මීට පැය කිහිපයකට පෙර ලොව වැඩිම පිරිසක් පැමිණෙන සමාජජාල වෙබ් අඩවිය වූ ෆේස්බුක් හි හදිසියේ බිඳ වැටීමක් ඇතිවුනා. විනාඩි 35ක පමණ කාලයක් එයට පිවිසීමේ හැකියාවක් නොලැබුණු අතර මේ සම්බන්ධයෙන් අන්තර්ජාලය පුරා බොහෝ පිරිසක් සොයාබලන්නට වුනා.
මේ වන විට වාර්තාවන තොරතුරු අනුව මෙය හැකර් ප්‍රහාරයක් විය හැකි බවයි විදෙස් මාධ්‍ය මෙන්ම වෙබ් අඩවි පවසන්නේ. ඔවුන් එසේ ප්‍රකාශ කිරීමට හේතු වී ඇත්තේ හැකර් ප්‍රහාර සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන "Lizard Squad" නම් හැකර්වරුන්ගේ කණ්ඩායම ඔවුන්ගේ ට්විටර් ගිණුමේ පළකල ඇති පණිවුඩයක්ද සමඟයි.
එහි ඔවුන් සඳහන් කර ඇත්තේ ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, ටින්ඩර් යන වෙබ් අඩවි අඩපණ වී ඇති බවත් මෙවැනි සයිබර් ප්‍රහාර ඉදිරියේදීද බලාපොරොත්තු වන ලෙසයි. එමෙන්ම පසුගියදා මැලේසියානු ගුවන් සේවයට අයත් වෙබ් අඩවියටද මොවුන් විසින් සයිබර් ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවා..
ඔවුන්ගේ ට්විටර් ගිණුමේ පණිවුඩ පහතින්....
Update :- 2015/01/27 01.00 PM
-------------------------------------------------
ලොව පුරා ජනප්‍රිය සමාජජාල වෙඩ් අඩවියක් වන ෆේස්බුක් හි හදිසි බිඳවැටීමක් සිදුව ඇති බවට වාර්තා වුනා.
ශ්‍රී ලංකාව මෙන්ම ලෝකයේ බොහෝ රටවල්වලට එයට පිවිසීමට නොහැකි තත්වයක් උද්ගතවූ බවයි වාර්තා වන්නේ. තමන්ට ෆේස්බුක් වෙබ් අඩවියට පිවිසිය නොහැකි බවට එහි පරිශිලකයින් රැසක් ට්විටර් ඔස්සේ පණිවුඩ පලකර තිබුනා.
කෙසේ නමුත් මෙය යථාතත්වයට පත්කිරීමට ෆේස්බුක් සමාගම කටයුතු කරමින් සිටින බවයි පැවසෙන්නේ.
මින් පෙර පිවිසෙන විට පෙනනු අයුරු