බොලිවුඞ් සිනමාවේ මෞලි මංගල්‍යය ලෙස සැලකෙන ෆිල්ම්ෆෙයාර් සිනමා සම්මාන උළෙල 64 වැනි වරට 23 දා අතිඋත්කර්ෂවත් අන්දමින් නිමාව දුටුවා.
‘රාසී’ චිත්‍රපටය හොඳම චිත්‍රපටය ඇතුළු සම්මාන රැසක් එහිදී දිනාගන්න සමත් වූ අතර අලීයා බාත්, රාසී චිත්‍රපටය වෙනුවෙන් හොඳම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වුණා. හොඳම අධ්‍යක්ෂවරයා වූයේ රාසි චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ මෙඝානා ගුල්සාර් යි.
මෙවර හොඳම නළුවා වූයේ රන්බීර් කපූර්. ඒ, ‘සන්ජු’ චිත්‍රපටයේ සංජේ දත්ගේ චරිතය නිරූපණය කරමින් කළ අපූරු රංගනය වෙනුවෙන්. හොඳම නවක නිළිය වූයේ සාරා අලී ඛාන්. ඒ, කෙදර්නාත් චිත්‍රපටය වෙනුවෙන්.
ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ විචාරකයන්ගේ තේරීම ලෙස හොඳම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වූයේ ‘බාදායි හෝ’ චිත්‍රපටයේ නීනා ගුප්තායි. පද්මාවත් චිත්‍රපටය වෙනුවෙන් රන්වීර් සිං විචාරකයන්ගේ තේරීම යටතේ හොඳම නළුවා ලෙස සම්මානය දිනා ගත් අතර විචාරකයන්ගේ තේරීම යටතේ හොඳම චිත්‍රපටය වූයේ ‘අන්ධදුන්’ ය. හොඳම නවක අධ්‍යක්ෂවරයා ලෙස ‘ස්ත්‍රී’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ අමාර් කෞෂික් සම්මානයට පාත්‍ර වීමත් විශ්ශත්වයක් බවට පත් වුනා.
එමෙන්ම අලියා හා රන්බීර්ගේ ආදර සම්බන්ධය මෙතෙක් රහසක්ව පැවති අතර ඔවුන්ගේ ආදරය සමාජ ජාල මාධ්‍යවල ගොසිප් ලෙස පැතිර ගියා. දෙදෙනා එකට ගමන්බිමන් ගියත් ඔවුන් ආදරවන්තයින් ලෙස පිළිගැනීමට සුදානමක් තිබුනේ නැහැ. නමුත් පසුගියදා අලියාගේ උපන්දිනයටත් රන්බිර්ගේ දෙමාපියන් පැමිණ සිටියා. කෙසේ නමුත් සම්මානය ගන්න වේදිකාවට නැගී මොහොතේ අලීයා සිය ආදරය සියල්ලන් ඉදිරියේ රන්බිර්ට ප්‍රකාශ කර සිටියා.