අනතුරුව ඊට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩුවක් පැවරූ අතර ඒ අනුව ඇගේ වැඩ තහනම ඉවත් කර ඇය යළි සේවයේ පිහිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරනු ලැබුවා.
අපයෝජන නඩුව කොළඹ මහේස්ත්‍රාත් උසාවියේ විභාග වූ අතර මීට පෙර හිටපු මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා මෙම ගුරුවරයා නිදොස් කර නිදහස් කර තිබෙනවා.
ඊට එරෙහිව ගුරුවරිය මහාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළ අතර මහාධිකරණය මෙම ගුරුවරයා වැරදිකරු කරනු ලැබ ඔහුට දඬුවම් නියම කිරීමට යළි මහේස්ත්‍රාත් අධිකරණයට එවීමට කටයුතු කළා.
ඒ අනුව අද(21) නඩුව කැඳවූ කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා මෙම ගුරුවරයාගෙන් වන්දි අවශ්‍යදැයි ගුරුවරියගෙන් විමසා සිටියා.
එසේ වන්දි අවශ්‍ය නොවන අතර ඔහුට දඬුවමක් නියම කරන්නැයි ගුරුවරිය ඉල්ලා සිටියා.
ඒ අනුව ගුරුවරිය අපයෝජනය කිරීමට වැරදිකරු වූ එම විද්‍යාලයේ හිටපු ගුරුවරයකු වන තිළිණ මාලේගොඩ මහතාට වසරක සිර දඬුවමක් නියම කළ මහේස්ත්‍රාත්වරයා ඔහුගේ පෙර වැරදි නොමැති නිසා එම දඬුවම වසර පහකට අත්හිටුවීමට ද නියෝග කළා.
ඊට අමතරව රුපියල් 1,500ක දඩයක්ද නියම කරනු ලැබුවා.