Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
10
"ලේබල් ගහපු චරිත මම කරන්නෙ නෑ...මගේ සීමාව ඇතුළේ කරන්න පුළුවන් දේ තමයි මම කරන්නේ." - නිපුනිකා හේවාගමගේ

- "ලේබල් ගහපු චරිත මම කරන්නෙ නෑ...මගේ සීමාව ඇතුළේ කරන්න පුළුවන් දේ තමයි මම කරන්නේ." - නිපුනිකා හේවාගමගේHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

24 Views
තමන් හරි දේ කරනවා නම් බය වෙන්න ඕනේ නෑ..
තනි කැමැත්තෙන් කිසි දෙයක් වෙන්නේ නෑ..

නිපුනිකා හේවාගමගේ කියන්නේ නිවේදිකාවක් විදිහට රසික හදවත්තුලට ඇවිත් රංගනයෙන් හැමෝගෙම ආදරය දිනාගත්තු චරිතයක්.කාලයක් රංගනයෙන් ඈත් වෙලා හිටපු නිපුනිකා ආයෙමත් රඟපෑමට දැන් සම්බන්ධවෙලා.නිපුනිකාගේ ඉස්සරහ ජීවිතේ වගේම ආදරේ ගැනත් සතිඅන්ත පුවත්පතකට කියලා තිබුණේ මේ විදිහට.

නිපුනිකා මේ දවස්වල වැඩි සද්ද බද්ද නැත්තේ ඇයි?

මම ටෙලි ඩ්‍රාමා දෙක තුනක වැඩ කළා. ඒවා තාම විකාශය වුණේ නැහැ. අහස් මාලිගා නාට්‍ය නම් මේ දවස්වල විකාශය වෙනවා. සුපුරුදු විදියට හඬ කැවීම්වලටත් එකතු වෙනවා. මම කොහොමත් වැඩි සද්ද බද්ද නැහැ. වැඩ ටික කරගෙන සතුටින් ජීවත් වෙනවා.

පුංචි තිරයෙන් ඔබව මේ දවස්වල දකින්න ලැබෙන්නේ වෙනස් චරිත ද්විත්වයකින්. කොහොමද ඒ නිර්මාණවලට ලැබෙන ප්‍රතිචාර?

අහස් මාලිගා නාට්‍යයේ මම කරන්නේ විලන් රෝල් එකක්. වස, නපුරු, හිතුවක්කාර “සඳමාලි” කියන චරිතය නිසා මම මේ දවස්වල ප්‍රේක්‍ෂකයන්ගෙන් නොසෑහෙන බැනුම් අහනවා. නිමන්ති පෝරගේ අක්කා සහ ප්‍රභාත් රෝෂන් අයියටත් මේ වෙලාවේ ස්තූතිවන්ත වෙන්න ඕනා. මොකද මාව වෙනස් චරිතයකට ඔවුන් තෝර ගත්තා.

නිපුණිකා කාලෙකට පේන්න ඉන්නවා කාලෙකට පේන්න නැහැ. නිපුනිකා අඩුවෙන් වැඩ කරනවා වගේ?

මට පසුගිය ටිකේ නිර්මාණ ලැබුණෙත් අඩුවෙන්. ලැබුණ නිර්මාණවලට දායක වුණා. ඒ නිර්මාණ තාම විකාශය වුණේ නැහැ.

දැන් රංගන ශිල්පිනියන් වැහි වැහලා. ඒ අතරින් නිපුනිකාට ලැබෙන අවස්ථා ගැන සැහීමකට පත්වෙන්න පුළුවන්ද?

මම කලා ක්‍ෂේත්‍රයට එන්නේ 2011දී. එදා ඉඳන් මේ දක්වා මාත් එක්ක වැඩ කරන්න කැමැති අය මට නිර්මාණවලට කතා කළා. සමහර අධ්‍යක්‍ෂවරු එක්ක මම දෙපාර තුන්පාර වැඩ කරලත් තියෙනවා. මගේ හැකියාව ගැන විශ්වාස කරලා මට ලැබෙන ආරාධනා ගැන මට සතුටුයි. ගැළපෙන චරිත මට ලැබෙනවා.

නිපුනිකාට ගැළපෙන චරිත කියලා විශ්වාස කරන්නේ මොන වගේ චරිතද?

යම් කිසි නිර්මාණයකට මම සම්බන්ධ වෙද්දි ඒක මගේ පවුලේ අයට චකිතයක් නැතුව බලන්න පුළුවන් නිර්මාණයක් ද කියලා මම හිතලා බලනවා. ලේබල් ගහපු චරිත කරන්න හැකියාවක් නෑ. මගේ සීමාව ඇතුළේ කරන්න පුළුවන් නිර්මාණවලට තමයි මම සම්බන්ධ වෙන්නේ.

