Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
18
" අපි පාසැලෙන් අස් වෙනවත් එක්ක අපිට මුණගැහෙන්න ලැබුණේ නැහැ. ඒ නිසා අපි දෙන්න ටිකෙන් ටික ඈත්වුණා..." දෙව්නක පෝරගේ - Photos

- " අපි පාසැලෙන් අස් වෙනවත් එක්ක අපිට මුණගැහෙන්න ලැබුණේ නැහැ. ඒ නිසා අපි දෙන්න ටිකෙන් ටික ඈත්වුණා..." දෙව්නක පෝරගේ - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

138 Views
"අපිට ගැලපෙන කෙනා හමුවුණේ නැතිනම් හිත් රිදීම් වැඩියි.."

"මම ගොඩක් විදෙව්වා කියලා එයාලා දන්නවා.."

දෙව්නක පෝරගේ කියන්නෙ තාරුණ්‍යයේ ආදර හිත් පුබුදු කළ තරුණයෙක්. පසුගියදා ඝරසරප හි පෙම්වතා ලෙස දෙව්නක තිරය මත ඇදි පෙම්බර සිතුවම සිහිවන හැම වාරයකම ඔහුගේ ආදරය ගැන මෙහෙම හිතන්න මගේ හිත පොළඹවනවා. ඒ සිතුවිල්ල නම් දෙව්නක කියන්නේ හැබෑ දිවියෙත් ඉතාම හැගුම්බර පෙම්වතෙක් වෙන්නම ඇති කියලා.මේ ඔහු ආදරය ගැන කියන කතාවයි.
දෙව්නක අද ඔබ කාගේ හෝ ආදරයකට අයිතිකාරයෙක්ද?
මම කාලෙකින් කාටවත් ආදරය කළේ නැහැ. ආදරය කියන අකුරු හතර පස්සේ මම දුවන්නේ නැහැ. මට හරියන කෙනෙක් හමුවෙනතුරු මම ඉවසීමෙන් බලාගෙන ඉන්නවා. හරිකෙනෙක් හමුවුණහම මම ආදරය කරනවා.
 
ජනප්‍රියත්වය වැඩිවෙද්දි ආදර ඇරයුම් වැඩිවුණාද?
ආදරයට ආරාධනා නම් ගොඩක් ලැබෙනවා. එහෙමයි කියලා මම ඒ අයව ළගට ගන්නේ නැහැ. කොහොමත් මම නාදුනන අයව සමීපයට ගන්නේ නැහැ. ඒත් ගොඩක් අයගේ ආදරය ලැබෙනවට ඕනෑම කෙනෙක් කැමැතියිනේ. මමත් එහෙමයි.
රසිකයන්ගෙන් ලැබෙන ආදරයට මම කැමැතියි.

තරුණයෙක් විදිහට දෙව්නකගේ හිතයි නෙතයි නතරවුණ පෙම්බර ඇස් අයිති කාටද?
හිත ගිය තැන් කිහිපයක් තියෙනවා. පාසැල් වියේ තමයි මම හරියටම ආදරය කළ කෙනා හිටියේ. ඊට පස්සේ මගේ හිතට වැදුණ කෙනෙක් මට හමුවුණේ නැහැ.
 
ඒ ආදරය ඔබෙන් මිදිලා ඈතකට ගියේ ඇයි?
අපි පාසැලෙන් අස් වෙනවත් එක්ක අපිට මුණගැහෙන්න ලැබුණේ නැහැ. ඒ නිසා අපි දෙන්න ටිකෙන් ටික ඈත්වුණා.
 
තිරයේදී පෙම්වතා වෙන එක පහසු දෙයක්ද?
තිරයේ පෙම්වතා වෙන එක අමාරු නැහැ. හැබැයි මගේ සහාය නිළිය මට ගැළපෙන කෙනෙක් වෙන්න ඕනෑ. අපි අතර මිත්‍රත්වයක් ඇතිවුණොත් අපිට ළංවෙලා රගපාන්න පුළුවන් වෙන තරමට අපිට හිතවත්කමක් ගොඩනැගුනට පස්සේ ඒ කෙනා එක්ක පෙම්වතාගේ චරිතය රගපාන එක අපහසු නැහැ.
 
