Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
14
මොරටුමුල්ලේ ද්විත්ව ඝාතනය බස් පර්මිට් එකක් නිසා - ආමි මංජුට මරු කැඳවූ වෙඩි තැබීම ගැන තවත් තොරතුරු මෙන්න - Video

- මොරටුමුල්ලේ ද්විත්ව ඝාතනය බස් පර්මිට් එකක් නිසා - ආමි මංජුට මරු කැඳවූ වෙඩි තැබීම ගැන තවත් තොරතුරු මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

21,412 Views
ඝාතනය සදහා සැකකරුවන් ත්‍රි රෝද රථයකින් සහ මෝටර් රථයකින් ඇවිත්....
හෝටලයක ආරක්ෂක කැමරා දර්ශනවලින් හෙළිවූ දේ

මොරටුමුල්ල ප්‍රදේශයේ අද පෙරවරුවේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තවත් ‍පුද්ගලයෙකු තුවාල ලැබුවා.

මෙලෙස මියගොස් ඇත්තේ ආමි මංජු නමින් හැදින්වෙන පුද්ගලයෙක් සහ තවත් තරුණයෙක්.

මොරටුමුල්ල - පිළියන්දල මාර්ගයේ කොස්පැලෑන - පාලම අසලදී මෙම වෙඩි තැබීම සිදුවුයේ පෙරවරු 10.30 ට පමණ.

පොලිසිය සදහන් කළේ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් පතොරෙම් තුවක්කුවකින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි.

එහිදී වෙඩි ප්‍රහාරයට ලක්වුණේ මොරටුව අධිකරණයේ නඩු කටයුත්තක් සදහා ගොස් නැවත පැමිණ ඔවුන්ගේ නිවස ඉදිරිපිට රැදී සිටි දුමින්ද ඉරෝෂන් නොහොත් ආමි මංජු නැමැත්තා, ඔහුගේ පුත්‍රයා සහ තවත් තරුණයෙක්.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ මෙම ඝාතනය සදහා සැකකරුවන් ත්‍රි රෝද රථයකින් සහ මෝටර් රථයකින් පැමිණ ඇති බවට ද තොරතුරු අනාවරණ වී ඇති බවයි.

ඒ අනුව අදාළ වෙඩි තැබීම සිදුකළ ස්ථානයට යාබදව පිහිටි හෝටලයක ආරක්ෂක කැමරා දර්ශනවල පොලු මුගුරු වැනි යමක් අතැතිව පුද්ගලයන් කිහිප දෙනෙකු මෝටර් රථයකට ගොඩවන අයුරු දක්නට ලැබෙනවා.

වෙඩි ප්‍රහාරයෙන් මොරටුමුල්ල - මෝල්පේ සොයිසා පාරේ පදිංචි 47 හැවිරිදි දුමින්ද ඉරෝෂන් නොහොත් ආමි මංජු හා ඌරුබොක්ක ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි චින්තක සඳරුවන් යන දෙදෙනා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අදාළ ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තෙ ආමි මංජු නැමැත්තාගේ පුත්‍රයා වන 23 හැවිරිදි රමේෂ්  විජයන්තයි.   

ඔහු ප්‍රහාරයෙන් අනතුරුව අසල පිහිටි හෝටලයක් වෙත දිව යන ආකාරය එහි ආරක්ෂක කැමරාවල සටහන්ව තිබුණා.  

තුවාල ලැබූ එම තරුණයා වැඩිදුර ප්‍රතිකාර සදහා දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මියගිය ආමි මංජු නැමැත්තා බස් රථ හිමිකරුවෙක්  වන අතර පොලිසිය සදහන් කළේ මෙම වෙඩි තැබීම පෞද්ගලික ආරවුලක් මත සිදුව ඇති බවයි.  

පොලිසිය සදහන් කළේ වෙඩි තැබීමට පැමිණි සැකකරුවෙකු හදුනාගෙන ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශන ක්‍රියාත්මක බවයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Adara Nathu - Mahesh Madhusanka
Adara Nathu
Mahesh Madhusanka
⤵  8,029 Downloads

Nube Wela Man - Sanjeewa Jayasekara
Nube Wela Man
Sanjeewa Jayasekara
⤵  2,658 Downloads

Kandulakwa - Keerthi Pasqual
Kandulakwa
Keerthi Pasqual
⤵  2,173 Downloads

Hiru Surya Mangalye - Hiru Star
Hiru Surya Mangalye
Hiru Star
⤵  6,349 Downloads

Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  47,622 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  19,677 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  10,627 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  5,358 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  3,484 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  1,682 Downloads



Top 10 Commenters

Latest Comments

Top