වැලිකඩ පොලිස් වසමේ, ඇතුල්කෝට්ටේ, රාජගිරිය ප්‍රදේශයේ ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වැලිකඩ පොලීසිය විසින් වටලා තිබෙනවා.
වැලිකඩ පොලීසියට ලැබුණු තොරතුරක් හරහා, අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත මෙම වැටලීම සිදුකළ බවයි වැලිකඩ පොලීසිය සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් සැකකාරියන් වයස අවුරුදු 28, 25, 28, 29, 32, 48 යන වයස්වල පසුවන මහව, පරසස්ගස්වැව, මාදම්පේ, පාරනඩුවෙල, පදවිය, නාවලපිටිය, වීරඹුගෙදර යන ප්‍රදේශවල පදිංචිකාරියන් වනවා.