Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
14
"ටික දුරක් යද්දි එයා මට එකට ඉන්න කතා කළා" - හංගේරියාවෙන් ආ සුරූපී වෙරෝනිකා වෑන් රථයේදී බරපතල ලෙස දුෂණය කල ටැක්සි රියදුරා සිදු කල පාපොච්චාරණය - Video

- "ටික දුරක් යද්දි එයා මට එකට ඉන්න කතා කළා" - හංගේරියාවෙන් ආ සුරූපී වෙරෝනිකා වෑන් රථයේදී බරපතල ලෙස දුෂණය කල ටැක්සි රියදුරා සිදු කල පාපොච්චාරණය - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

69,789 Views
"මාව හිටිය තැනට ගිහින් දාන්න.."
 
"මට ආයෙත් යන්න බැහැ.. උඹ ටැක්සියක් අරන් පලයන්.."
 
"ඒක නැතුව එකට ඉන්න බැහැ කිව්වා..."
 
වෙරෝනිකා හංගේරියානු ජාතික රූමත් කාන්තාවක්. 30 හැවිරිදි ඇය ලංකාව කෙරෙහි දැක්වූයේ දැඩි ආදරයක්. ඒ නිසාම ඇය තමන්ගේ පෙම්වතා ලෙස තෝරා ගත්තේ ද සංචාරක ව්‍යාපාරයේ නිතර ශ්‍රී ලාංකීක තරුණයෙක්.
 
මේ දෙදෙනා පෙම්වතුන් බවට පත්වූයේ වෙරෝනිකා හික්කඩුවට පැමිණි මොහොතක දැන හඳුනාගැනීමකින් පසුවයි. කාලය මෙසේ ගෙවී යද්දි වෙරෝනිකාට තම පෙම්වතා වූ සමන්තගෙන් තොර ලෝකයක් තිබුණේ නැහැ. මෙවර ඇය හික්කඩුවට පැමිණියේ සති කිහිපයක් ගත කිරීම සඳහායි. වෙරෝනිකා හික්කඩුවට එද්දි සමන්ත ව්‍යාපාරික කටයුත්තක් සඳහා විදේශගතව සිටියා. ඉකුත් 19 වැනිදා තමන් මෙරටට පැමිණීමට සුදානමින් සිටින බව සමන්ත වෙරෝනිකාට දන්වා යැව්වා.
 
“මම හෙට 2.30ට ලංකාවට එනවා. මම ඔයාට ට්‍රැවල් ඒජන්ට් කියලා වෑන් එකක් එවන්නම්. ඔයා ඒකෙන් මාව ගන්න එයාර්පෝට් එන්න...“

එම ඇමතුමෙන් දැඩි සතුටට පත් වෙරෝනිකා 19වැනිදා අලුයම පිබිදී ගුවන් තොටුපළට යන්නට සුදානම්ව “ට්‍රැවල් එජන්ට්“ ඇමතුවා.
 
ඒත් ඔහුගේ ජංගම දුරකථනයෙන් ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. කීප වතාවක් “ට්‍රැවල් එජන්ට්“ දුරකථනයෙන් සම්බන්ධ කරගන්නට ඇය උත්සහ කළේ කටුනායකට යාම සඳහා වෑන් රථයක් ගෙන්වා ගැනීමටයි.
 
ඒත් ඒ කිසිදු උත්සහයක් සාර්ථක වූයේ නැහැ. අවසානයේ ඇය මහපාරට පැමිණියේ වෑන් රථය පාරටවත් පැමිණ නතර කරගෙන සිටිනු ඇති බවට සැකයක් ඇති වූ නිසයි.
 
වෙරෝනිකා සිය අත්ඔරලෝසුව බලද්දි වෙලාව අලුයම 2.30 පසුවී තිබුණා. වෑන් රථය ප්‍රමාද නිසා තමන්ට ගුවන් තොටුපළට යාමට ප්‍රමාද වෙතැයි සිතමින් සිටි ඇය අසළට එකවරම පැමිණි සුදු පැහැති සුඛෝපබෝගි වෑන් රියක් නතර කළා.
 
වෙරෝනිකාගේ සිතට දැනෙන්නට ඇත්තේ ලොකු සතුටක්. ඇය එක්වරම පිටිපස දොර විවර කරමින් රියට ගොඩ වුණා.
 
“එයාපෝට් යන්න නේද?“ ඇය රියදුරාගෙන් විමසුවා.
 
“ඔව්..“
 
ගමන ඇරඹුනා. වෑන් රථය හික්කඩුව පසුකොට ගමන් කළේ මීටර දෙක තුනක් පමණයි. අවට ඇත්තේද පාළු බවක්. කාත් කවුරුත් පේන මානයක ද නැහැ. රියදුරු අසුනෙන් බැසගත් තරුණයා එකවරම දොර විවර කරගෙන වෙරෝනිකා සිටි තැනට ආවා. ඇය බියෙන් සලිත වුණා. නමුත් ඇයට කිසිවක් කරගත නොහැකි වුණා. හැඩිදැඩි තරුණයා ඇයව වාහන අසුනේම හොවාගත්තා. තරුණ රියදුරා සිතැඟි සියල්ල ඇයගෙන් ඉටු කරගත්තේ ඇය හඬා වැටෙමින් ඔහුගෙන් එසේ නොකරන ලෙස බැගෑපත් වෙද්දියි.
 
“මාව හිටිය තැනට ගිහින් දාන්න...“
 
“මට ආයෙත් යන්න බැහැ.. උඹ ටැක්සියක් අරන් පලයන්..“
 
සිය සිතැඟි ඉටුකරගත් රියදුරා එතනින් බස්සවා රිය පණ ගන්වාගෙන යන්නට ගියා. කර කියා ගත හැකි දෙයක් නැති වෙරෝනිකා මහ මඟ අසරණ වුණා. ගුවන් තොටුපළට යාම පලක් නොමැති බව දැනගත් ඇය ත්‍රීවිලයකින් සිය නවාතැනට පැමිණියා. ඒත් ඇයට දැණුනේ දැඩි බියක්. තරුණ රියදුරා සමඟ අනාරක්ෂිත ලිංගික ඇසුරෙන් තමන්ට කිසියම් රෝගයක් වැළදෙනු ඇතැයි සිතූ ඇය පහන් වෙද්දි හික්කඩුව පොලීසියට පැමිණ තමාට සිදුවූ අතවරය ගැන පැමිණිල්ල සිදු කළා.
 
ඒ වන විට හික්කඩුවේ වැඩ බැලුවේ පොලිස් පරීක්ෂක දිනේෂ්. ඔහු ඉතා දක්ෂ නිලධාරියෙකු වූ අතර දකුණූ පළාතේ සිදුවූ මිනිස් ඝාතන කිහිපයක් ආනාවරණය කර ගැනීමටත් සමත් වූ අයෙකු වුණා.
 
විදේශීය කාන්තාවක් මෙවන් තත්ත්වයකට පත් කිරීම මුළු රටේම සංචාරක ව්‍යාපාරයටම දැඩි කැළලක් බව දිනේෂ්ගේ දැනුවත් කිරීමෙන් උසස් නිලධාරින්ටද වැටහුණා.
 
වෙරෝනිකා කියන්නේ ඇත්තක්දැයි දැන ගැනීමට ඇය කරාපිටිය අධිකරණ වෛද්‍ය නිලධාරිනිය වෙත ඉදිරිපත් කරනු ලැබුවා. එහිදී වෙරෝනිකා පරීක්ෂා කළ වෛද්‍යවරිය පොලීසියට පැවසුවේ ඇය අතවරයට ලක්ව ඇති බවයි.
 
පසුව විමර්ශන ඇරඹුණු අතර පොලීසියේ මූලිකම ඉලක්කය වූයේ සැකකරු පැමිණි වෑන් රථය හඳුනා ගැනීමයි. ඒ අනුව හික්කඩුවේ නගරයේ සිට ඇය අතවරයට පත් වූ තැන දක්වා ඇති සිසීටීවි කැමරා පරීක්ෂාවට ලක් කෙරුණා. ඒ අනුව 19 වැනිදා අලුයම 2.30ට ගාලු පාරේ ධාවනය වූ සුදු පැහැති වෑන් රියක දර්ශන සීසීටීවි කැමරාවල සටහන් වූ අතර එම වෑන් රථය හඳුනා ගැනීමට පොලීසියට හැකිවුණා.
 
