ගල්කිස්ස ප්‍රදේශයේ ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් ගල්කිස්ස පොලීසිය මඟින් පසුගියදා (21) වනදා සවස වටලා තිබෙනවා.
ගල්කිස්ස පොලිස් ස්ථානයට ලැබුණු තොරතුරක් අනුව ගල්කිස්ස ගරු මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත මෙම වැටලීම සිදු කළ බවයි ගල්කිස්ස පොලීසිය සඳහන් කළේ.
මෙම වැටලීමේදී ගණිකා නිවාසය කළමණාකරනය කිරීම සම්බන්ධයෙන් එක් සැකකාරියක් හා ගණිකා වෘත්තියේ යෙදීමේ අරමුණින් එහි සිටි තවත් සැකකාරියන් දෙදෙනෙකු ද පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකාරියන් වයස අවුරුදු 32 සහ 39ක් වන පන්නිපිටිය හා රාගම යන ප්‍රදේශවල පදිංචිකාරියන් වනවා.
සැකකාර කාන්තාවන් තිදෙනා අද(22) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.
ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබනවා.