Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
14
ඔසාමා බින් ලාඩ්න්ගේ පස්වෙනි බිරිදගේ දරුවා වූ හම්සා අල්කයිඩාවේ මීළඟ නායකයා වෙයි ? - Photos

- ඔසාමා බින් ලාඩ්න්ගේ පස්වෙනි බිරිදගේ දරුවා වූ හම්සා අල්කයිඩාවේ මීළඟ නායකයා වෙයි ? - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,322 Views
"දරුවන් 25 දෙනාගෙන් ඔසාමා කැමතිම දරුවා ඔහු.."

"ඔසාමාගේ ලිපිවල එය සදහන්.."

ඔසාමා බින් ලාඩ්න් මෙයට කලකට පෙර ලොවම භීතියෙන් මුසපත් කළ ත්‍රස්තවාදී නායකයෙකි. බිහිසුණු ත්‍රස්තවාදී කණ්ඩායමක් වූ අල්කයිඩා සංවිධානයේ නායකයා ලෙස කටයුතු කළ ඔහු වඩාත්ම ප්‍රසිද්ධියට පත්වූයේ 2001 සැප්තැම්බර් 11 වෙනි දින එම සංවිධානය විසින් ඇමෙරිකාවේ නිව්යෝර්ක්හි ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට එල්ලකරන ලද දැවැන්ත ප්‍රහාරයත් සමග ය.

මෙම සිද්ධියෙන් වසර 10ක ට පසු 2011 වසරේ මැයි මස 02 වෙනි දින ඇමෙරිකානු හමුදා විසින්, ඒ වනවිට පාකිස්තානයේ සැඟවී සිටි ඔසාමා ඝාතනය කරනු ලැබිණි. එහිදී ඔහු ගේ  පුත්‍රයෙකුද ඝාතනය වූ බැව් පැවසිණි. ඔසාමාගේ ඝාතනයෙන්  පසු අල්කයිඩා සංවිධානයද කමෛන් දුර්වල තත්ත්වයකට පත්විය. ඒ වෙනුවට අයි.එස් සංවිධානය මුස්ලිම් සටන්කාමී සංවිධාන අතර වඩාත් කැපීපෙනෙන සංවිධානය බවට පත්වෙන්නට පටන් ගත්තේය.

නමුත් දැන් ටික කලෙක සිට නැවතත් අල්කයිඩා සංවිධානය ගැන අවධානයක් යොමු වීමට පටන්ගෙන ඇත්තේ ඔසාමා බින් ලාඩ්න්ගේ පුතෙකු වන හම්සා බින් ලාඩ්න් එහි කැපීපෙනෙන නායකයෙකු ලෙස ඉදිරියට ඒමට පටන්ගෙන ඇති බව අනාවරණය වීමත් සමගය. හම්සා බින් ලාඩ්න් ඔහුගේ පියා මෙන්ම ආකර්ෂණීය නායකයෙකු බවට පත්විය හැකි බවත්, ඔහු යටතේ අල්කයිඩා සංවිධානය නැවතත් හිස ඔසවන්නට ඉඩ ඇති බවත් මේ වනවිට ඇමෙරිකානු බුද්ධි අංශවල විශ්වාසය වී ඇති බව පෙනේ.

මෙම පසුබිම තුළ ඇමෙරිකා එක්සත් ජනපදය දැන් ටික කලෙක සිට හම්සා සම්බන්ධයෙන් උනන්දුවක් දැක්වීමට පටන්ගෙන ඇති බවක් පෙනෙන අතර ඔහු පිළිබඳ තොරතුරක් සපයන පාර්ශ්වය කට ඇමෙරිකානු ඩොලර් මිලියනයක මුදලක් පිරිනමන බව පසුගිය සතියේ නිවේදනය කළේය. එය ලංකාවේ මුදලින් රුපියල් කෝටි 30කට කිට්ටු මුදලකි.

අල්කයිඩා සංවිධානය වටා එක්වන මෙන් හම්සා මුස්ලිම් තරුණයන්ගෙන් ඉල්ලීම් කරමින් සිටින බවත්, ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලටත්,  බටහිර රටවල මිතුරන් ලෙස කටයුතු කරන සෙසු රටවලටත් එරෙහිව ප්‍රහාර එල්ල කිරීමට සැරසෙමින් සිටින බවත් වාර්තා වෙයි. මෙම ඉල්ලීම් ඇතුළත් ශබ්ද පට සහ විඩියෝ ඔහු අන්තර් ජාලය හරහා නිකුත් කරමින් සිටින බව පැවැසේ. සිය පියා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකාවෙන් පලිගැනීමට ඔහු විශේෂයෙන් සැලසුම් කරමින් සිටින බවත්, මේ වනවිට වයස අවුරුදු 30 ක් පමණ වනු ඇතැයි විශ්වාස කෙරෙන හම්සා පාකිස්තාන-ඇෆ්ගනිස්තාන දේශසීමාව ආසන්න කලාපයේ රැඳී සිටින්නට බොහෝ දුරට ඉඩ ඇති බවත් බුද්ධි අංශවල විශ්වාසයයි.

