Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
13
" ඇයගේ වියෝවෙන් පස්සේ මගේ හිතේ හටගත්ත පාළුව සාංකාව නිසා මම ඇය වෙනුවෙන් කවි ලිව්වා.." - දයාරත්න රණතුංග - Photos

- " ඇයගේ වියෝවෙන් පස්සේ මගේ හිතේ හටගත්ත පාළුව සාංකාව නිසා මම ඇය වෙනුවෙන් කවි ලිව්වා.." - දයාරත්න රණතුංග - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,696 Views
"අමරාගේ වෙන්වීම තමයි මගේ ජීවිතයට තදින්ම දැනුන වේදනාව.."

"ඒ තරුණියට ආදරේ කරන්න බැරි වුනු නිසයි ඒ ගීතය ලිව්වේ.."

පුංචි කාලේ අම්මගෙ තනි නොතනියට ගුවන් විදුලියට ආපු ඔහු කවදාවත් හිතන්න නැතුව ඇති මේ ජීවන ගමනේ ගායන ශිල්පියෙක් සංගීත අධ්‍යක්‍ෂවරයෙක් එතැනින් එහාට ආචාර්ය යන පදවියෙන් පිදුම් ලබන්නට සමත් වෙයි කියලා. ඒත් අපි නොහිතන අන්දමේ දේවල් ‘දෙයක් වේනම් සුදුස්සාටම. කියලා ලැබෙන වෙලාවල් තියෙනවා. මේකත් එහෙම අවස්ථාවක්. ප්‍රවීණ ශිල්පීන් කිහිප දෙනෙකුගේ ශාස්ත්‍රීය සංගීත පුහුණුව සවනට වඩා හිතට ගත්තු දයාරත්න රණතුංග නම් වූ ඔහු සංගීත ලෝකයේ ජයටැඹ කරා ආ ගමන් මග හෙළි කරන්නේ මෙහෙමයි.

උපන් ගම නාවල. ගෙවුණු පුංචි සන්දියේ මතකයන් සමග මේ කතාබහට ප්‍රවේශයක් ගත්තොත්...
ඇත්තටම මගේ මහ ගෙදර අයිති වෙන්නෙ කිරුළපනේට. කිරුළපනේ පොල්හේන්ගොඩ ඇවරිහේන පාරේ කෙළවරේ තමයි” අපේ ගේ තිබුණෙ. කිරුළපනේ ස්ටේෂන් එක හරහා තමයි නාවල පාරට එන්නෙ. වර්තමානයේ මගේ පදිංචිය නාවල. කිරුළපනේ පේන දුර. ඔය ප්‍රදේශ දෙක අතර ගෙවුණ ළමා කාලය හරිම සුන්දරයි.
 
මූලික අධ්‍යාපනය ලැබුවේ
හෝඩියේ පංතියේ ඉඳල අධ්‍යාපනය හැදෑරුවේ කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයෙන්. උසස් පෙළට විද්‍යා විෂයයන් තෝරාගත්තත් එම විෂයයන් ඉගැන්වීම සඳහා ආනන්ද ශාස්ත්‍රාලයේ ගුරුවරුන් නොසිටි නිසා මම මරදානෙ සහිරා විද්‍යාලයට ඇතුළත් වුණා. ඒ කාලෙ එහි ඉන්දියාවෙන් අපේ රටේ පාසල්වලට ගෙන්වපු ගුරුවරු හිටියා.
 
එතැනින් පස්සෙ
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න අවස්ථාව උදාවුණා. ඉන්දියානු ගුරුවරු යටතේ ලබා ගත්ත දැනුම ඒ සඳහා බෙහෙවින් උපකාරී වුණා. ඒත් මගේ අහේතුවකට ඒ වර්ෂයේදී රජයෙන් තීරණය කරල තිබුණා විද්‍යා විෂයන් සිංහලෙන් ඉගැන්විය යුතුයි කියලා. ඒ කාලෙ විද්‍යා විෂයන් සිංහලෙන් ඉගැන්වීමට ගුරුවරු හිටියෙ නෑ. එතනදී මම තීරණය කළා. එහි සිටින අතරතුරම ලන්ඩන් බී. එස්. සී. කරන්න. එම විභාගයෙන් මම ඉහළින්ම සමත් වුණා.
 
