කෙසෙල්වත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියකට චෝදනා එල්ල වූ සැකකරුවෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය මස 17 වන දින කෙසෙල්වත්ත ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුවූ අතර, අත්අඩංගුවට ගත් 36 හැවිරිදි මොහු දැනට ඩුබායි හි අත්අඩංගුවේ සිටින කෙසෙල්වත්ත දිනුකගේ සමීපතමයෙකු බවයි පොලීසිය සඳහන් කළේ.
මේ අතර, අම්බලන්තොට - දික්වැල්ලවත්ත ප්‍රදේශයේදී විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවි 4ක් සමඟින් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරක් මතයි ඊයේ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව විදේශීය රටක නිෂ්පාදිත බැරල් දෙකක් සහිත බෝර 12 උණ්ඩ යෙදිය හැකි ගිනි අවියක්, විදේශීය රටක නිෂ්පාදිත බෝර 12 උණ්ඩ යෙදිය හැකි ගිනි අවියක් සහ ගල්කටස් වර්ගයේ ගිනි අවි දෙකක් සොයාගෙන තිබෙනවා.