තිරයේ හමුවුණ පළමු පෙම්වතිය ගැන මොකද හිතන්නේ ?
ඝරසරප චිත්‍රපටයේ මගේ පෙම්වතිය විදිහට රගපෑවේ කාවින්ද්‍යා. එයා මට බොහොම හිතවත් යෙහෙළියක්. ඒ නිසා අපහසුවකින් තොරව අපිට ඒ චරිතය රඟපාන්න පුළුවන් වුණා.
 
දෙව්නක හැබෑ දිවියේත් පෙම්වතාගේ චරිතය ඒ තරමටම පහසු එකක්ද?
හැබෑ දිවියේ පෙම්වතා වෙන එක ගොඩක් අසීරු දෙයක්. අපිට ගැලපෙන කෙනා හමුවුණේ නැතිනම් හිත් රිදීම් වැඩියි. මම කියන්නේ නැහැ ආදරය අසුන්දර දෙයක් කියලා. නොගැලපීම් එද්දි එකිනෙකා අතර මතවාද ගොඩ නැගෙද්දි අපි සොදුරුයි කියා වැළදගත්ත ආදරයම හිත් රිදවීමකින් කෙළවර වෙනවා.
 
දෙව්නක ආදරයේදී මොනවගේ චරිතයක්ද?
මම ආදරයේදී හරිම සංවේදි කෙනෙක්. සමහර වෙලාවට මම ඕනෑවටත් වැඩිය සංවේදීද කියලත් හිතෙනවා. මගේ හිත ඉක්මණින්ම ගොඩක් රිදෙනවා. ඒත් මම ඉක්මණින් හිත හදාගන්නවා.
 
දෙව්නකගේ හිතේ ඉන්න සිහින කුමරියගෙන් ඔබ පතන්නේ?
ආදරයට සීමා මායිම් නැහැ. මම කෙනෙකුට ආදරය කරනවිට මම එයාට දෙන තරමටම මටත් ඇයගෙන් ආදරය ලැබෙන්න ඕනෑ කියලා මම හිතනවා. ආදරය කරත්දි මම කාටවත් අණකරන කෙනෙක් නෙවෙයි. ඔයා මෙහෙම කරන්න. මේ දේ නොකරන්න කියලා මම හිතනවා. එයා දැනගන්න ඕනෑ හරිදේ කරන්න.
 
මේ සිහින කුමරිය කලා ලෝකයෙන්ම ලැබෙන්න කියලා අප ඔබ වෙනුවෙන් පතන්නද?
මම හැමදාමත් හිතුවේ කලාවෙන් කෙනෙක් තෝරගන්නේ නැහැ කියලා. තවමත් ඒ සිතුවිල්ලේම තමයි ඉන්නේ.
 
පවුුලේ එකම දරුවා විදිහට ඔබගේ ආදර කතාවලදී දෙමව්පියන් වැඩියෙන් මැදිහත් වෙනවාද?
මගේ අම්මයි තාත්තයි මට එහෙම නීති රීති දාලා නැහැ. අම්මලා දන්නවා මම කෙනෙක් හොයාගන්නවා නම් හරි කෙනෙක් තෝරගන්නවා කියලා. අම්මලා දන්නව මට ආදරය නිසා ගොඩක් වැරදුණා කියලා. ඒ නිසා මම ගොඩක් විදෙව්වා කියලා.
 
දෙව්නක දැන් ඔබගේ අනාගත විවාහය ගැන සිතලාද?
නැහැ. දැන්ම විවාහ වෙන්න කොහෙත්ම මගේ හිතේ කොනකවත් ගෑවිලා නැහැ. අධ්‍යාපන කටයුතු කරගෙන කලාව පැත්තෙන් ඉදිරියට ගිහින් යම් තැනකදී මට හිතුනොත් දැන් මම විවාහ වෙන්න ඕනෑ කියලා එදාට ඒ ගැන හිතනවා. මම විවාහ වෙනවද නැද්ද කියලා දැන්ම තීරණයක් අරගෙන නැහැ.
 
 ධම්මිකා සුරංජි පතිරණ




Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top