Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
23
"ඕනෑවටත් වඩා මිනිස්සුන්ට හොඳ කරන්න ගිහින් මටයි එයාටයි වැරදුණු තැන් තියෙනවා.." - මුතූ තරංගා

- "ඕනෑවටත් වඩා මිනිස්සුන්ට හොඳ කරන්න ගිහින් මටයි එයාටයි වැරදුණු තැන් තියෙනවා.." - මුතූ තරංගාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,641 Views
"ඒකෙන් අපි හිත් රිද්දවගන්නවා. අපි දෙන්නා දුක් වෙන අවස්ථා බොහෝයි..."

"මුලින්ම මම එයාව දැක්කේ ප්‍රසංගයකදී.."

මට එයාව  මුලින්ම මුණගැහුණේ ප්‍රසංගයකදී. එදා අපි දෙන්නා මුණගැහිලා කතා කළා. හැබැයි ෂෝ එකේ දින වකවානු මට හරියට මතක නැහැ. මට වඩා ඒ හැම දෙයක්ම මතක එයාට තමයි.

ගයනි කියන්නේ මොනවගේ කෙනෙක්ද?
ගයනි නංගිව මම යාළුවෙක් කියනවට වඩා මම හිතන්නේ ගයනි කියන්නේ මට මගේම සහෝදරියක් කියලා. දුක, සතුට හැමදේම බෙදාගන්න පුළුවන් හොඳ සහෝදරියක් විදිහටයි මම ගයනිව දකින්නේ.

ගයනිගේ ගායන හැකියාව ගැන මුතුට මොකද හිතෙන්නේ?
ගයනිට තියෙන්නේ අමුතුම ලස්සන කටහඬක්. කාගෙත් හිත ඇඳගන්න පුළුවන් හරි ලස්සන කටහඬක් එයාට තියෙනවා. එයා වැඩිපුරම විරහා ගීත තමයි ගායනා කරන්නේ. ලංකාවේ ගොඩක් ගායිකාවන්ට නැති මොකද්දෝ වෙනස් හඬක් ගයනිට තියෙනවා. ප්‍රසංගවලදී වුණත් බොහෝ දෙනා එයාගේ ඒ හඬට හරි ආසයි. ඕනෑම තැනක එයාගේ ඒ හඬ හඳුනාගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. එයාට ආවේණික වෙනස් හඬක් තමයි එයාට තියෙන්නේ. එයා ගායනා කරන දික්කසාද පෙම්බරී කියන ගීතයට මම හරි ආසයි.

ගයනිගේ විලාසිතා ගැන මොකද හිතෙන්නේ?
එයා කවදාවත් නොගැලපෙන විලාසිතා කරන්නේ නැහැ. එයා කවදාවත් නොගැලපෙන, කැත විලාසිතා කරන්නේ නැහැ. එයාගේ ඇඳුම්වල පිළිවෙළක් තියෙනවා. අපි පිටරට ගියාමත් එයා ලස්සන ලස්සන ඇඳුම් පැළඳුම් තෝරගන්නවා. හැබැයි ඒ හැමදෙයක්ම එයාට ගැලපෙනවා.

එයාට කේන්ති යනවද?
එයාට එහෙම ලොකුවට කේන්ති යන්නෙනම් නෑ. හැබැයි අසාධාරණයක් දැක්කොත් ගයනි නංගිට කේන්ති යනවා. ඒ හැර එයා ගොඩක් තැන්වලදී ගොඩක් ඉවසනවා.

විදෙස් සංචාරයකට ගියාම අමතක නොවන සිදුවීම් එහෙම වෙලා නැද්ද?
අම්මෝ එහෙම දේවල් වෙලා තියෙනවා. කොරියාවේ ගිය ගමනේදී අපි දෙන්නට ෆෝන් දෙකක් ගන්න ඕන වුණා. කොහොමටත් රටවල්වලට ගියාම අපි ෂොපින් කරන එක තමයි වැඩිපුරම කරන්නේ. ඉතින් කොරියාවේ ගිය ගමනේදී අපි දෙන්නට ෆෝන් දෙකක් ගන්න ඕන වුණා. ඉතින් එහෙම දන්න කියන කඩවල් එහෙමත් නැහැනේ. ඔන්න ඉතින් අපි දන්න අයියා කෙනෙක් අපි දෙන්නට ෆෝන් දෙකක් ගන්න කියලා ගොඩක් දුර එක්කගෙන ගියා. ෆෝන් අරගෙන අපි ලංකාවට ආවා කියමුකෝ. අනේ ඒ ෆෝන් එක ලංකාවේ වැඩ කරන්නේ නැහැ. අපි ටුවර් ගියාම වැඩුපරම කන්නේ ඒ රටේ කෑම. ආයෙ ඉතින් දෙන්නත් එක්ක එක එක කෑම අහ බලනවා.

ගයනි වගේ යාළුවෙක් මුණගැහුණු එක ගැන මුතුට අද මොකද හිතෙන්නේ?
මේ ක්ෂේත්‍රයේ වැඩිය කවුරුවත් මම ළඟින් ආශ්‍රය කරන්නේ නැහැ. ඒ හැමෝම ඒක සුහදයි. හැබැයි ගයනි මට ගොඩක් සමීපයි. එයා මම හිතන විදිහට තමයි හිතන්නේ. මිනිස්සුන්ගේ හිත් රිද්දවන්න හරි අකමැතියි. ඒකෙන් අපි හිත් රිද්දවගන්නවා. අපි දෙන්නා දුක් වෙන අවස්ථා බොහෝයි. ඕනෑවටත් වඩා මිනිස්සුන්ට හොඳ කරන්න ගිහින් මටයි ගයනි නංගිටයි වැරදුණු තැන් තියෙනවා. ඇත්තටම ගයනි කියන්නේ මට මගේම සහෝදරියක් වගේයි.

මේ දවස්වල මුතු මොකද කරන්නේ?
මේ දවස්වල මම මගේ අලුත් ගීතයේ විෂුවල් එකට සූදානම් වෙනවා. ඒක දිව්රාලා කියන්නම් කියන ගීතයයි. ඒක ලිව්වේ සචිත්‍ර චතුරංග. ඒක මියුසික් කළේ චන්දන වල්පොලයි. ළඟදිම ඒකේ විෂුවල් එක කරන්න බලාපොරොත්තු වෙනවා.

දිශානි ජයමාලි



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  9,093 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  3,335 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  3,140 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  30,735 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  3,158 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  1,772 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  7,650 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  3,679 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  1,639 Downloads

Rashmi Dhara - Sameera Weerasinghe
Rashmi Dhara
Sameera Weerasinghe
⤵  1,994 Downloads



Top 10 Commenters

Latest Comments

Top