වත්මන් ආණ්ඩුව තම දේශපාලන බලය භාවිත කර විපක්ෂය ඉලක්ක කර නඩු මෙහෙයවීම තුළින් නීතියේ ආධිපත්‍යය බිඳ වැටී ඇති බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
කෑගල්ල ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් විපක්ෂනායකවරයා මේ අදහස් පළ කළා.
කෑගල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු නීතීඥ සංගමය පිහිටුවීම විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.
විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා..
"නීතියේ ආධිපත්‍ය ගැන එදා කතා කළා. අද කොහෙද තියෙන්නේ නීතියේ ආධිපත්‍යය. මේ ආණ්ඩුව නීතිය වල්වද්දලා කිව්වත් වැරදි නැහැ. ඔවුන්ට ඕනෑ දේවල් ඔවුන් කරනවා. ඔවුන්ගේ බලය තියෙන නිසා. අපිට බොහොම පැහැදිලිව පේනවා ආණ්ඩුව ආණ්ඩුවට ඕනෑ වැඩේ කරගෙන යනවා. අවුරුදු 4 ක් තිස්සේ පළිගත්තා. අලුත් අධිකරණ පිහිටෙවුවා. තෝරාගත්ත මිනිස්සුන්ට විරුද්ධව නඩු පැවරුවා. කවුද මේකට තෝරගන්නේ නඩු. නීතිපතිට උපදෙස් දෙන්නේ කවුද? ඇමතිවරයා රාත්‍රි කාලයේදී තමයි ෆයිල් ටික භාරදුන්නේ නීතිපතිවරයාට එතනින් නීතිපතිවරයා යවනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍රවිනිශ්චයකාරවරයාට. අග්‍රවිනිශ්චයකාරවරයා ෆයිල් ටික මෙහාට එවනවා නඩුවට ඕක අපි එළියෙදි කිව්වාම ඔවුන් අපිට දොස් කියනවා මිසක් නිවැරදි කරගන්න මහන්සි ගන්නේ නැහැ. මේ නඩු තෝරන ආකාරය පිළිබදවත් CID එකට නොගිහින් හිටිය කෙනෙක් නැහැ විපක්ෂයේ. අපිට කවුරුහරි මැතිවරණයට මුදල් ටිකක් දුන්නා නම් ඒ පස්සෙන් ගිහිල්ලා ඔවුන්ගෙනුත් ප්‍රශ්න කරන්න පටන් ගත්තා FCID ය. නීති විරෝධී ලෙස FCID එක හදලා නීති විරෝධී ලෙස පරීක්ෂණ පවත්වලා නීති විරෝධී ලෙස අද නඩු පවරමින් යනවා. මේක සම්පූර්ණ දේශපාලන වුවමනාවට කරපු වැඩක්. අදත් දේශපාලන වශයෙන් මේ කටයුතු ඉටු කරමින් යනවා. කොහෙ හරි ඇක්සිඩන්ට් වෙලා මරුණා නම් ඒක රාජපක්ෂ තමයි මරලා තියෙන්නේ. තාජුඩීන් ගැන කතා කරපු කතා කිරීම. හොඳටම දන්නවා මේක ඇක්සිඩන්ට් එකක් කියලා. පැයකට 175 ක විතර වේගයෙන් වාහනයක් හප්පලා ඒ වාහනයෙන් පැනලා බේරෙන්න පුළුවන් මිනිහෙක් ඉන්නවා නම් රියදුරෙක් ඒ මිනිහා විශ්මකර්මයෙක් වෙනවා. එහෙම නැත්නම් ෆිල්ම්ස්වල තියෙන්නේ නයිට් රයිඩර් වගේ වෙයි. මේ මරලා ඇතුළට දාලා ඒ ස්පීඩ් එකට තල්ලු කරලා දාලා හප්පන්න පුළුවන් නම් මම හිතන්නේ ඒකත් මහා විශ්මයකර්ම වැඩක්. පහර දෙන්න ඕනෑ වුණාම බොරු නඩු හදන්න බොරු ප්‍රචාර කරන්න කටයුතු කරනවා. අද බලන්න දූෂණය. මහ බැංකුව ඒ වංචාව යටගැහිලා තියෙනවා. ඒ ගැන වැඩි පරීක්ෂණණ නැහැ. ඒ ගැන මිනිස්සු කතා කරන්නේ නැහැ. ඒ තත්ත්වයට වට්ටන්න තමයි හදනප්නේ. අපි හොරු හොරු හොරු කිව්වා. හැම වැඩේම කළාම මේකෙන් ගැහුවා, අරකෙන් ගැහුවා කිය කිය හිටියා. අන්තිමට බිලියන 18 ක් ගත්තා කියලා කිව්වා, ඩොලර්. මම මේ ළඟදි බැලුවා ට්‍රම්ප්ටත් තියෙන්නේ බිලියන 2 යි. ඔහුගේ වත්කම ඉතින් මේක ඇහුවාම කෑගල්ලෙනුත් ආවා මම දැක්කා අදත් ඉන්නවා ඇවිල්ලා සල්ලි ටිකක් ඉල්ලනවා. ඉල්ලන්නේ පොඩි ගණන් නෙමෙයි. මේ මිනිස්සුන්ගේ ඔළුවට වැදිලා තියෙන තත්ත්වය. මම අර මගේ පුතාගේ මඟුල් ගෙදරට ආරාධනා කරාම හැමදාම අපේ රැස්වීම්වලට එන කාත්නාවෝ දෙන්නෙක්. මගෙන් අහනවා සර් අර ඇපල් වත්තෙද තියෙන්නේ කියලා. වීරකැටිය වත්තේ තියන්නේ කිව්වාම ඒ ඇපල් වත්තද කියලා අහනවා. මම කිව්වා ඔව් කියලා. ඇවිල්ලා බලන්නකෝ ඇපල් තියෙන හැටි. ඔයත් ඕනෙ නම් ටිකක් කඩාගෙන යන්න කියලා. හැමදාම කියන්න පටන් ගත්තාම ඒ බොරුව මිනිස්සු පිළිගන්න පුරුදු වෙනවා. මේක තමයි මේ කට්ටිය ආපහු කරන්න යන්නේ" VIDEO