Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
14
ඉතියෝපියානු ගුවන් යානය කඩා වැටීමෙන් 157ක් බිලිගත් පසු ලොව වටා තිබෙන බෝයිං 737 ගුවන්යානාවලට සිදුවූ දේ - Photos

- ඉතියෝපියානු ගුවන් යානය කඩා වැටීමෙන් 157ක් බිලිගත් පසු ලොව වටා තිබෙන බෝයිං 737 ගුවන්යානාවලට සිදුවූ දේ - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,572 Views
ඇමෙරිකානු සමාගමක් වන බෝයිං තමන් නිෂ්පාදනය කර ඇති බෝයිං 737 මැක්ස් ගුවන් යානා 371 ම තාවකාලිකව භාවිතයෙන් ඉවත් කරන බව නිවේදනය කර සිටිනවා..

ඉතියෝපියානු ගුවන් යානය කඩා වැටීම සම්බන්ධයෙන් නවතම සාක්ෂි අනාවරණය වීමෙන් පසු බෝයිං 737 මැක්ස් මාදිලියේ සියලු ගුවන් යානා භාවිතය අත්හිටුවීමට බෝයිං සමාගම තීරණය කර තිබෙන බවයි වාර්තාවන්නේ.


මෙම තීරණයට එළඹීම සඳහා චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ලබා ගත් නවතම සාක්ෂි ද බලපෑ බව ඇමෙරිකානු ෆෙඩරල් ගුවන් සේවා පාලනාධිකාරිය පවසනවා.

බොහෝ රටවල් එම ගුවන් යානා භාවිතය අත්හිටුවීමට කඩිනම් පියවර ගනිමින් සිටියදී, ඇමෙරිකානු ෆෙඩරල් සිවිල් ගුවන් සේවා අධිකාරිය එම පියවර ගැනීම පමා කර තිබුණා.

පසුගිය ඉරිදා ඉතියෝපියාවේ අඩිස් අබාබා නගරයේදී සිදු වූ මෙම ගුවන් අනතුරෙන් පුද්ගලයින් 157 දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා.

පසුගිය ඔක්තෝබර් මාසයේ ද, එම වර්ගයේ ගුවන් යානයක් ඉන්දුනීසියාවේදී අනතුරට පත් වීමෙන් පුද්ගලයින් 189 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, මාස 5ක් ඇතුළත එවැනි ගුවන් යානයක් අනතුරට ලක්වූ දෙවන අවස්ථාව මෙය බවයි සදහන් වන්නේ.

අදාළ ගුවන් යානා භාවිතය අත්හිටුවීමට ලෝකයේ රටවල් කිහිපයක් ගෙන තිබූ පියවර සම්බන්ධයෙන් අධ්‍යයනයක් කළ බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය බදාදා නිවේදනය කරනවා.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සතුව බෝයිං වර්ගයේ ගුවන් යානා නොමැති නමුත් බෝයිං 737 මැක්ස් ගුවන් යානා භාවිත කරන සමාගම් 6ක් ශ්‍රී ලංකාවේ ගුවන් ගමන්වල නිරතව සිටි අතර එම සමාගම් අදාළ ගුවන් යානා භාවිතය අත්හිටුවා ඇති බව ද සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා.

ඒ අනුව, ශ්‍රී ලංකාවට පැමිණෙන හෝ ඉන් පිටව යන මගීන්ට මේ අවස්ථාවේ අවදානමක් නොමැති බව එම අධිකාරිය වැඩිදුරටත් පවසනවා.

කෙසේ වෙතත්, ඉතියෝපියානු ගුවන් යානය අනතුරට ලක් වීම සහ ඊට පසුව ඇති වූ තත්ත්වය කෙරෙහි සිවිල් ගුවන් සේවා අධිකාරිය තවදුරටත් අවධානයෙන් පසු වන බව ඔවුන් නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා.

(බීබීසි)

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hitha Mula Karala - Viraj Perera
Hitha Mula Karala
Viraj Perera
⤵  4,488 Downloads

Maimen Eha - Manthra
Maimen Eha
Manthra
⤵  205 Downloads

Adara Nathu - Mahesh Madhusanka
Adara Nathu
Mahesh Madhusanka
⤵  8,862 Downloads

Nube Wela Man - Sanjeewa Jayasekara
Nube Wela Man
Sanjeewa Jayasekara
⤵  3,040 Downloads

Kandulakwa - Keerthi Pasqual
Kandulakwa
Keerthi Pasqual
⤵  2,295 Downloads

Hiru Surya Mangalye - Hiru Star
Hiru Surya Mangalye
Hiru Star
⤵  6,749 Downloads

Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  49,441 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  20,002 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  11,033 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  5,592 Downloads



Top 10 Commenters

Latest Comments

Top