ඔබ ඉතා ලාබාල වයසෙදී සංගීත ක්‍ෂේත්‍රයට යොමු වෙනවා
මගේ පියා චාල්ස් පීටර් රණතුංග විදුහල්පතිවරයෙක්. මව දෝන මැස්ලින් කොළඹගේ ගුරුවරියක්. විවාහයෙන් පස්සෙ අම්ම දෝන මැස්ලින් රණතුංග ලෙස තමයි නම භාවිතා කරල තියෙන්නෙ.
 
ගුරුවරියක් නිසා අම්මට ඒකාලෙ ගුවන් විදුලියේ කාන්තා වැඩසටහන් ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබිල තියෙනවා. ඒකාලෙ මම ගොඩක් පුංචියි. අම්ම මාවත් එක්කගෙන තමයි ඒ වැඩසටහන්වලට සහභාගි වුණේ. ඔය කියන කාලෙ (එක්දහස් නමසිය හතළිස් ගණන්වල) ගුවන් විදුලිය තිබුණේ කොටා රෝඞ් එකේ ගෙදරක කාමර දෙකක. එක කාමරයක සිංහල වැඩසටහන් සහ අනෙක් කාමරයේ ඉංග්‍රීසි - දෙමළ වැඩසටහන් ඉදිරිපත් කළා. මම ඉතින් අම්මගෙ වැඩ කටයුතු ඉවර වෙනකම් එතන හැම අස්සක් මුල්ලක් නෑරම ඇවිදිනවා. දවසක් මම දැක්කා සංගීත වැඩසටහනකට ආපු රූපසිංහ” සාදිරිස් කියන ප්‍රවීණ ශාස්ත්‍රීය ගායන ශිල්පීන් දෙපළ පුහුණුවීමක නිරත වෙනවා. ඇත්තටම එදා මගේ හිත ඒ පැත්තට ඇදිල ගියා. එදා ඒ ඇතිවුණ ආසාව තමයි මාව ශාස්ත්‍රීය ගායන ශිල්පියෙක් කළේ.
 
ඔබ සංගීතය විෂයක් හැටියට හදාරන්න පටන් ගත්තා.
ඔව්. මම සංගීතය ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න කොට තමයි 1952 අවුරුද්දෙ රජයේ සංගීත විද්‍යාලය ආරම්භ වුණේ. අද සෞන්දර්ය විශ්වවිද්‍යාලය. ඒත් ඒ වෙද්දී මට අවුරුදු දාසයට අඩු නිසා පංතියට ඇතුළත් වෙන්න බැරි වුණා. කොහොම හරි මට වැඩිමල් අයියා රූපරත්න රණතුංග අද ජීවතුන් අතර නැහැ. ඔහු සංගීතය ඉගෙන ගන්න සංගීත විද්‍යාලයට ඇතුළත් වුණා. මම ආසාව වැඩි කමට අයියත් එක්ක පංතියට ගිහින් ඔහු ළගින්ම වාඩි වෙලා කියලා දෙන හැමදේම හොඳින් අහගෙන ඉන්නවා. අයිය ගෙදර ඇවිත් ඒ අභ්‍යාස පුහුණු වෙද්දී මමත් හරි හරියට අයියත් එක්ක ඒවට සහභාගි වෙනවා.
 
අන්තිමට අයියට වඩා ඔබ දක්‍ෂයෙක් වුණා...
ඒ කාලෙ අයියලාට ඉගැන්නුවේ බී. එස්. විජේරත්න ගුරුතුමා. දවසක් ඔහු පංතියට ඇවිත් එක්තරා ශාස්ත්‍රීය ගායනයක් ඉදිරිපත් කළා. ඒ අතරේ විහිළුවට මගේ පැත්තටත් ඇගිල්ල දික් කළා. මම නැගිටල පංතියේ අනිත් අයියල වගේම ගීතය ගායනා කළා. විජේරත්න ගුරුතුමා පුදුම වෙලා වගේ මා දිහා බලාගෙන ඉඳල පොඞ්ඩක් නවත්වන්න කියලා විද්‍යාලයාධිපති ආචාර්ය ලයනල් එදිරිසිංහ මහතා එක්කගෙන ඇවිත් මට නැවත ඒ ගීත ඛණ්ඩය ගායනා කරන්න කිව්වා. මම ගායනා කළා. ඒ වෙලාවේ මගේ ගායන හැකියාව ඉතා අගේ කරපු විද්‍යාලයාධිපතිතුමා මට කිව්වා පුතා ඔයාට වයස අඩුවුණාට කමක් නෑ හෙට ඉඳල පංතියට ඇවිත් ඉගෙන ගන්න. මම ඔයාගෙ නම ලේඛනයට ඇතුළත් කරනවා කියලා. එදා ඒ ගිය ගමන මම අවුරුදු හයක් වෙනකම් සම්පූර්ණ ලෙස සංගීතය ඉගෙන ගත්තා.
 
