Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
23
"චරිතා එක්ක වගේම මගේ මිත්‍රයන් එක්කත් සාකච්ඡා කරලා තමයි මේ තීරණය ගත්තේ..." - එඩ්වඩ් ජයකොඩි - Photos

- "චරිතා එක්ක වගේම මගේ මිත්‍රයන් එක්කත් සාකච්ඡා කරලා තමයි මේ තීරණය ගත්තේ..." - එඩ්වඩ් ජයකොඩි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

31,958 Views
"මම ඒ දේවල් අතහරින්න සූදානම් නෑ.."

"ඒ අය ගේ උත්තරය වෙලා තියෙන්නේ මගේ නම.."

ඔහුව හඳුන්වා දීමට වැඩිය අටුවාටීකා අවශ්‍ය නැහැ. නම කියූ පමණින් ඔහුව දන්නා හඳුනනවා. හේ වෙන කවුරුත් නොවේ. විශාරද එඞ්වඞ් ජයකොඩි. ගායකයෙක් ලෙස අතිශය ජනප්‍රිය එඩ්වඩ් දැන් සිනමා රංගනයටත් අවතීර්ණ වෙලා. කාලයක් වේදිකා නාට්‍යට අවශ්‍යම වූ එඩ්වඩ් සිනමා රංගනයට අවතීර්ණ වූ හැටි ඔහු කියයි

එඞ්වඞ් ජයකොඩි ගායනය අතහරින්නද මේ සූදානම් වෙන්නේ. ඇයි මේ රඟපෑමට එන්න හිතුවෙ?
ඔව්. ඇත්තටම සනත්අබේසේකර සූරීන් අධ්‍යක්‍ෂණය කරන ගුත්තිල චිත්‍රපටයේ ගුත්තිලගේ චරිතය රඟපාන්න මට ආරාධනා ලැබුණා. තිස්ස නාගොඩවිතාන මහතා ගේ මැදිහත්වීමෙන් තමයි ඒ ආරාධනය ලැබුණේ. හරේන් සහ දිලිණි තමයි මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ.
 
එතකොට පාසල් යන කාලෙ අපි සාහිත්‍ය විෂය ධාරාවට ගුත්තිල කාව්‍ය ඉගෙන ගන්නවා. ඒ අතරේ සංගීත පන්තියේදීත් ගුත්තිලයේ කවි නාද අනුව ගයන්නත් සංගීත සර් උගන්වනවා. ඉතිං මට පොඩි කාලේ ඉඳන් ගුත්තිලය ගැන හැඟීමක් තිබුණා ඉතිං මේකට ආරාධනා ලැබුණහම මුලින්ම ටිකක් අදිමදි කළා. චරිතා එක්ක වගේම මගේ මිත්‍රයන් එක්කත් සාකච්ඡා කරලා තමයි මේ තීරණය ගත්තේ.
 
ඇයි මේ වගේ තීරණයක් ගත්තේ?
මොකද මේක සංගීතමය කතාවක්නේ. එතකොට මේ චිත්‍රපටයත් සංගීතමය ස්වරූපයක් ගන්නවා. සංගීතය කරන නව පරපුරේ දිනේෂ් සුභසිංහ තමයි සංගීතය සපයන්නේ. අනික මම රඟපෑම කළා කියලා ගායනය අතහරින්න සූදානම් නෑ. මම සංගීතයට ඍජුව සම්බන්ධ වෙන්නත් කලින් වේදිකාවේ රංගනය සිදු කළ කෙනෙක්.
 
එහෙනම් ඔබේ වේදිකා රංගනය දෙසට හැරෙමු නේද?
ලයනල් වෙන්ඞ්ට් ශිල්ප ශාලාවේ ධම්ම ජාගොඩයන් යටතේ මම පාඨමාලාවක් පවා හදාරලා තියෙනවා. ඒ පාඨමාලාව හදාරපු හුඟාක් අය අපේ ලංකාවේ ඉහළම තලයේ ඉන්න අය. ඉතිං මේකත් අභියෝගයක් වේවි. වේදිකාවේ රංගනනය එකක්” සිනමාවේ රංගනය තව එකක්. ගුත්තිල කියන්නෙ බෝසත් චරිතයක්. බෝසත් චරිතයක් කරන්නට හිත එකඟ කර ගැනීම පවා ලොකු දෙයක් කියලයි මට හැෙඟන්නේ. මේ බෝසත් චරිතයට ගෞරවයක් ලබාදෙන්න හැකි වුණොත් තමයි මට ලොකු සතුටක් ඇති වෙන්නේ.
 
