Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
10
ඩිෆෙන්ඩර් රථයේ ගැටී බම්බලපිටියේදී අනතුරට ලක්වූ බොරැල්ල ට්‍රැෆික් OICගේ අවසන් කටයුතු හෙට - අනතුර ගැන තවත් තොරතුරු මෙන්න - Video

- ඩිෆෙන්ඩර් රථයේ ගැටී බම්බලපිටියේදී අනතුරට ලක්වූ බොරැල්ල ට්‍රැෆික් OICගේ අවසන් කටයුතු හෙට - අනතුර ගැන තවත් තොරතුරු මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

15,778 Views
සමාජ ජාල මාධ්‍යවල ප්‍රචාරණයන් ගෙනයන 15ක් හදුනාගෙන
ඊයේ රාත්‍රී 8.50 ට පමණ ජීවිතක්ෂයට පත්වුණා

ප්‍රභූ ආරක්ෂක අංශයේ පොලිස් අධිකාරීවරයෙකුගේ පුත්‍රයෙක් ඇතුළු කිහිපදෙනෙක් ගමන්කල ඩිෆෙන්ඩර් රථයේ ගැටී බම්බලපිටියේදී අනතුරට ලක්වූ බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සරච්චන්ද්‍ර මහතා ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ රාත්‍රියේ ජීවිතක්ෂයට පත්වුණා.

පොලිස් පරීක්ෂක ආනන්ද සරච්චන්ද්‍ර මහතා 51 හැවිරිදි තිදරු පියෙක්.

පසුගිය මස 24 වනදා අළුයම 4.35 ට පමණ බම්බලපිටිය ආර්.ඒ. ද මැල් මාවතේ ඩුප්ලි - බුලර්ස් මංසන්ධියේදී වැල්ලවත්ත දෙසට වේගයෙන් ධාවනය කල ඩිෆෙන්ඩර් රථයක් කොල්ලුපිටිය දෙසට යමින් සිටි බොරැල්ල පොලිස් රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරච්චන්ද්‍ර මහතා ගමන්කල යතුරුපැදිය අනතුරට ලක්කර පළාගොස් තිබුණා.

අනතුර සිදුකිරීමෙන් පසුව මාර්ගයේ වැටී සිටි පොලිස් පරීක්ෂකවරයාගේ ශරීරය මතින්ද අදාළ රථය ගමන් කරන ආකාරය ආරක්ෂිත කැමරාවල මෙලෙස සටහන්ව තිබුණා.

අනතුරින් බරපතල තුවාල ලැබූ පොලිස් පරීක්ෂකවරයා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කෙරුණු අතර ඔහු බරපතළ තත්ත්වයේ පසුවීම හේතුවෙන් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියා.

ආරක්ෂිත කැමරා දර්ශන උපයෝගී කරගනිමින් අනතුර සම්බන්ධයෙන් සිදුකල විමර්ශනයේදී මහින්දානන්ද අළුත්ගමගේ මහතාගේ පුත් රවිශ්ක බණ්ඩාර අළුත්ගමගේ ඇතුළු පුද්ගලයින් පස්දෙනෙකු ගමන්කල ඩිෆෙන්ඩර් රථය සොයා ගැණුනේ බත්තරමුල්ල - පැලවත්ත - පැගෝඩා ගාර්ඩන්ස් හී අංක 720/7 දරණ නිවසේ ගරාජයක තිබියදීයි.

අනතුර සිදුවන අවස්ථාවේ ඩිෆෙන්ඩර් රථය පැදවූ බව කියන  ප්‍රභූ ආරක්ෂක අංශයේ පොලිස් අධිකාරීවරයෙකුගේ පුත්‍රයෙක් වන 27 හැවිරිදි නවිදු රොමේෂ් රත්නායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ මන්ත්‍රීවරයාගේ පුත්‍රයා ඇතුළු අනෙක් තිදෙනා බම්බලපිටිය පොලිස් ස්ථානයට ඉදිරිපත්වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනුනා.

එමෙන්ම අනතුර සිදුවන අවස්ථාවේ ඩිෆෙන්ඩර් රථයට පිටුපසින් පැමිණි අනෙක් ලෑන්ඩ් කෘසර් රථයේ හිමිකරුවන එක්සත් ජාතික පක්ෂ කොළඹ නාගරික මන්ත්‍රී දුමින්ද සුදම්මික ආටිගල ඇතුළු තිදෙනාද බම්බලපිටිය පොලිස් ස්ථානයට භාරවී තිබුණා.

පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ ඩිෆෙන්ඩර් රථයේ ගමන්කල පිරිස රාත්‍රී සමාජ ශාලාවකට ගොස් නැවත එමින් සිටියදී බුලස් පාර මංසන්ධියේ ඇති වර්ණ සංඥා නොතකමින් ධාවනය කිරීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

පසුව අත්අඩංගුවට ගත් පුද්ගලයින් අටදෙනාම අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා.

මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේ අධිකරණ ශාලාවේ සිටි ජනමාධ්‍යවේදීන් ඇතුළු සියලු සාමාන්‍ය වැසියන් ඉන් ඉවත්කොට අධිකරණ ශාලාව වසා අප්‍රසිද්ධියේ නඩුව විභාග කිරීමට මහේස්ත්‍රාත්වරයා තීරණය කර තිබුණා.

මෙහිදී පොලීසිය අධිකරණයට කරුණු දැක්වූයේ සැකකරුවන්ට ඇප ලබාදුනහොත් මහජන කැළඹීමක් ඇතිවිය හැකි බැවින් ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

කෙසේ වෙතත් ඩිෆෙන්ඩර් රථය පැදවු ප්‍රභූ ආරක්ෂක අංශයේ පොලිස් අධිකාරීවරයෙකුගේ පුත්‍රයා වන නවිදු රොමේෂ් රත්නායකට හැර අනෙක් සියළුම දෙනා ඇප මත මුදා හැරුණා.

මිනීමැරීමට තැත්කිරීමේ චෝදනා යටතේ අධිකරණයට ඉදිරිපත් කල නවිදු රොමේෂ් ලක්ෂාන් එළඹෙන මාර්තු 11 එනම් හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාරි මහතා නියෝග කළා.

මේ අතර ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සච්චන්ද්‍ර මහතා ඊයේ රාත්‍රී 8.50 ට පමණ ජීවිතක්ෂයට පත්වුණා.

දේහය පිළිබදව මහේස්ත්‍රාත් පරීක්ෂණය කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් සිදු කළා.

එමෙන්ම දේහය පිළිබදව පශ්චාත් මරණ පරීක්ෂණය විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී චන්න පෙරේරා මහතා සිදු කරනු ලැබූවා.

ඔහුගේ දේහය ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබූ අතර එය අද පස්වරුවේ බොරැල්ලේ පිහිටි මල්ශාලාවක් වෙත රැගෙන ආවා.
දේහය පිළිබද අවසන් කටයුතු හෙට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.

මේ අතර දැනට සිදුකර ඇති පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ ඩිෆෙන්ඩර් රථයේ චැසි අංක හා එන්ජින් අංක සම්බන්ධයෙන් ද ගැටළුකාරී තත්ත්වයක් මතුව ඇති බවයි.

ඒ අනුව රථය නීති විරෝධී එකලස් කිරීමක් සිදුකර ඇති එකක් දැයි තවදුරටත් විමර්ශනය කරන බව පොලීසිය පවසනවා.

පොලීසිය සදහන් කරන්නේ ඩිෆෙන්ඩර් රථය සමාජ ශාලාවෙන් පිටත්වන අවස්ථාවේ සිට ස්ථාන පහකින් ලබාගන්නා ලද ආරක්ෂිත කැමරා දර්ශන මගින් දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරු මෙම රථය පදවා ඇති බවට තහවුරු වන බවයි.

එමෙන්ම අදාල ඩිෆෙන්ඩර් රථය පැදවූයේ වෙනත් පුද්ගලයෙක් බවට සමාජ ජාල මාධ්‍යවල ප්‍රචාරණයන් ගෙනයන පුද්ගලයින් 15 දෙනෙක් හදුනාගෙන ඇති බවත් ඔවුන් ඉදිරියේදී අධිකරණයට කැදවා එවැන්නක් ප්‍රකාශ කිරීමට ඇති සාක්ෂි අධිකරණයට ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දෙන බවත් පොලීසිය සදහන් කළා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mathakai Eda - Billy Fernando & Umaria Sinhawansa
Mathakai Eda
Billy Fernando & Umaria Sinhawansa
⤵  176 Downloads

Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,690 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  40,323 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  37,664 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  17,776 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,275 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,138 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  44,265 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,840 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,752 Downloads



Top 10 Commenters

Latest Comments

Top