විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා පොලීසිය අද (01) පස්වරුවේ එක් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ බවටද වාර්තාවුනා. කෙසේ වෙතත්, කඳුළු ගෑස් ප්‍රහාරයෙන් පසුව විරෝධතාවයේ නිරත පිරිස පොලීසිය දෙසට ගල් මුල් ප්‍රහාරයක් ද එල්ල කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සදහන් කළේ විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල නොකළ බවයි.
Update :- 2015/02/01 8.40 PM
------------------------------------
තලවකැලේ පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමට ගිය තරුණයෙකු ඉහළ කොත්මලේ ජලාශයට පැන අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් තලවකැලේ පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකුට ස්ථාන මාරු ලබාදී තිබෙනවා.
නුවරඑළිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා, වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම ස්ථාන මාරුව ලබාදී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
ගංජා මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් මත අත්අඩංගුවට ගැනීමට යාමේදී සැකකරු දුවගොස් ඉහල කොත්මලේ ජලාශයට පැන තිබූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ කියා සිටියේ.