ඔසාමා බින් ලාඩ්න් ඝාතනය කළ අවස්ථාවේ එම නිවසේ තිබි සොයාගත් ලිපි ‍ලේඛනවල සඳහන්ව තිබූ තොරතුරුවලින් පෙනී ගොස් තිබුණේ ඔහු තමාගෙන් පසු අල්කයිඩා සංවිධානයේ නායකත්වයට හම්සා සූදානම් කරමින් සිට ඇති බවයි. ඔසාමාට දරුවන් 25කට ආසන්න ගණනක් සිටි බැව් පැවැසුණු අතර ඔවුන් අතුරින් හම්සා ඔහුගේ ප්‍රියතම දරුවා බවට පත්ව සිටි බවක්ද සඳහන් වේ. හම්සා ඔසාමාගේ පස්වෙනි බිරිඳගේ දරුවාය.

2001 වසරේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු ඔසාමා ඔහුගේ දරුවන් සහ භාර්යාවන් ඉරානයට පිටත් කර යවා තිබූ බව අනාවරණය විය. ඒ බටහිර හමුදා වලින් එල්ලවිය හැකි ප්‍රහාරවලින් ඔවුන් ආරක්ෂා කරනු පිණිසය. එම අවස්ථාවේ ඔහුගේ මව සමග ඉරානයට ගිය හම්සා ඉරානයේදී විවාහ වී ඇති බව ද පැවසිණි.

ඔහු විවාහ වී ඇත්තේ ඇමෙරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට ප්‍රහාර එල්ල කරනු පිණිස  එක් ගුවන් යානයක් පැහැර ගත් අල්කයිඩාවේ ප්‍රබල සාමාජිකයෙකු වූ මොහොමඩ් අතාගේ දියණියක සමගය. මොහොමඩ් අතා මෙම ප්‍රහාරය සැලසුම් කළ ප්‍රධාන මොළකරුවන් කිහිපදෙනාගෙන් කෙනෙකු ලෙස ද සැලකේ. 2001 වසරෙන් පසු කිසිවිටෙක හම්සාට සිය පියා මුණගැසී නැති වුවද ඔවුන් අතර නිතර ලිපි හුවමාරු වූ බව කියැවෙයි.

ඔසාමා ගෙන් පසු අල්කයිඩා සංවිධානයේ නායකත්වයට පත්වූයේ අයිමාන් අල්-සවාහිරිය. ඔසාමාට සාපේක්ෂව ඔහු එතරම් ආකර්ෂණීය නායකයෙකු ලෙස නොසැලකේ. පසුගිය කාලය තුළ අල්කයිඩා සංවිධානය පෙර මෙන් කැපීපෙනෙන මට්ටමක නොපැවතුණත් එය සම්පූර්ණයෙන් අකර්මණ්‍යව ගොස් නොමැති බවත් බටහිර බුද්ධි අංශ පෙන්වා දෙයි. ටික කලෙක සිට එය නැවත සංවිධානය වීමට සහ ශක්තිමත් වීමට පියවර ගනිමින් සිටින බවත්, බටහිර, මැද පෙරදිග, අප්‍රිකානු කලාප තුළ ප්‍රහාර එල්ල කිරීම සඳහා සැලසුම් කරමින් සිටින බවත් බුද්ධි අංශවල විශ්වාසයයි.

කිත්සිරි මල්වත්ත




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Adara Nathu - Mahesh Madhusanka
Adara Nathu
Mahesh Madhusanka
⤵  8,021 Downloads

Nube Wela Man - Sanjeewa Jayasekara
Nube Wela Man
Sanjeewa Jayasekara
⤵  2,657 Downloads

Kandulakwa - Keerthi Pasqual
Kandulakwa
Keerthi Pasqual
⤵  2,173 Downloads

Hiru Surya Mangalye - Hiru Star
Hiru Surya Mangalye
Hiru Star
⤵  6,344 Downloads

Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  47,606 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  19,677 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  10,622 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  5,355 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  3,484 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  1,681 Downloads



Top 10 Commenters

Latest Comments

Top