මේ ආරාධනාවට චරිතා අක්කා එහෙම මොකද කිව්වේ? එතකොට පුතා සහ දුව එහෙම?
මම මේ ආරාධනාව එකපයින් භාර ගත්තේ නෑ. මම හිතන්නෙ තිස්ස නාගොඩවිතාන මහත්තයා” මාව හම්බවෙන හැම තැනකදීම කිව්වේ ඔබ තමයි මේකට සුදුසුම කියලා. ඔහු මේ ක්‍ෂේත්‍රයේ ඉන්න අයගෙන් මේ චරිතයට ගන්නේ කාවද කියලත් අහලා තියෙනවා. ඉතිං ඒ අය ගේ උත්තරය වෙලා තියෙන්නේ මගේ නම. මටත් ඒ ගැන හරි සන්තෝසයි. මේක ඇත්තටම සැහැල්ලූ චරිතයක් නෙමෙයි. බොහොම ඇපකැප වීමෙන් තමයි මේ චරිතයට පිවිසෙන්න ඕනෑ. පසුගිය 07 වැනිදා කැලණි විහාරයේ මේ චිත්‍රපටයේ මුහුරත් උළෙල පැවැත් වුණා.
 
එඞ්වඞ් ජයකොඩි කියන ගායකයා එහෙමත් නැතිනම් සංගීතඥයා රඟපෑමට ඒම සුවිශේෂයි. මේක කොහොමද ඔබ දකින්නේ?
මමත් ඇත්තටම හිතනවා මේ අවස්ථාව සුවිශේෂී සිද්ධියක් වේවි කියලා. ඒ අතරේ මම නැවත නැවතත් කියනවා මට රඟපෑම අලූත් දෙයක් නොවන බවත්” මොකද මම අංගාරා ගඟ ගලා බසී” සෙක්කුව” ගජමන් පුවත” නරිබෑනා” ස්පාඨක වගේ නාට්‍ය රැසක සුළු චරිත වගේම ප්‍රධාන චරිතවලට රංගනයෙන් දායක වෙලා තියෙනවා. අපිට මතකයි වේදිකාවේ දක්‍ෂතා පෙන්වපු බොහෝ දෙනෙක් තමයි සිනමාව ජයගත්තේ. ඒ වගේම සිනමාවට අවතීර්ණ වුණේ. ඉතිං ඒ නිසා මටත් මේක හොඳ අත්දැකීමක් කියල හිතෙනවා. ඇයි මෙයාව මේ චරිතයට තෝරා ගත්තේ කියලා හිතයි. මම වේදිකා නාට්‍ය රංගන ශිල්පියෙක් කියලා තවම නොදන්න අයත් ඉන්නවානේ.
 
මේ ආරාධනාවත් එක්ක ඔබට දිගටම රඟපාන්න ආරාධනා ලැබුණොත් මොකද කරන්නේ?
ඇත්තටම මේ ගැන චරිතයි මායි බොහෝ දුරට සාකච්ඡා කළා. අපේ පුත්‍රයා චන්දීප නම් මම සිනමාවට සම්බන්ධ වෙනවාට එකහෙළාම කැමැති වුණේ නෑ. ඒ ගොල්ලොත් හරියට මගේ වේදිකා රංගනය ගැන දන්නේ නැහැනේ. මම එකවරක ජාතික තරුණ සේවා සභාව මගින් පැවත්වූ යෞවන සම්මාන උළෙලේ ප්‍රේමලාල් දංගේගේ මුහන්දිරම් හාමුදුරුවෝ නාට්‍යයේ ද්විත්ව රංගනයක යෙදුණා. ඒ චරිතයට මට හොඳම සහාය නළුවාට හිමි සම්මානය පවා ලැබුණා. ඒ අතරේ හොඳම වේදිකා නාට්‍ය සංගීතයට පවා මට සම්මාන ලැබිලා තියෙනවා. වේදිකා නාට්‍යය පිළිබඳ අවබෝධයක් නැතිනම් එහි සංගීතයත් කරන්න බැහැ. මම මේ වැඬේ භාරගත්තේ ඇත්තටම මේක හොඳ පිටපතක්. යශෝධත් මේ චිත්‍රපටයේ චරිතයකට ඉන්නවා. මමයි” චරිතයි යශෝධත් සමගත් මේ ගැන කතා බහ කළා. ඉස්සරවෙලා මේක කරලා බලමු.
 
මේක සංගීතමය චරිතයක්. බෝසත් චරිතයක්. ඒ නිසාමයි මේ චරිතය භාර ගත්තේ. කොහොමත් දිගින් දිගටම රඟපාන්න මගේ අදහසක් නැහැ. මොකද රඟපෑම කියන්නේ හරිම බැරුම් කාර්යයක්. විශාල කාලයක් වැය කරන්න ඕනෑ වගේම ලොකු කැප කිරීමකුත් සිදු කරන්න ඕනෑ. සංගීතය කියන එක මගේ විෂයනෙ. මට ඕනෑ වෙලාවක ඒක හසුරුවා ගන්න පුළුවන්. ඒක හින්දා මේ වගේ බැ?රුම් දේවල්වලට අතදානකොට අත්දැකීම් ලබලා බලන්න ඕනෑ. ඊට පස්සේ තව අවුරුද්දකින් විතර ඔය ප්‍රශ්නය ඇහැව්වොත් හරිම උත්තරය දෙන්න පුළුවන්.
 
මේ අතරේ සුවිශේෂී ප්‍රසංගයකට සූදානම් වෙනවා කියලත් ආරංචියි.
ඔව්. මගේ උපන්දිනයදා ඒ කියන්නේ අප්‍රේල් 06 වැනිදා අපි වෙනස්ම ප්‍රසංගයක් පවත්වන්න සූදානම් වෙනවා. අපි මාරම්බරී දීර්ඝ ගමනක් ආවානේ. මාරම්බරී 125 වැනි ප්‍රසංගය දක්වා මාවතට වැටිලයි තියෙන්නේ. ඉතිං ඒ නිමිත්තෙන් වෙනත් ආරක ප්‍රසංගයක් ‘නෙතු දැහැන්. කියලා පවත්වන්න සූදානම් වෙනවා. මේකට අපි ඉංගී‍්‍රසි තේමා පාඨයක් දාලා තියෙනවා. ඒ තමයි Song from the heart කියලා. හදවතින් නැගෙන ගීත. ඉතිං මම ඇත්තටම හැත්තෑව දශකයේ ඉඳලා ගීත ගයනවා. චරිතා අසූව දශකයේ ඉඳලා ගීත ගයනවා. ඒ නිිසා අපි දෙන්නා විවිධ ආරයේ ගීත ගයලා තියෙනවා. ඔය අතරේ ආදර ගීත රැසක්ම තියෙනවා. මාරම්බරී ප්‍රසංගයේ ඇහෙන්නේ නැති ගීත තමයි අපි මේ ප්‍රසංගයට තෝරා ගත්තේ.
 
මේ ප්‍රසංගය කවදාද? කොහේදීද? කීයටද? තියෙන්නේ.
මේ ප්‍රසංගය අපි නම් කරලා තියෙන්නේ එඞ්වඞ්” චරිතා” චන්දීප ‘නෙතු දැහැන්. ආදර ගීත දැහැන කියලා. මේක තියෙන්නේ මගේ උපන්දිනය දවසේ. ඒ කියන්නේ අප්‍රේල් 06 වැනිදා නෙළුම් පොකුණ රඟහලේ දී රාත්‍රි 6.30 ට.
 
‘නෙතු දැහැන්. ප්‍රසංගයත් මාරම්බරී ප්‍රසංගය වගේ රට වටා ගෙනියන්න අදහසක් තියෙනවද?
මෙහෙමයි. අපි මාරම්බරී පටන් ගත්තේ රටවටා යනවා කියලා නෙමෙයි. ඇත්තටම මාරම්බරී පටන් ගත්තේ කොහොම හරි ප්‍රසංග දහයක් පවත්වනවා කියන අදහසින්. අන්තිමේ විවිධ තැන්වලින් මේ ප්‍රසංගයට ආරාධනා ගලා ගෙන ආවා. ඒ හින්දා තමයි මාරම්බරී 125 දක්වා ප්‍රසංග මාලාවකට යන්න පුළුවන් වුණේ.
 