“අපි සිසිටීවි කැමරා චෙක් කළාම දැක්කා 2.30ට ඔය විදේශිය කාන්තාව ගාල්ල හික්කඩුව පාරට ඇවිත් කෝල් ගන්නවා. ඒ අතර වෑන් එකක් ඇවිත් නතර කරනවා. පස්සේ වෑන් එක යනවා. ඒ අනුව අපි හඳුනාගත්තා මේ වෑන් එක සුදුපාට හයිරුප් ටොයොටා තායිලන්ඩ් කේ.ඩී.එච්. වර්ගයේ එකක් කියලා...“
 
පොලිස් පරීක්ෂක දිනේෂ් විමර්ශනය ඇරඹූ ආකාරය එසේ පැහැදිලි කළා.
 
මාධ්‍ය මඟින්ද සිද්ධියට පුළුල් ප්‍රචාරයක් ලැබුණා.
 
“විදේශික කාන්තාව අතවරයට ලක්කළ වෑන්රියේ රියදුරු සොයා සිසිටීවී කැමරා ඔස්සේ පොලීසිය විමර්ශන ඇරඹේ..“
 
යන හිසින් යුතු එක්තරා ජාතික පුවත්පතක පළ වූ ප්‍රවෘත්තියට කාගෙත් අවධානය යොමු වුණා. මින් තැතිගත් සංචාරක ව්‍යාපාරයේ යෙදෙන්නන් හෝටල් හිමිකරුවන් පවා හික්කඩුවට සිදු වූ කළු පැල්ලම මකා ගැනීමේ අදහසින් පොලිස් පරීක්ෂක දිනේෂ්ට දැඩි සහෝගයක් ලබා දුන්නා.
 
“ඔය මිනිහා හික්කඩුවේ පදිංචි කෙනෙක් නෙමේ. ඔය ඩ්‍රයිවර් පිට ගමක කෙනෙක්. අපි හික්කඩුවට ආදරය කරන මිනිස්සු. අපි සුද්දියකට ඔය වගේ දෙයක් කරන්නේ නැහැ. ඔය අපරාධකාරයා කොහොමහරි අල්ලගන්න ඕනි.. නැත්තම් ඕක මුළු හික්කඩුවටම හොඳ නෑ. ටුවරිසම් සේරම විනාශ වෙන්න පුළුවන්..“
 
ඔවුන් පොලිස් පරීක්ෂකවරයා හමුවේ එසේ පැවසුවා.
 
“ඉන්පසු මම එස් අයි ලක්මාල්වත් සිල්වා රාළහාමිත් මේ විමර්ශනය සඳහාම පත් කළා. හික්කඩුවේ ඉඳලා බෙන්තොටත් හික්කඩුවේ ඉඳන් ගාල්ලටත් සිසිටීවී කැමරා චෙක් කරන්න කියලා. අපිට ඕනි වුණේ ඔය වෑන් එක කොහේ ඉඳන්ද එන්නේ, කොහෙටද ආවේ කියලා දැනගන්නයි...“
 
“අපි රූපරාමු චෙක් කරනකොට පෙණුනා වෑන් එක හබරාදූව පැත්තට යන්නේ නැති බව. වෑන් එක උණවටුන වැල්ලේ දේවාලය ළඟ හෝටලයක් අසළ නතර කරන ආකාරය. තව දුරටත් සෝදිසි කරද්දි පේනවා වෑන් එක සීනිගම දේවාලය ළඟින් නතර කරලා දේවාලයට පඬුරක් දාන්න යන ආකාරයත්..“
 
“ඒත් රාත්‍රී කාලය නිසා වෑන් රියේ අංකයත් ඩ්‍රැයිවර්වත් පැහැදිලිව පේන්නේ නැහැ. අපි තවදුරටත් චෙක් කරද්දි බලපිටියේ පැට්‍රල් ෂෙඩ් එකක තියෙන කැමරාවක වෑන් රිය පැහැදිලිවම පෙණුනා. ඒ වෑන් එකේ උඩ වෙන තැන් වල නැති ලයිට් තුනක් තියෙන කෑල්ලකුත් වෑන් එක පිටිපස්සේ දළඳා මාළිගාවේ ස්ටිකර් එකකුත් අලවලා තියෙන බවත් හොඳටම පෙණුනා..“
 
“පස්සේ මම ඒ රූපරාමු සේරම අරන් ලැප්ටොප් එකට දාලා ලොකු ස්ක්‍රීන් එකක් ගෙනත් පොලීසියේ සියලුම නිලධාරින්ව කැඳවලා ඒ සේරටම මේ දර්ශන පෙන්නුවා. කොයි මොහොතක හරි ඔය වෑන් එක අපේ ඒරියා එකට එන්න පුළුවන්, ඒ නිසා මේ ගැන සියලු දෙනාම අවධානයෙන් ඉන්න ඕනි කියලා..“
 
ඉන් අනතුරුව පොලිස් පරීක්ෂකවරයා උණවටුන වැල්ලේ දේවාලය අසල ඇති හෝටලයේ සේවකයින්ගෙන්ද මේ පිළිබඳව විමසුවා.
 
