ක්‍රමෝපාය සංවර්ධන පනත යටතේ සමාගම් 3 කට නිකුත් කර තිබූ කැසිනෝ සහ සූදු පවත්වාගෙන යාම තහනම් කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊයේ (29) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.
පසුගිය දිනෙක රැස් වූ අමාත්‍ය මණ්ඩලය රැස්වීමේදී එම තීරණය ගත් බවයි අග්‍රාමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේ.
ඒ අනුව ලේක් ලෙෂර් පුද්ගලික සමාගම, වෝටර් ෆ‍්‍රන්ට් ප්‍රොප‘ර්’ටීස් පුද්ගලික සමාගම සහ ද ක්වීන්ස්බරි ලෙෂර් සමාගමේ බලපත්‍ර තහනම් කෙරුණු අතර, එම සමාගම් පවත්වාගෙන යන අනෙකුත් ව්‍යාපාරවලට බාධාවක් නොවන බවද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළා.