Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
13
"ගැහැණු ළමයින්ගේ හිසට පහරදීලා මැරෙනතුරුම දූෂණය කරනවා..." - සුරූපී තරුණියන් සිය ගණනක් අමානුෂිකව ඝාතනය කළ තරුණයෙක් ගැන ඇඟ කිළිපොලා යන කතාව - Photos & Video

- "ගැහැණු ළමයින්ගේ හිසට පහරදීලා මැරෙනතුරුම දූෂණය කරනවා..." - සුරූපී තරුණියන් සිය ගණනක් අමානුෂිකව ඝාතනය කළ තරුණයෙක් ගැන ඇඟ කිළිපොලා යන කතාව - Photos & VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

74 Views
මළසිරුර සමඟත් ලිංගිකව එකතු වෙලා 
 
ඝාතනය කළ සියළුම ගැහැණු ළමයින් හිතවතුන්...
 
සිහිවටන ලෙස හිස ළඟ තබාගෙන මුහුණට මේක්අප් කරලා...
 
එක පෙළට අමානුෂික ඝාතන වැලක් සිදු කරන දාම ඝාතකයින් (Serial killer) ගැන ඔබ කොතෙකුත් අසා ඇති. ලෝක ඉතිහාසයේ එවැනි භයානක මිනිසුන් ගැන අති බිහිසුණු කතා අපට නිරන්තරයෙන් අහන්න දකින්න ලැබෙනවා.
 
මෑතක එවැනි දාම ඝාතන සිදු කරන ඇමරිකාවේ කාන්තාවක් අත්අඩංගුවට පත්ව තිබුණා. කෙසේ වෙතත් ඇමරිකානු සිනමාව තුළ වුවද දාම ඝාතකයින් පිළිබඳව කතන්දරවලදී මෙවැනි පුද්ගලයින්ගේ සත්‍ය කතා ඒ අයුරින්ම යොදා ගන්නා අයුරු අපිට දැක බලාගන්න පුළුවන්.
 
අපි මේ කතා කරන්න හදන්නෙත් එවැනි දාම මිනීමරුවෙකු ගැන ඇඟ ලොමු දැහැගැන්වෙන කතාවක්.

ටෙඩ් බන්ඩි නම් වූ මේ කතා නායකයා ඇමරිකා එක්සත් ජනපදය තුළ අතිබිහිසුණුම ඝාතන රැල්ලක් සිදුකළ මිනීමරුවකු ලෙස හඳුනා ගැනෙනවා. ගණන් හදලා තියන විදිහට ඔහු සිදුකළ ඝාතන 100කට වැඩි බවයි එරට බලධාරින් සඳහන් කරන්නේ.
 
දාම ඝාතකයින් ගැන තොරතුරු ගවේෂණයේදී අදටත් එක්සත් ජනපදය තුළ ටෙඩ් බන්ඩිට වැඩි අවධානයක් යොමු වන්නේ සුවිශේෂී හේතුවක් නිසයි. එනම් මෙම ඝාතකයා සාමාන්‍ය පාතාල සාමාජිකයකු හෝ වෙන යම් අපරාධ කල්ලියක සාමාජිකයකු නොවේ.
 
ටෙඩ් බන්ඩිගේ මුහුණ බලන ඕනම කෙනෙකුට ඔහු “හොඳ අහිංසකයෙක්“ බව කටපුරා කියන්න පුළුවන්. ඔහුගේ ඝාතනවලට ඔහුගේ මේ අහිංසක මුහුණත් තහඩුව බොහෝ සෙයින් ප්‍රයෝජනවත් වනවා.
 
තව විදිහකින් කිව්වොත් ටෙඩ් බන්ඩි කියන්නේ උපාධිදාරියෙක්. ඒ ගැනත් අපි කතා කරමු. ඊට කලින් අපි ආයෙම මුලට යමු.
 
1946 වසරේ නොවැම්බර් 24 වැනිදා උපත ලබන ටෙඩ් බන්ඩි, 1989 ජනවාරි මාසේ 24 වැනිදා ෆොල්ඩාවල විදුලි පුටුවකදී අවසන් ගමන් යනවා. මේ දාම ඝාතකයාට අවසන් කැමැත්තක් තිබුණේ නැහැ කියලයි කියන්නේ. ඒ වගේ තමන්ට ලැබුණු අවසාන ආහාර වේලත් ඔහු විසින් ප්‍රතික්ෂේප කළා කියලයි වාර්තා වෙන්නේ.
 
ඝාතකයෙක් විදිහට මොහුව හඳුනා ගැණුනත් දශකයක් යනතුරු තමා කවුරුත් මැරුවේ නැහැ කියලා ඔහු කියලා තිබුණා. මේ අතරතුර කාලයේ ඔහු කාන්තාවක් සමඟ විවාහ වන අතර නමුත් ඔහු ගැන දැනගැනීමෙන් පසු ඇය ඔහුගෙන් දික්කසාද වෙනවා.
 
ටෙඩ් බන්ඩිගේ පියා ජිවතුන් අතර හිඳ නැහැ. ඔහුගේ පවුලේ අය වුණේ අම්මා, සීයා සහ ආච්චි කියන පිරිසයි. ඉතින් කුඩා කාලයේදී ටෙඩ්ට ඇහැ ගැටෙන්නේ තමන්ගේ සීයාගේ අධික කෝපය හා ආච්චිට කරන අමානුෂික හිරිහැර යනාදියයි. මේ හේතූන් නිසාම ඔහු මානසික වශයෙන් පීඩා වින්ඳා කියලා කියනවා.
 
ටෙඩ් අහිංසකයෙක් වගේ පෙනී සිටියා වගේම ඔහු කතෝලික බැතිමතෙකුත් වුණා. ඉතින් නිතරම ඔහු පල්ලියට යන එක පුරුද්දක් කරගෙන ඉඳලා තියනවා. මේක ඇත්තටම අපි දන්න විදිහට සාමාන්‍ය කොල්ලෙකුගේ ජිවිතයක්. ඔහුත් ඒ ජිවිතය අත්විඳලා තිබුණා. ගැහැණු ළමයින් සමඟින් පෙම් හමුවීම්වලට (ඩේටින්) පවා ඔහු ගිහින් තියනවා.
 
දැන් එතකෙට අපිට තේරෙන එකම දේ, ඔහුට දාම ඝාතකයෙකු වෙන්න තරම් හේතුවක් මෙතන නැහැ. තාමත් මනෝ විද්‍යාව ගැන ගැඹුරින් හදාරන පර්යේෂකයන්ට පවා ලිහාගන්න බැරි එකම පැටලුම් නූල මේක.
 
ඊළඟට 1972දී විශිෂ්ඨ සම්මාන සහිතව මනෝ විද්‍යා උපාධිදාරියෙක් වන ඔහු පසුකාලීනව නීති විද්‍යාලයට බැඳෙනවා. ඔබ විශ්වාස කරන එකක් නැහැ. සියටැල්වල අපරාධ තුරන් කිරීමේ කොමිසමේ සහකාර අධ්‍යක්ෂකවරයෙක් විදිහටත් ඔහු කටයුතු කරනවා. ඒකේදී ඔහුට තිබුණ රාජකාරිය තමයි, කාන්තාවන්ට දූෂකයන්ගෙන් බේරෙන හැටි කියා දෙන එක. මේක ටිකක් විහිලුසහගත දෙයක් වෙන්න පුළුවන්. කොහොම වුණත් මේ කාලයේදීත් ඔහු විසින් දාම ඝාතන සිදු කරන්නට ඇති බවට අනාවරණය වී තිබෙනවා.
 
ඔහුගේ අපරාධ ඉතිහාසය දිහාට හැරුණොත් නිශ්චිතව අපිට සඳහන් කරන්න බැහැ, කවදා කොහොම කොතනක ඔහු ඝාතකයෙක් වුණාද කියලා. හැබැයි වාර්තාවලට අනුව 1974 ඉඳලා ඔහුගේ ඝාතන පටන් අරන් තියෙනවා කියලයි සඳහන් වෙන්නේ. මේ ඝාතන ප්‍රමාණය හෝ ඝාතනයට ලක්වූවන් ගැන අපිට තොරතුරු කතා කරන්න බැරි එය ඒ තරම් ප්‍රමාණය ඉක්මවා යන නිසයි. ඒ අතරිනුත් වැඩිපුරම ඔහුගේ ගොදුරු බවට පත්වෙලා තියෙන්නේ සරසවි සිසුවියන්.
 
තමන් ඝාතන 30ක් පමණ කළා කියලා පාපොච්චාරණය කළා වුණත්, නිල නොවන වාර්තා අනුව ඝාතන 100කට වැඩි ප්‍රමාණයක් ඔහු විසින් සිදු කරලා තියනවා.
 
ඊළඟට අපි කතා කරන්නේ ඔහුගේ ඝාතනවල භයානකකම ගැනයි. හුඟක් වෙලාවට ගැහැණු ළමයින් නිදාගෙන ඉන්න වෙලාවට ඔහු විසින් ඝන වස්තුවකින් ඒ ගැහැණු ළමයින්ගේ හිසට පහර දෙනවා. ඉන් අනතුරුව මියයනතුරුම ඔවුන්ව දූෂණය කරනවා.
 
මෙහි විශේෂත්වය තමයි මෙසේ ඝාතනයට ලක්වූ හැම කෙනාම වගේ ඔහුගේ සමීපයෙන් හිටපු අයයි. කාන්තාවන්ගේ විශ්වාසය දිනාගැනීම අතින් ටෙඩ් බන්ඩි අතිදක්ෂයෙක් වුණා. නිතරම අතේ බැන්ඩේජ් එකක් පැළඳ සිටි ඔහු ගැහැණු ළමයින්ගේ අනුකම්පාව දිනා ගැනීමට පවා සමත් වූවෙක්. මේ නිසාම ඔහුට තම ඝාතන සිදු කරන්න එය පහසුවක් වුණා.
 
නමුත් මේ තරම් කඩවසම් පෙනුමක් තිබියදී, ගැහැණු ළමුන්ගේ ආකර්ශනය නොඅඩුව ලැබියදී දාම ඝාතකයෙක් වීමට තරම් ඔහුට හේතුවක් තියනවද? මේ තමයි මේ තාක් නොවිසඳුණු එකම පැටලුම.
 
ඊළඟට ඔහු තමන් ඝාතනය කරපු කාන්තාවන්ගේ හිස් සමරු සටහනක් විදිහට එහෙම නැත්තම් සම්මානයක් විදිහට තමන්ගේ සන්තකයේ තබා ගත් බවත් වාර්තා අතර සඳහන්. ඒ විතරක් නෙවෙයි, ඔහු මිය ගිය කාන්තාවන්ට ඇඳුම් අන්දවා, මේක්අප් පවා කරලා තියනවා.
 
කොහොම වුණත් මේ බිහිසුණු ඝාතකයා 1976 දී පොලිසීයට අහුවෙනවා. හැබැයි එහෙම ඇල්ලුවා වුණත් කිහිප වතාවක්ම බන්ධනාගාරයෙන් පැන යන්න ඔහු සමත් වෙනවා. 1977 දී නැවත ඔහුව අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරින් ඔහුව උසාවියට ඉදිරිපත් කරනවා.
 
ඔබට කලින් කිව්වා වගේම, ටෙඩ් බන්ඩි කියන්නේ නීතිය හොඳින් හදාරපු කෙනෙක්. තව පැත්තකින් උපාධිදාරියෙක්. ඒ නිසාම මේ වෙලාවේ ටෙඩ් බන්ඩි තමන්ගේ නීතිඥයා විදිහට තමන්ම පෙනී සිටින්න තීරණය කරනවා. නමුත් පුස්තකාලයට යන්න අවසර ඉල්ලපු ටෙඩ් එතනිනුත් ජනේලයකින් පැනලා යනවා.
 
මේ විදිහට විටින් විට පලා යන ටෙඩ්, එක්වරක හොරකම් කරපු වාහනයකින් පලා ගිහින් කාන්තා නේවාසිකාගාරයකට ඇතුලු වෙනවා. එහිදී එහි සිටි ගැහැණු ළමයින් හතර දෙනෙකුට ඔහු විසින් පහර දීලා තියනවා. ඒ මොහොතේ අවාසනාවන්ත විදිහට ගැහැණු ළමයින් දෙදෙනෙකුට ජිවිතය අහිමි වුණූ බවයි සඳහන් වන්නේ. මෙම ඝාතනයන් සහ පහරදීම් සිද්ධ වෙන්නේ පැයක් වගේ කාලයක් ඇතුළත වීම විශේෂත්වයක්.
 
ටෙඩ් බන්ඩි ගේ සාහසික කතාව ඒ තරම් දිගුවක් වෙද්දි ඒ වනවිටත් මනෝ විද්‍යාඥයින් බර ගානක් ඔහුගේ මේ මානසික විකෘතිතාවයන්ට හේතූන් හොයමින් හිටියා. ඒ අතරිනුත් කිහිප දෙනෙකු සඳහන් කර තිබුණේ ඔහු විවිධාකාර මානසික රෝග රැසකින් පීඩා විඳින බවයි.
 
ඒ වගේම, ටෙඩ් බන්ඩි සමඟින් කරපු වාර්තාමය වැඩසටහනුත් බොහෝමයකුත් තියනවා. කෙසේ වෙතත් ඔහු මළසිරුරු ගබඩා කරලා තියාගත්තා කිව්වොත් ඔබට ඒක විශ්වාස කරන්න බැරිවෙයි. ඒත් කලින් සඳහන් කළා වගේම මළසිරුරු සිහිවටන විදිහට ළඟ තියාගන්න ටෙඩ් ඒ මළසිරුරු කුණු වනතුරුම දූෂණය කරලා තියනවා.
 
මේ තමයි ටෙඩ් බන්ඩිගේ අති බිහිසුණු කතාව. ඒ කතාව හුඟක් දෙනෙකුට හරි හැටි තෝරාගන්න බැරි වුණු කතාවක්.
 
අපි හොඳින් දැන අඳුනන ඝාතකයින් විවිධ ස්වරූපවලින් පෙනී සිටිද්දි, මේ ඝාතකයා උපාධිදාරියෙකු හා දැන උගතෙකු වීම විශේෂයි. කොහොම වුණත් ටෙඩ් බන්ඩි විදුලි පුටුවකදී අවසන් ගමන් ගියේ එක්සත් ජනපදයේ අපරාධ ලැයිස්තුවේ අති බිහිසුණුම දාම ඝාතකයා ලෙසිනුයි.
 
කෙසේ වෙතත් ටෙඩ් බන්ඩිගේ කතාව ගැන ආයෙමත් හැමෝගෙම අවධානය යොමු වන්නේ එක්තරා සුවිශේෂී සිදුවීමක් නිසයි. ඒ තමයි ටෙඩ් බන්ඩිගේ කතාව යොදාගෙන සිනමා පටයක් නිර්මාණය වෙලා තියනවා. 2017 දී මේ සඳහා සැලසුම් කරන අතර Joe Berlinger කියන අධ්‍යක්ෂකවරයා මෙම සිනමා පටය අධ්‍යක්ෂණය කරනු ලබනවා. එහි ටෙඩ්ට රඟදක්වන රංගන ශිල්පීයා රූපයෙන් ඔහුටම සමාන අයෙක් වන අතර ඔහු නමින් Zac Efron. මෙම චිත්‍රපටයහි පූර්ව ප්‍රචාරක පටය මේ වනවිටත් අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා.
 
ටෙඩ් බන්ඩි 1978 නඩු විභාගයේදී රූපවාහිනී කැමරා සඳහා අත පාමින්... (පහත ජායාරූපය බලන්න)
 
 
ටෙඩ් බන්ඩිගේ උසස් පාසලේ පාසල් වාර්ෂික පොතේ ජායාරූපයක්...
 
 
පහත ජායාරූපයේ සිටින්නේ ටෙඩ් බන්ඩි. 1975 - 1978 ආසන්නයේ ගත් ජායාරූපයක්..
 
 
පහත ජායාරූපයේ ටෙඩ් බන්ඩි සමඟ සිටින්නේ ලින්ඩා ඈන් හීලි වන අතර ඒ ඔහු විවාහ වූ කාන්තාවයි. නමුත් ඔහුගේ සැබෑ ස්වරූපය හඳුනාගත් පසු ඇය ඔහුව දික්කසාද කර තිබෙනවා.
 
 
1974 ජනවාරි මස සිට ජුනි මස දක්වා කාලය තුළ ටෙඩ්ගේ ගොදුරු බවට පත් වූ කාන්තාවන් කිහිප දෙනෙකු පහත ජායාරූපවලින්...
 
 
1974 ඌටාහිදි ඔහු සිදුකළ කාන්තා ඝාතන...
 
 
බන්ඩිගේ මෝටර් රථයේ තිබී සොයාගත් දේවල්...
 
 
ටෙඩ් බන්ඩි 1979 දී ෆ්ලොරිඩාවේ උසාවියක....
 
 
FSU හි චි ඔමෙගා සූර්යාගේ නිවසේදී ටෙඩ් බන්ඩි ඝාතනය කළ කාන්තාවන් දෙදෙනා....
 
 
1989 දී ටෙඩ් බන්ඩි විදුලි පුටුවක අවසන් ගමන් යාමත් සමඟ ඒ සතුට සැමරූ පිරිස්....
 
 
Joe Berlinger අධ්‍යක්ෂණය කළ ටෙඩ්ගේ ජිවිත කතාව රැගත් චිත්‍රපටයක් නිර්මාණය වී ඇති අතර එහි පූර්ව ප්‍රචාරක පටය අන්තර්ජාලය ඔස්සේ ඔබට නැරඹිය හැකියි. එහි ටෙඩ්ගේ චරිතය නිරූපණය කරන්නේ Zac Efron නම් රංගන ශිල්පියා විසිනුයි.
 
ටෙඩ් බන්ඩිගේ අවසන් සම්මුඛ සාකච්ජාව පහතින් නරඹන්න..
 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top