මේ ප්‍රසංගයේ ගැයෙන ගීත මාරම්බරී ප්‍රසංගයට වඩා සුවිශේෂයි. එහෙමද?
ඔව්. මාරම්බරී ප්‍රසංගයට වඩා සම්පූර්ණයෙන් ම වෙනස්. ආදර ගීත රැසක් තියෙනවා. සමහර ගීතවල නවතාවක් තියෙනවා. සුරේෂ්ගේ සංගීතයත් එහෙමනේ. පොඩි නවතාවයක් තියෙනවානේ. අපේ පුතාගේ සංගීතයත් තියෙනවා. ඔය අතරේ මම තනු නිර්මාණය කරපු අංගයක් තියෙනවා.
 
දැන් ඉතිං මාරම්බරී ප්‍රසංගය නවත්වන්න ද කල්පනාව.?
නෑ. නෑ. එහෙම නෑ. මේක ප්‍රසංග දෙකක්. තවම මාරම්බරී ප්‍රසංගය නොගිය පළාත් තියෙනවානේ. ඒ පළාත් ඉලක්ක කරලා තමයි නෙතු දැහැන් ප්‍රසංගය පවත්වන්නේ. මාරම්බරී ප්‍රසංගයට අදටත් ලොකු ඉල්ලූමක් තියෙනවා. ඉදිරියේ දී විදෙස් සංචාර කිහිපයක් වගේම ලංකාවෙත් ප්‍රදේශ කිහිපයක මාරම්බරී ප්‍රසංගයට ආරාධනා ලැබිලා තියෙනවා.
 
මම යළිත් කියනවා මාරම්බරී කියන්නේ මගේ ඒක පුද්ගල ප්‍රසංගය. නෙතු දැහැන් කියන්නේ අපි තුන්දෙනාගේම දක්‍ෂතා බලන්න පුළුවන් ප්‍රසංගයක්. ඉතිං මාරම්බරී ප්‍රසංගයට කැමැති අයට මාරම්බරී සංවිධානය කරන්න පුළුවන්. නෙතු දැහැන් ප්‍රසංගයට කැමැති අයට නෙතු දැහැන් ප්‍රසංගය සංවිධානය කරන්න පුළුවන්. කවදාවත් අපි තාරුණ්‍යය අතහරින්න හොඳ නැහැනේ. මොකද අපිත් තරුණයෝ වෙලා හිටියානේ. අපිව අපේ ජ්‍යෙෂ්ඨයෝ අතහැරියේ නැති හින්දානේ අපි මේ තත්ත්වයට පත් වුණේ කියන හැඟීම මට තියෙනවා. ඒ එක්කම අද තරුණ පරපුර එදා තරුණ පරපුරට වඩා වෙනස්” වෙනස මොකක්ද කියලා හොය හොයා ඉන්නවාට වඩා අපේ තරුණ පරපුර අපිත් එක්ක යා කරගන්න පාලමක් දැන්ම අපි හදා තියන්න ඕනෑ. ඒහින්දා ඔවුන්ගේ සංගීත ආරවල් තියෙනවානේ. ඒවත් එක්ක කොහොමද අපි සැසඳෙන්නේ. අපේ සංගීත ආරවල් එක්ක ඔවුන් කොහොමද සැසඳෙන්නේ. බද්ධ වෙන්නේ කියන කාරණාව මේ සියල්ලටම උත්තරයක් තමයි නෙතු දැහැන් ප්‍රසංගය.
 
 
 දිනේෂ් විතාන




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  9,533 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  11,620 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  5,255 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  2,528 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  1,827 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  802 Downloads

Nuba Sanda Wagemai - Mithila Ilesinghe
Nuba Sanda Wagemai
Mithila Ilesinghe
⤵  901 Downloads

Hitha Gaawa - Indika Kuruppuarachchi
Hitha Gaawa
Indika Kuruppuarachchi
⤵  2,986 Downloads

Awasan Mohothai (Sudu Manika) - Samith Nadeeshan Godage
Awasan Mohothai (Sudu Manika)
Samith Nadeeshan Godage
⤵  23,961 Downloads

Mal Thuhinaye - Roony
Mal Thuhinaye
Roony
⤵  2,542 Downloads



Top 10 Commenters

Latest Comments

Top