කෑගල්ල - බුලත්කොහුපිටිය ප්‍රධාන මාර්ගයේ ධාවනය කරන පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයෙක් කාත් කවුරුවත් නොමැති ආබාධිත තරුණියකට ලිංගික අතවරයක් කිරීමෙන් පසු ගැබිනියක් බවට පත්වී ඇති අතර ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය නිලධාරිනියක් ඇය කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති පුවතක් වාර්තා වනවා.
මෙලෙස කෑගල්ල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින්නේ බුලත්කොහුපිටිය පොලිස් වසමේ පදිංචි ආබාධිත තරුණියක් වන අතර ඇයගේ දෙමාපියන් නොමැති බවත් ඇය ජීවත්වී ඇත්තේ ඥාති නිවෙසක බවත් පොලිසිය පවසනවා.
මෙම කොන්දොස්තරවරයා කිහිප විටක්ම මෙම තරුණිය දුෂණයට ලක්කර ඇති අතර ඔහු දෙදරු පියෙක්ද වන බවයි පොලිසිය පවසන්නේ.
දැනට මෙම තරුණිය කෑගල්ල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින අතර සැකකරු සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බව පොලිසිය පවසනවා.