හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුතුන්වන යෝෂිත සහ රෝහිත රාජපක්ෂ යන දෙදෙනාම නාවික හමුදාව සහ යුද හමුදා රග්බි කණ්ඩායම්වල දරනු ලැබූ නායකත්වයෙන් ඉවත්කර ඇති බවට වාර්ථා පළ වනවා.
රෝහිත රාජපක්ෂ යුධ හමුදා කණ්ඩායමේ නායකත්වය දැරූ අතර යෝෂිත රාජපක්ෂ නාවික හමුදා රග්බි කණ්ඩායමේ නායකත්වයන් හෙබවූවා. එය කෙසේ වුවද මේ සම්බන්ධව තවම ඔවුන් දෙදෙනාටම දැනුම් දී නොමැති බව වාර්තාවේ.
මේ සම්බන්ධව තහවුරුකරගැනීමට අප, ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක අමාත්‍යවරයා සම්බන්ධ කරගැනීමට උත්සාහ දැරූවිට මාධ්‍යලේකම් පැවසුවේ මේ සම්බන්ධව අමාත්‍යවරයා කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැති බවයි.