Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
18
ETI මගඩිය සිදුකළ අධ්‍යක්ෂවරුන්ට එරෙහි තවත් නඩුවකට දින නියම වෙද්දී තැන්පත්කරුවන් බොරැල්ලේ විරෝධතාවයක - Video

- ETI මගඩිය සිදුකළ අධ්‍යක්ෂවරුන්ට එරෙහි තවත් නඩුවකට දින නියම වෙද්දී තැන්පත්කරුවන් බොරැල්ලේ විරෝධතාවයක - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

20 Views
ඊ.ටි.අයි මුල්‍ය ආයතනයේ අධ්‍යක්ෂවරුන්ට එරෙහිව තැන්පත්කරුවන් විසින් ගොනු කර ඇති නඩු විභාග කිරීමට අධිකරණයට ඇති බලය සම්බන්ධයෙන් ඊ.ටි.අයි අධ්‍යක්ෂවරුන් ගොනු කර තිබු මුලික විරෝධතාවයඅද අලුත්කඩේ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

ඒ අනුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් එම නඩු ඉදිරියේදි විභාගයට ගැනීමට තිරණය කරනු ලැබුවා.

ඊ.ටි.අයි මුල්‍ය ආයතනයේ අධ්‍යක්ෂවරුන්ට එරෙහිව තැන්පත්කරුවන් දෙදෙනෙකු විසින් ගොනු කර ඇති නඩු හතරක් අද කැදවනු ලැබුවේ කොළඹ අලුත්කඩේ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ අංක 04 අධිකරණ විනිසුරු කාංචනා සිල්වා මහත්මිය ඉදිරියේයි.

එහිදි තැන්පත්කරුවන් විසින් ගොනු කර ඇති  නඩු විභාග කිරීමට අධිකරණයට ඇති බලය සම්බන්ධයෙන් ඊ.ටි.අයි අධ්‍යක්ෂවරුන්ගේ නීතිඥවරුන් මුලික විරෝධතාවයක් මතු කළා.

ඊට අදාළව තැන්පත්කරුවන් වෙනුවෙන් පෙනීසිටි නීතිඥ හරිත් හෙට්ටිආරච්චි මහතා නෛතික කරුණු දැක්වීමක් සිදු කළ අතර දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලු මහෙස්ත්‍රාත්වරිය ඊ.ටි.අයි අධ්‍යක්ෂවරුන් ගොනු කළ මුලික විරෝධතාවය ප්‍රතික්ෂේප කරමින් මෙම නඩු ඉදිරියේදි විභාගට ගැනීමට තිරණය කළා.

කෙසේ වෙතත් මෙහිදි අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඊ.ටි.අයි අධ්‍යක්ෂවරුන් වෙනුවෙන් පෙනිසිටි නිතිඥවරුන් සඳහන් කළේ තම සේවාදායකයන්ට එරෙහිව  තැන්පත්කරුවන් විසින් දක්වන විරෝධතාවයන් හේතුවෙන් ඔවුන්ට ඉදිරි නඩු කටයුතු සඳහා අධිකරණයට පැමිණිමේ අපහසුතාවයක් මතුව ඇති බවයි.

එහිදි මහෙස්ත්‍රාත්වරිය සඳහන් කළේ විත්තිකරුවන්ට එරෙහිව පැමිණිලිකාර පාර්ශවය විසින් වංචාව, සාපරාධි සාවධ්‍ය පරිහරණය හා සාපරාධි විශ්වාසය කඩ කිරීම යන චෝදනා යටතේ අපරාධ නඩු පවරා ඇති බැවින් නඩු විභාගයන් සඳහා විත්තිකරුවන්ගේ සහභාගිවීම අනිවාර්යය බවයි.

එසේම අධිකරණයට පැමිණිම සම්බන්ධයෙන් සැලකිය හැකි අපහසුතාවයක් පවතින්නේ නම් ඒ පිළිබඳ අධිකරණයට විධිමත් කරනු දැක්වීමක් සිදු කරන ලෙස විත්තිකරුවන්ට නියෝග කළමහෙස්ත්‍රාත්වරිය මෙම නඩුව  මැයි මස 17 වනදා කැඳවිමට නියෝග කළා.

මේ අතර ඊ.ටි.අයි අධ්‍යක්ෂවරුන්ගේ හමුවක් අද දින ඊ.ටී.අයි ප්‍රධාන මුලස්ථානයේදි පැවැත්වෙන බවට ලද තොරතුරකට අනුව තැන්පත්කරුවන් විශාල පිරිසක් ඊ.ටී.අයි මුලස්ථානය වෙත පැමිණියා.

කෙසේ වෙතත් තැන්පත්කරුවන් එම ස්ථානයට පැමිණෙන අවස්ථාවේ ඊ.ටි.අයි  ආයතනය විවෘත කර ඇති බවට පුවරු දොරටුවේ දක්නට ලැබුනද, ආයතනයේ දොරටු ඇතුළතින් වසා දමා තිබුණා.

පසුව එම ස්ථානය අසල රුස්වු තැන්පත්කරුවන් වංචා කරන ලද තම මුදල් වහා ලබාදෙන ලෙසට බලකරමින් විරෝධතාවයක් පැවැත්වුවා.


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top