වැඩිදුර අධ්‍යාපනය සඳහා ඔබ ඉන්දියාවට යනවා.
ඇත්තටම මම ඉන්දියාවට ගියේ කාරණා දෙකක් ඉටු කරගන්න. විද්‍යා විෂයන් ඉගෙන ගත්තු නිසා ඒ කටයුතු තවදුරටත් කරගෙන යන ගමන් ලක්නව් විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා හොඳ ගුරුවරයෙක් හොයා ගත්තා. ඔහු මහාචාර්ය ලෙලේ. විශ්වවිද්‍යාලයාධිපති මහාචාර්ය රත්න ශංකර් මහතා මගේ වැඩවලට ලොකු සහයෝගයක් ලබා දුන්නා.
මේ අතර ඔබ රැකියාවක නියැළෙන වයසට පැමිණුනා.
ඔව්. මම විද්‍යා විෂයන් වගේම සංගීත අංශය පිළිබඳ වැඩිදුර හදාරල ඒ අංශ දෙකෙන්ම උපාධි ලබා ගත්තා. ලංකාවට පැමිණීමත් සමගම මට එකවර රැකියා අවස්ථා කීපයක් හිමි වෙනවා. මුලින්ම ගුරුවරයෙක් ලෙස මහරගම ට්‍රේනින් කොලේජ් එකට ඇතුළත් වුණා. වැඩට ගියේ දවස් දෙකයි මට ඒක හරිගියේ නෑ. ආපසු ආවා. ඊළගට ටයර් සංස්ථාවේ රැකියාවක් ලැබුණා. මම ඒකට කැමැති වුණා. ඒ මම ඉගෙන ගත්තු විෂයන්වලට සම්බන්ධයක් තිබුණ නිසා. පර්යේෂණ නිලධාරියෙක් හැටියට එහි රැකියාව කළා. එහි සේවය කරමින් ඉන්න අතරෙ තමයි” මට දැනගන්න ලැබෙන්නෙ ගුවන්විදුලි සංස්ථාවේ සංගීත අංශයේ ප්‍රධාන නිෂ්පාදක ඇබෑර්තුවක් තියෙන බව. අයදුම් පත්‍රයක් යොමු කළා. ඒ සඳහා මාව තේරුණා. ඒ රැකියාව මම හරිම ආසාවෙන් කළා.
 
මේ කාලයේම ඔබේ ප්‍රථම සංගීත නිර්මාණය "මහ රෑ  යාමේ මේ ඇල්හේනේ තනියම සීපද කියනු අසා" බිහි වෙනවා.
ඒ ගීතය ලිව්වේ ප්‍රවීණ නාට්‍ය රචක මර්වින් සේනාරත්නයන්. ඒ සඳහා මම තනුව නිර්මාණය කරලා මගේ වැඩිමල් සහෝදරියක් වන සෝමලතා රණතුංග එක්ක තමයි ගායනා කළේ.
 
