Richard Branson කියන්නේ සාර්ථක ව්‍යාපාරිකයෙක් බව නොදන්න කෙනෙක් නැහැ. ඔහු ඒ නිසාම කාගේත් මාතකයේ ඉන්න චරිතයක් බවට පත් වෙලා. ඔහුගේ වත්කම ශ්‍රී ලංකා මුදලින් රුපියල් 751,464,000,000.00 යි. Holly Branson කියන්නේ ඔහුගේ ආදරණිය දියණිය. වයස අවුරුදු 19 ත් 50 ත් අතර ලොව බිලියනපතින්ගෙන් සුරූපී තරුණම බිලියනපතිනිය 15ක් තෝරා තිබෙනවා.
ඒ අතරින් මේ වසරේ සුරූපී බිලියනපතිනියක් වන්නට ඇයටද වාසනාව හිමි වෙලා තිබෙනවා.
ඇයගේ වත්කම ශ්‍රී ලංකා රුපියල් 3800000000 යි. සමාගම් 400ක අයිතිකාරිණියක්. ඇය ස්නායු රෝග පිළිබද වෛද්‍යවරියක්. ඇයට හිමි බොහෝ සමාගම්වල වෛද්‍ය විද්‍යාල ඇතුලත් වෙන බවත් සදහන්. කොහොම නමුත් ලොව පුරා සංචාරය කරමින් මානුෂිය කටයුතු සදහා සහය දක්වනවා. ඇය මුලින්ම පියාගේ ව්‍යාපාර සදහා සහය වෙමින් ව්‍යාපාර කටයුතු සදහා සම්බන්ධ වූ බවත් මාධ්‍ය සදහා ඇය පවසනවා.
එම ලයිස්තුවේ තවත් සුරූපිනියන් 14 දෙනෙක් සිටිනවා. Serra Sabanci කියන්නේ 46 හැවිරිදි කාන්තාවක්. ඇයත් එම ලැයිස්තුවට ඇතුලත් වෙන්න වාසනාවන්ත වී තිබෙන්නේ පවුලේ ව්‍යාපාර සදහා මුලින් එකතු වෙමිනුයි.
Ana Lucia de Mattos Barretto Villela කියන්නේ වයස අවුරුදු 45 ක කාන්තාවක්. බ්‍රසීල කාන්තාවක් වුවත් ලතින් ඇමරිකාවේ පවා ඇයගේ ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යනවා. ඇයගේ ව්‍යාපාර වන්නේ බැංකුකරණයයි.
45 හැවිරිදි Lee Seo-Hyun බිලියනපතිනියක් වී ඇත්තේ නිමිඅදුම් කර්මාන්ත අයිතිකරිනියක් වීමෙනුයි. ඇය කොරියානු ජාතික කාන්තාවක් වගේම එරටේ බොහෝ ඉඩම්හිමි කාන්තාවක් බවත් සදහන්.
Aerin Lauder කියන්නේ 48 හැවිරිදි කාන්තාවක්. ඇයට සුවද විලවුන් සම්බන්ධයෙන් ව්‍යාපාර හිමියි.
Dylan Lauren කියන්නේ ලෝකයේ බොහෝ රටවලට රසවත් එක එක මාදිලියේ ටොෆි චොකලට් නිෂ්පාදනය කර ඒවා බෙදා හරින සමාගම් බොහොමයක් හිමි ව්‍යාපාර කාන්තාවක්.
Kylie Jenner ඉතා ජනප්‍රිය ලෝකයම කතාබහ කරන ව්‍යාපාර කාන්තාවක්. ලෝකයේ ලාබාලම ව්‍යාපාරිකාව වෙන්න ඇයට අවස්තාව හිමි වෙනවා.
Amanda Hearst කියන්නේ තවමත් 34 වියෙහි පසුවන්නියක්. නිව්යෝක්හි තිබෙන බොහෝ පාසල්, විශ්ව විද්‍යාල ඇයට හිමි ව්‍යාපාර. සත්ව හිංසන සම්බන්ධයෙන් වැඩි වශයෙන් දායකත්වයක් ලබාදීමටත් ඇය කටයුතු කරනවා.
38 හැවිරිදි Marie Besnier Beauvalot ව්‍යාපාරිකාවක් වෙන්නේ තම සීයාගේ ව්‍යාපාර හරිමගට ගෙන එහි හිමිකාරිත්වය ඇයට හිමි වූ නිසයි.