Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
15
පල්ලියට පැමිණි බැතිමතුන් බිම දිගාවී සිටියදි පිට පිට වෙඩි තබමින් ත්‍රස්තයා කළ මහා අපරාධය

- පල්ලියට පැමිණි බැතිමතුන් බිම දිගාවී සිටියදි පිට පිට වෙඩි තබමින් ත්‍රස්තයා කළ මහා අපරාධයHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

33,806 Views
නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර මුස්ලිම් දේවස්ථාන දෙකක වෙඩි තැබීමට එම ත්‍රස්තයා පැමිණෙන අයුරු හා වෙඩි තබන අයුරු දැක්වෙන වීඩියෝ පට කිහිපයක් මේ වන විට අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා.

නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර මධ්‍යයේ පිහිටි මුස්ලිම් දේවස්ථාන දෙකක අද සිදුවූ වෙඩි තැබීම්වලින් අවම වශයෙන් පුද්ගලයන් 30 දෙනෙකු මිය ගොස් ඇති බව එරට මාධ්‍ය ප්‍රකාශ කළා.

සිද්ධීන් සම්බන්ධයෙන් කාන්තාවක ඇතුළු සැකකරුවන් 4 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීට අමතරව නගරයේ අටවා තිබූ බෝම්බ කිහිපයක් ද නිශ්ක්‍රීය කළ බව නවසීලන්ත ආරක්ෂක අංශ ප්‍රකාශ කළා.

නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර මුස්ලිම් දේවස්ථාන දෙකක වෙඩි තැබීමේ සිද්ධීන් වාර්තා වුනු අතර සන්නද්ධ පුද්ගලයන් දෙදෙනෙකු වාහනයකින් බැස වෙඩි තාබාගෙන තබාගෙන ගොස් තිබුණා.

වෙඩි තැබූ පුද්ගලයා වයස අවුරදු 28ක පුද්ගලයකු බවත් විදෙස් මාධ්‍ය සදහන් කර සිටිනවා. වෙඩි තැබීමෙන් මරණ සංඛ්‍යාව 30 දක්වා ඉහල ගොස්  තිබෙන අතර එම මරණ අතර දරුවන් සිටින බවත් සදහන් වෙනවා.

තුවාල ලැබූ 40කට වැඩි සංඛ්‍යාවක් රෝහල් ගත කෙරුණු අතර, ජීවිත හානි රැසක් සිදුව ඇති බවත් සදහන් වෙනවා. එමෙන්ම වෙඩිකරුවන් ඔවුන් රැගෙන ආ සියලුම තුවක්කුවල නම් සදහන් කර ඇති බත් අනාවරණය වී තිබෙනවා.

ඊට අමතරව වෙඩිකරු වෙඩි තැබීමේ සිද්ධියට සුළු මොහොතකට පෙර ඔහුගේ ඡායා රූපයක් ෆේස්බුක් ඔස්සේ පළ කර ඇති බවත් සදහන්. ඔහුගේ සමාජ ජාල පිටු 87 ක මෙම ඡායා රූපය හා වීඩියෝ මුදාහැර තිබෙන බවත් මේවනවිට ආනාවරණය වී තිබෙනවා.

දේවස්ථානවලට ඇතුළු වී මෙලෙස වෙඩි තබා ඇති අතර එහි වීඩියෝ හා ඔවුන් වාහනයෙන් බසින අතර තුර තුවක්කු සකස් කර ගන්නා ආකාරයේ වීඩියෝද ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා. එමෙන්ම වෙඩි පහර 50ක් පත්තු වී ඇති බවත් වැඩිදුරටත් විදෙස් මාධ්‍ය සදහන් කර සිටිනවා.

ක්‍රයිස්චර්ච් රෝහල අසළ ද වෙඩි තැබීමක් වාර්තා වී ඇති අතර ඒ පිළිබද වැඩිදුර තොරතුරු මෙතෙක් ලැබී නැහැ.

නවසීලන්ත පොලීසිය ක්‍රයිස්චර්ච්වාසීන්ගෙන් ඉල්ලා සිටියේ නිවෙස්වල රැදී සිටින ලෙසයි.

අද වෙඩි තැබීම් වාර්තා වූ එක් දේවස්ථානයකට සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ද ගොස් ඇති අතර, ඔවුන් අසළ වූ උද්‍යානයක් හරහා එම ස්ථානයෙන් කඩිනමින් ඉවත් ව යාමට සමත් වූ බව නවසීලන්ත මාධ්‍ය වාර්තා කළා.

නවසීලන්තයේ ක්‍රයිස්චර්ච්  නුවර අද සිදුවූ වෙඩි තැබීම් එරට අඳුරුතම දිනයක් සලකුණු කරන බව අගමැතිනී යසින්ඩා ආර්ඩ්න් ප්‍රකාශ කර තිබෙනවා.

වෙඩි තැබීම් සිදුවූ මුස්ලිම් දේවස්ථාන සියල්ල ආරක්ෂක අංශ විසින් වටලා ඇති අතර, එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් ඇය සඳහන් කළා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  1,035 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  1,082 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  10,387 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  784 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  466 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  3,203 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  1,367 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  977 Downloads

Rashmi Dhara - Sameera Weerasinghe
Rashmi Dhara
Sameera Weerasinghe
⤵  1,411 Downloads

Sandawathiye - Dilmith Hasaranga
Sandawathiye
Dilmith Hasaranga
⤵  4,189 Downloads



Top 10 Commenters

Latest Comments

Top