ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නැංගුරම වූ සුපිරි ක්‍රීඩක කුමර් සංගක්කාර අද දින තවත් ලෝක වාර්තාවක් තමන් සතු කරගැනීමට සමත් වුනා. ඒ නවසීලන්තය සමඟ පැවති අවසන් එක්දින තරඟයේදීයි.
එහිදී ඔහු එක්දින ක්‍රිකට් ඉතිහාසයේ කඩුලු රකින්නෙක් ලෙස වැඩිම දවාගැනීම් සංඛ්‍යාවකට හිමිකම් කියන ක්‍රීඩකයා බවට පත්වුනා. එහිදී ඔහු බිඳ දැමුවේ හිටපු ඕස්ට්‍රේලියානු කඩුලුරකින ක්‍රීඩක ඇඩම් ගිල්ක්‍රිස්ට්ගේ වාර්තාවයි.
ඒ අනුව මේ වන විට කුමාර් සංගක්කාරගේ මුළු දවාගැනීම් සංඛ්‍යාව 474ක්.