“ඔව් සර් එදා 3.15ට විතර ඔය වෑන් එක අපේ හෝටලයට ආවා. අපේ ගෙට්ස්ලා දෙන්නෙක් අරන් එයාපෝර්ට් යන්න..“
 
“ඔය වෑන් එකේ ඩ්‍රැයිවර්ව අඳුරනවද?“
 
“අනේ නෑ සර්..“
 
“හරි.. එතකොට කොහෙන්ද ඔය වෑන් එක ආවේ...?“
 
“ඕක මෙහෙ එන්නේ ගල්කිස්සේ ට්‍රැවල් ඒජන්ට් එකෙන්..“
 
“අපිට ඒ තැන ඇඩ්‍රස් එක දෙන්න පුළුවන්ද?“
 
පසුදාට පහන් වුණා. වෙලාව අලුයම හතර පමණ වූ අතර පොලිස් පරීක්ෂක දිනේෂ් සිටියේ තද නින්දකයි. ඒ අතර ඔහුගේ ජංගම දුරකථනය නාද වුණා.
 
“සර් මම එස්.අයි. පතිජීව. අපි ඉන්නේ සැන්ඩි හෝටලය ගාව රෝඩ් බ්ලොක් එකේ සර්. අර ජාතියේ වෑන් එකක් හෝටලය ළඟ තියනවා. අර සර් කියපු දළඳා මාළිගාවේ ස්ටිකර් එක වෑන් එකේ පිටිපස්සේ තියනවා..“
 
“හරි... වෙන මොනවද තියෙන්නේ...?“
 
“සර් ඉස්සරහ පැත්තේ කළු පාට දිග පටියක් ගහලා තියනවා..“
 
“ඇත්තද ඒත් ඒ වෑන් එකේ නම් එහෙම එකක් තිබුණේ නැහැ. හරි... ඔය ඩ්‍රැයිවර්ගෙන් අහන්න කොහෙන්ද එන්නේ කියලා...“
 
“අපි ඇහුවා සර් ඩ්‍රැයිවර් කියනවා ගල්කිස්සේ ට්‍රැවල් එජන්ට් එකෙන් කියලා...“
 
“හරි වෑන් එක තියාගන්න මම දැන්ම එනවා..“
 
පොලිස් පරීක්ෂක ඇතුළු පිරිස එහි යනවිටත් එහි විදෙස් සංචාරකයින් පිරිසක් සිටියා. ඔවුන් ගුවන් තොටුපළට යාම සඳහයි සිටියේ. ඔවුන්ට හා හෝටල් බලධාරින්ට කරුණු පැහැදිලි කළ පොලිස් පරීක්ෂකවරයා ගල්කිස්ස සංචාරක ඒජන්සියටද ඒ බව දන්වා විදේශිකයින් ගෙන යාම සඳහා වෙනත් වාහනයක් හැකි ඉක්මනින් අධිවේගී මාර්ගය හරහා එවන ලෙස දන්වා සිටියා.
 
ඒ අනුව පොලීසිය විසින් වෑන් රිය සමඟ රියදුරාද අත්අඩංගුවට ගනු ලැබුවා.
 
ඉන් අනතුරුව හෙළිදරව් වූයේ වෑන් රිය නොයෙකුත් ආකාරයෙන් වෙනස් කොට ඇති බවයි. සෙසු ස්ටිකර් හා ලයිට් ගලවා ඇතත් දළඳා මාළිගාවේ පින්තූරය ගලවා දමන්නට රියදුරුට අමතක වී ඇති බව ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වුණා.
 
“පත්තරවල ගියානේ සර් වෑන් හොයන්න සිසීටීවී කැමරා චෙක් කරනව කියලා. ඒක දැක්ක නිසා මම වෑන් එකේ තිබුණු ගොඩක් දේවල් වෙනස් කළා. ඒත් පිටිපස්සේ ස්ටිකර් එක ගලවන්න අමතක වුණා සර්..“
 
ඒ අනුව සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පොලීසියට සඳහන් කළේ වෙරෝනිකා තමන් සමඟ සිටියේ කැමැත්තෙන් බවයි.
 
