"තුන් වතාවක් ගෙළ කපාගත්තත් මැරුණේ නැහැ.."
" දුක්මහන්සියෙන් හරි හම්බ කරනා මුදලින් සැපවත් ජිවිතයක් දුන්නා.."
තමන්ට දැඩි ලෙස ආදරය කරන විවාහක සැමියාට පැරණි ප්‍රේම සබඳතා පැවසිමට නොහැකිවුවා යැයි සිත් තැවුලෙන් සිටි වව්නියාවේ දෙදරු මවක් සියදිවි නසාගෙන ඇති බවට වාර්තා වෙනවා.
වව්නියාව, නෙලුම්කුලම, වටරවුම් පාර පදිංචිව සිටි වසන්තා රූබන් නැමැති තිස් දෙහැවිරිදි කාන්තාව මෙසේ සියදිවි නසාගෙන ඇති බවයි සදහන් වන්නේ.
මෙම මිය ගිය කාන්තාවට වයස අවුරුදු 12 ක හා වයස අවුරුදු 5 දරුවන් දෙදෙනෙකු සිටින අතර සැමියා ඇල්ජිරියාව රටේ සේවය කරයි.
මෙම කාන්තාව විවාහ විමට ප්‍රථම ආදර සබඳතා කිහිපයක්ම පවත්වා ඇති බවත් ඒවා විවාහයේදි සැමියාට කිමට නොහැකි වුවායැයි සිත් තැවුලට පත්ව ඇති බවත් සදහන්.
සැමියා විදේශයේ සිට දුක්මහන්සියෙන් හරි හම්බ කරනා මුදලින් තමන්ට සැපවත් ජිවිතයක් ලබා දිමට සුඛොපභෝගි නිවසක් පවා තනා දිම කෙරෙහි ඇය පසුව ඇත්තේ දැඩි කනස්සල්ලෙන් බවත් සැමියාගේ ආදරය දරා ගැනිමට නොහැකිව ඇය ජංගම දුරකථනයේ වට්ස්ඇප් හරහා සැමියාට මේ බව ප්‍රකාශ කරමින් පණිවිඩ යවා පසුව ඇය තෙවරක්ම ගෙල කපාගෙන ඇති නමුත් ඉන් මරණයට පත් නොවිම නිසා ඇය නිවසේ ළිඳට පැන සියදිවි නසාගෙන ඇති බවද මුලික පොලිස් විමර්ශන වලදි හෙලිව ඇති බව සදහන්.
උතුර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතාගේ නියෝග මත වව්නියාව දිස්ත්‍රික් භාර නියෝජ්‍ය පොලිස්පති අනුර අබේවික්‍රමගේ අධික්ෂණයෙන් වව්නියාව මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක මහින්ද විල්ලොවආරච්චි මහතාගේ මෙහෙයවිමෙන් උප පොලිස් පරික්ෂක ඩිලාන් රාජපක්ෂ ඇතුලු නිළධාරින් කණ්ඩායමක් මේ පිලිබද විමර්ශන පවත්වයි.