විශ්‍රාමික හමුදා නිලධාරියකුට පුද්ගලයෙකු විසින් මන්නයකින් පහරදී තුවාල සිදු කළ සිද්ධියක් මාතර තුඩාව ප්‍රදේශයෙන් වාර්තා වනවා.
පසුගිය 21 වනදා මාතර පොලිසිය වෙත ලැබුණු පැමිණිල්ලකට අනුව පොලිසිය මෙම සම්බන්ධව පරීක්ෂණ ආරම්භ කර තිබුණා.
පොලිසිය සිදුකරන ලද පරීක්ෂණ වලදී හෙළි වී ඇත්තේ කකුලට කෙළ ගැසීමක් හේතුවෙන් ඇති වූ බහින් බස් වීමකින් දුරදිග යාමෙන් මෙම ආරවුල හටගෙන ඇති බවයි.
දෙදෙනා අතර ඇති වූ බහින් බස්‌වීමෙන් අනතුරුව සැකකරු ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කර තිබෙනවා. එහිදී පොලිසිය විසින් අවවාද කර ඇති බවත් පසුව නිවසේ සිටියදී පුද්ගලයන් කිහිප දෙනකු විසින් මෙම පහරදීම සිදුකර ඇති බව ද පැමිණිල්ලේ සඳහන් වෙයි.