමිණි බවයි අප වාර්තාකරු කියා සිටියේ.

හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ ඇමරිකානු ගමන වැඩි කතාබහට ලක් වූයේ ඔහුට එරට අධිකරණයක නඩු ගොනු කර ඇති බවට තොරතුරු වාර්තා වීමත් සමඟයි.

සංචාරය අතරතුර හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇමරිකාවේ සිටින ශ්‍රී ලාංකික විද්වතුන් හමු වී රටේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන්ද සාකච්ඡා කර තිබෙනවා.

කෙසේ වෙතත්, හිටපු ආරක්ෂක ලේකම්වරයා සම්බන්ධයෙන් පසුගිය දිනවල දැඩි කතාබහට ලක්වූයේ ඔහු ඇමරිකාවේ සංචාරය කරන අතරතුර ඇමරිකාවේ අධිකරණවල ඔහුට එරෙහිව නඩු පැවරූ බවට පළ වූ වාර්තාත් සමඟයි.

ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව ඇමරිකාවේ අධිකරණයක නඩුවක් ගොනු කර ඇති බවට පසුගිය සඳුඳා තොරතුරු වාර්තා වුණා.

ඒ, තම පියාගේ ඝාතනය හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ අනුදැනුම හා උපදෙස් මත සිදුව ඇති බවට පවසමින්.

කෙසේ වෙතත්, හිරු ප්‍රවෘත්ති අංශය එදින කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ සහෝදරයා වන ලාල් වික්‍රමතුංග සඳහන් කළේ තමන්ට මේ පිළිබඳව කරුණු තහවුරු කළ නොහැකි බවයි.

එමෙන්ම දකුණු අප්‍රිකාව මූලස්ථානය කර ගත් අයි.ටී.ජේ.පී. ආයතනය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ 2007 වසරේදී අත්අඩංගුවට ගැණුනු පුද්ගලයෙකු වධ හිංසාවට ලක් කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් ද හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ඇමරිකානු අධිකරණයක නඩු පැවරීමට කටයුතු කර ඇති බවයි.

එමෙන්ම එම නඩුවට අදාළ සිතාසිය ඇමරිකාවේදී හිටපු ආරක්ෂක ලේකම්වරයා වෙත භාර දුන් බවට ද ඔවුන් නිකුත් කළ නිවේදනයේ සඳහන්.

කෙසේ වෙතත්, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ඇමරිකාවේ ගොනු කර ඇති බවට පැවසෙන නඩුවකට අදාළ දැනුම් දීමේ නිවේදනයක් මෙතෙක් ලැබී නොමැති බව ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක, නාගරික මන්ත්‍රී මිලින්ද රාජපක්ෂ සඳහන් කළා.

එමෙන්ම නඩු ගොනු කර ඇති බවට වන නිවේදනයක් හිටපු ආරක්ෂක ලේකම්වරයාට භාර දෙන අයුරු දැක්වෙන ඡායාරූපයක් ද සමාජ මාධ්‍යවල සංසරණය වී තිබුණා.

අදාළ ඡායාරූපය දකුණු අප්‍රිකාව මූලස්ථානය කර ගත් අයි.ටී.ජේ.පී. ආයතනය විසින් නිකුත් කර ඇති අතර, එහි කිසිදු සත්‍යතාවක් නොමැති බවයි ඔහු කියා සිටියේ.






Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mathakai Eda - Billy Fernando & Umaria Sinhawansa
Mathakai Eda
Billy Fernando & Umaria Sinhawansa
⤵  238 Downloads

Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,704 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  40,616 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  37,990 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  17,834 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,278 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,147 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  44,378 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,843 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,756 Downloads



Top 10 Commenters

Latest Comments

Top