“මම ටුවරිසම් කරන්නේ. ගෙවල් ගාව අක්කා කෙනෙක් තමයි මට මේ වෑන් එක හයර් කරන්න අරන් දුන්නේ. එදා මට ගල්කිස්ස ට්‍රැවල් ඒජන්සියෙන් කිව්වා උණවටුනට ගිහින් ගෙස්ට්ලා වගයක් ඉන්නවා අරගෙන එයාපෝට් දාන්න කියලා. උණවටුනේ ගෙස්ට්ලා දෙන්නෙක් අරගෙන ඉන්පස්සේ උදේ හතරට හික්කඩුවේ කොරල් බීච් හෝටලයෙන් තවත් දෙන්නෙකුත් අරගෙන පාන්දර පහට අහුන්ගල්ලේ හෝටලයකින් තවත් දෙන්නෙක් අරන් එයාපෝර්ට් යන්නයි මට තිබුණේ..“
 
“ඒ නිසා මම පාන්දර එකට විතර එහෙන් ආවා. හික්කඩුව පහුකරලා ගාල්ල පැත්තට යනකොට සුද්දියක් පාරේ හිටියා. මම වාහනේ නතර කළා. සුද්දි වාහානෙට නැග්ගා. ටික දුරක් ගිහිල්ලා සුද්දි මගෙන් ඇහුවා, එයාපෝර්ට් නේද යන්නේ කියලා. මම කිව්වා ඔව් කියලා. ඒත් එයා කිව්වා එයාට තනියම එයාපෝර්ට් යන්න ඕනි කියලා. ටික දුරක් යද්දි එයා මට එකට ඉන්න කතා කළා. මගේ ළඟ.............. තියනවද ඇහුවා. මම නැහැ කිව්වා. ඒක නැතුව එකට ඉන්න බැහැ කිව්වා. පස්සේ මම දොඩන්දුව පාලම ළඟ නතර කරලා එයා එක්ක............. ඒත් මම එයත් එක්ක..“
 
“පස්සේ මට කිව්වා එයා හිටපු තැනට ගිහින් දාන්න කියලා. මම බැහැ කියලා එයාව පාලම ළඟින් බස්සලා එතැනින් ගාලුපාර දිගේ යන්නේ නැතිව හයිවේ එකට දාලා ආයෙත් එතැනින් ගෙස්ට්ලා දෙන්නා අරගෙන බද්දේගමින් එළියට ඇවිත් කොරල් ගාඩ්න් එකේ ගෙස්ට්ලා දෙන්නා ගත්තා. පස්සේ ගාලුපාර දිගේ අහුන්ගල්ල හෝටලයට ගිහින් ඒ ගෙස්ට්ලා දෙන්නත් අරගෙන එයාපෝට් එකට ගියා. එතකොට වෙලාව උදේ 7ට විතර ඇති..“
 
සැකකාර රියදුරා පොලීසිය හමුවේ පැවසුවා. ඔහු කියන්නේ බලහත්කාරයෙන් ඇයට අතවර නොකළ බවයි. ඒත් විදේශීය කාන්තාවක් අතවරයට ලක් කිරීම බරපතල වරදක් වන අතර ඒ නිසාම සැකකරු අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.
 
අනතුරුව ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා. සැකකරු 28 හැවිරිදි අවිවාහකයෙක්. පයාගල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් විසින් මෙම වෑන් රථය මිලදී ගෙන සැකකරුට ලබාදී ඇති බව හික්කඩුව පොලීසිය සඳහන් කළා. අල්ලාගත් සුපිරි වෑන් රිය අධිකරණයට ඉදිරිපත් කර පොලිස් භාරයේ රඳවාගෙන තිබෙනවා.
 
-කීර්ති මෙන්ඩිස්-

රියදුරා කොටුවූ අවස්ථාවේ වීඩියෝව පහතින්


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  4,920 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  2,335 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  872 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  6,921 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  1,191 Downloads

Mage Patiyo - Nalin Liyanage
Mage Patiyo
Nalin Liyanage
⤵  9,888 Downloads

Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  24,407 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  12,991 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  6,018 Downloads

Aluwela Awilena - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Aluwela Awilena
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  8,305 Downloads



Top 10 Commenters

Latest Comments

Top