ඒ ප්‍රථම නිර්මාණය සාර්ථක වුණා.
ගීතය කළාට පොඩි චතිකයක් මගේ හිතේ තිබුණා ඒක සාර්ථකද අසාර්ථකද කියන කාරණය ගැන. මොකද ගීතය ලියවුණේ ජන ගී ඇසුරින්. ඒ සඳහා මම යොදපු තනුව හරිද වැරදිද කියන දේ හරියට දැනගන්න මට ඕන වුණා. ඒක නිවැරදිව දැනගන්න සංගීතය පිළිබඳ හසළ දැනුමක් තියෙන කෙනෙකුගෙන් වෙන්නත් ඕන. ඒ කාලෙ හැටියට එතැන හිටියෙ සුනිල් ශාන්තයන් සහ ආනන්ද සමරකෝන් කියන ප්‍රවීණයෝ දෙන්න විතරයි.
 
ඒ දෙදෙනාගෙන් ආනන්ද සමරකෝන් මහත්මයා හිටියෙ නුගේගොඩ පාගොඩ පාරේ. ඒ නිසා මම ඔහුව ටිකක් දැන හඳුනගෙන හිටියා. මම ගීතය ගැන ඔහු සමග සාකච්ඡා කළා. ගීතය අහල එතුමා කිව්වා පුතා මේක ඉතා හොඳ නිර්මාණයක් මේවගේ නිර්මාණ තමයි අපේ රටට අවශ්‍ය කියලා. මෙවැනි දේ දිගටම කරන්න කියලා මාව දිරි ගැන්වුවා. ඇත්තටම මගේ ආරම්භය අති සාර්ථකයි.
 
දයාබර බිරිඳ අමරා ඔබට මුණ ගැසෙන්නේ....
ඒ කාලෙ අමරා කස්තුරිආරච්චි හංවැල්ල සෙන්ට්‍රල් එකේ ඉගෙන ගත්තු ශිෂ්‍යාවක්. ඇය සතු සංගීත දක්‍ෂතා දියුණු කරගන්න සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙනවා. එහි අපි දෙන්නගෙම ගුරුවරයො වෙන්නෙ බී. එස්. විජේරත්න ගුරු පියා. ඔහු පාසල් දරුවන් වෙනුවෙන් ගුවන්විදුලිය හරහා විශාල වැඩසටහන් ප්‍රමාණයක් කළා. අපි දෙන්න තමයි පංතියේ වැඩිම ලකුණු ගන්නෙ. ඉතින් ඒ වැඩසටහන්වල ගායනා ඉදිරිපත් කරන්න එක්කගෙන යන්නෙ අපි දෙන්නව. පුහුණුවීම්වලදී අමරා ගායනා කරද්දි මම තබ්ල එක ගහනවා. මම ගායනා කරද්දී අමර තබ්ල එක ගහනවා. මේ විදියට අවුරුදු හතඅටක් ගත වෙද්දී අපි දෙන්නම තරුණ වයසට ඇවිත්. අපිටත් නොදැනිම සංගීතයට තිබුණු ආදරය නිසාම අපි ආදරවන්තයන් වුණා. මම හිතන්නෙ ඒක ආත්මීය බැඳීමක් වෙන්න ඕන.
 
එකම ක්‍ෂේත්‍රයේ නියැළුණ ඇය හා විවාහ වීම ඔබේ ජීවිතයට බලපෑවා කිව්වොත්.
ඇත්තටම ලොකු වාසියක්. මොකද අපිට ෂෝස් ලැබුණෙ මේ රටේ වගේ පිටරට. ඉතින් දෙන්නම එකටම යනවා එනවා. කාර්යබහුල වුණත් අවබෝධයෙන් දුක සැප බෙදාගෙන සතුටින් ජීවත් වුණා.
 
පුතුන් දෙදෙනා වගේම එකම දියණියට සංගීත හැකියාව නැද්ද?
අපේ පුතාල දෙන්න තමයි නන්දිත රණතුංග සහ පුලස්ති රණතුංග” දෙන්නටම ගායන හැකියාව හොඳට තියෙනවා. පුලස්ති දැනට රැකියාව කරන්නෙ ඉතාලියෙ. නන්දිත වැඩසටහන්වලට සහභාගී වෙනවා. දියණිය රූපශිකා රණතුංග තමයි අද අමරගෙ ගීත සියල්ලම ගායනා කරන්නෙ. දුවත් සංගීතය පිළිබඳ ආචාර්ය උපාධිය ලබල අද වෙනකොට කොළඹ මියුසියස් විද්‍යාලයේ සංගීත ගුරුවරිය ලෙස සේවය කරනවා.

ඔබේ ගීත ගොන්නේ ඉතාමත් ජනප්‍රිය මිහිරි ගීතයක් වන අජන්තා රණසිංහ ලියූ "කිරි කවඩි සිනා නොදැක බැඳුණු ආදරේ" කියන ගීය ඔබට ලැබෙන්නේ කෙසේද?
අජන්තා රණසිංහ කියන්නෙ මම ගොඩක් පුංචි කාලේ ඉඳල ඇසුරු කරපු කෙනෙක්. ඒකට හේතුව තමයි ඔහු මගේ මාමා වන ඞී. එම්. කොළඹගේ ගෙ ගෙදර බෝඞ්වෙලා හිටියා. මාමගෙ පුතා අසෝක
 
කොළඹගේත් අජන්තත් හොඳ මිතුරන්. මමත් දිනපතා හවසට එතෙන්ට යනවා. ඔය විදියට ලොකු මිත්‍රකමක් අපි අතරෙ ඇතිවෙලා තිබුණ වෙලාවක තමයි ඔහු මට ඒ ගීතය දුන්නෙ.
 
ඔහු එය ලියා තිබුණේ අද අපේ රටේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියකට කියන එක බව දැනගෙන හිටියද?
ගීතය මට දෙනකොට මම දැනගෙන හිටියෙ අජන්තා තරුණියක් ගැන අදහසක් තියාගෙන ඉඳල ඔවුන් අතරෙ සම්බන්ධයක් ඇති නොවීම තුළ ඔහුගේ අද්දැකීමක් මත ලියූ ගීතයක් කියන එක විතරයි. බොහෝ කලකට පස්සේ තමයි දැනගත්තෙ ඔහු අපේ ඒ දක්‍ෂ ජනප්‍රිය රංගන ශිල්පිනිය වෙනුවෙන් ඒ ගීතය ලියපු බව.
 
බිරිඳ අමරා වෙනුවෙන් ගීතයක් නිර්මාණය කරන්න ඔබට හිතිල නැද්ද?
ඇත්තටම එහෙම හිතිලම නැහැ. මොකද ඇය හඳුනාගත් දවසෙ ඉඳල මට මිහිරි ගීතයක් වගේ තමයි. ඇයත් ඒ විදියටම තමයි මාව පිළිගත්තෙ. ඒත් ඇයගේ වියෝවෙන් පස්සේ මගේ හිතේ හටගත්ත පාළුව සාංකාව නිසා මම ඇය වෙනුවෙන් කවි සංකල්පනා නිර්මාණය කළා. ඉදිරියේදී එළිදක්වන මගේ දොළොස් වැනි පොතේ ඇයට විශේෂ තැනක් දීල ඒ කවි එහි පළ කරනවා.
 
ප්‍රේම කතාවක චරිත දෙකක් වගේම විරහ ගීතයක පේළි දෙකක් වුණු ඇය අද ඔබ ළග නෑ. ඒ තනිකම ඔබට දැනෙන්නේ....
ඇත්තවශයෙන්ම ඒ වෙන්වීම තමයි මගේ ජීවිතේම තදින්ම දැනුණු විරහ වේදනාව. අපේ දෙමවුපියෝ සහෝදර සහෝදරියෝ අපෙන් වෙන්වෙලා තියෙනවා. ඒත් ඒ දුක බෙදා ගන්න ඇය මා ළග සිටියා. මේක තමයි ලෝක ස්වභාවය. මම ජීවත් වෙන තුරා ඇය ගැන තිබුණ සුන්දර මතකය සමග ජීවත් වෙනවා.
 
 ධම්මික හේවාවසම්




 


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  68 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  185 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  25 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  23 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  488 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  190 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  745 Downloads

Rashmi Dhara - Sameera Weerasinghe
Rashmi Dhara
Sameera Weerasinghe
⤵  1,253 Downloads

Sandawathiye - Dilmith Hasaranga
Sandawathiye
Dilmith Hasaranga
⤵  3,279 Downloads

Sihinayata Samu Dee - Mihindu Herath
Sihinayata Samu Dee
Mihindu Herath
⤵  3,262 Downloads



Top 10 Commenters

Latest Comments

Top