ඔබට සීමා පනවා ගත්තේ ඔබමද? නැතිනම් වෙන කවුරු හරි ඔබට සීමා පනවලා තියෙනවාද?

මගේ පවුලේ අයගෙන් එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. මගේ අම්මා මාත් එක්ක හැම තැනටම එනවා. හැබැයි ඒ ක්‍ෂේත්‍රය ගැන බයක් නිසා නෙමෙයි. අම්මයි මමයි ගොඩක් සමීපයි. ඉතිං අම්මා මට උදණඳ කරන්න තමයි මාත් එක්ක එන්නේ.

අම්මා නිපුණිකාගේ පස්සෙන්ම එන්නේ ඔබව පරිස්සම් කරන්න නෙමෙයිද?

මේ ක්‍ෂේත්‍රය ගැන බයක් නිසා නෙමෙයි අම්මා මාත් එක්ක එන්නේ. අපි හරියට ඉන්නවා නම් බය වෙන්න දෙයක් නෑ. මේ ක්‍ෂේත්‍රයේ යක්කු නෙමෙයි ඉන්නේ. යම් යම් දේවල් නොවෙනවා නෙමෙයි මේ ක්‍ෂේත්‍රයේ. මොන ක්‍ෂේත්‍රයක වුණත් ඒ දේවල් වෙනවා. නමුත් තනි කැමැත්තෙන් කිසි දෙයක් වෙන්නේ නෑනේ. ඒ නිසා තමන් ඉන්න ඕන විදිය තමන් දැන ගන්න ඕන.

ගොසිප්වලින් බේරිලා ඉන්න තරම් නිපුනිකා ගොඩක් පරිස්සම් වෙනවාද?

මගේ ලොකු පරිස්සමක් නෑ. ගෙදර ඉන්න මමමයි මම පිටට ගියාමත්. මම හැමෝම එක්කම යාළුයි. හැබැයි මම එළියේ දේවල් ගෙදරට ගේන්නෙවත් ගෙදර දේවල් පිටට ගෙනියන්නේවත් නැහැ. මං ගැන කවුරුත් ගොසිප් අහලා නැතුව ඇති. සමහරු නම් හැම දෙයක්ම ගොසිප් කර ගන්නවනේ. තමන් හරි දේ කරනවා නම් බය වෙන්න ඕනේ නෑ.

නිපුනිකා කියන්නේ ජනප්‍රිය චරිතයක් කියලා හිතනවාද?

මම මිනිස්සු අතර ඉන්න කෙනෙක් කියලා මට දැනෙනවා. ප්‍රේක්‍ෂකයෝ කියන දේවල් එයාලගේ පිළිගැනීම එක්ක මට ඒක දැනෙනවා.

ඒත් ඔබට තාම ජනප්‍රිය සම්මානය ලබන්න බැරි වුණා?

මම කැමැතියි ජීවිතයේ කවදාහරි දවසක සම්මානයක් ගන්න. මම ඒකට පාර කපාගෙන යනවා. ලැබෙන්න තිබ්බොත් ඒ දේ අනිවාර්යෙන් ලැබෙයි. මට ලැබෙන චරිතවලින් හැකියාව පෙන්වන්න පුළුවන් වුණොත් මට කවදාහරි සම්මානයට පාත්‍ර වෙන්න පුළුවන් කියලා මම හිතනවා.

නිපුනිකා හඬ කැවීම් ක්‍ෂේත්‍රයටත් එකතු වුණානේ. හඬ කැවීම් ක්‍ෂේත්‍රයේ අලුත් වැඩකට සම්බන්ධ වුණේ නැද්ද?

තාමත් ආදරේ නැත්නම් නාට්‍යයේ හඬ කැවීම්වලට මම හරි ආසාවෙන් එකතු වුණා. ඒක පසුගිය දවස්වල ඉවර වුණා. මම හඬ කැවීම් ක්‍ෂේත්‍රයට ආසයි. රූපය නොපෙනී කටහඩින් දෙයක් කරන එක විශේෂයි. ගෙදර අයත් අහනවා මේ මමද කියලා. තවත් ආරාධනා දෙක තුනක්ම ලැබිලා තියෙනවා. රූගත කිරීම් එක්ක කාලය කළමනාකරණය කරගෙන හඬ කැවීම්වලටත් සම්බන්ධ වෙනවා. වෙළෙඳ දැන්වීම්වල හඬ කැවීම්වලටත් එකතු වෙනවා.

පුංචි තිරයේ දකින නිපුනිකා සිනමාවේ දකින්න ලැබෙන්නේ නැත්තේ ඇයි?

සිනමා නිර්මාණවලටත් ආරාධනා ලැබුණා. නමුත් ඒ අවස්ථා ලැබුණේ ටෙලි නාට්‍යවල කාර්ය බහුල වෙලා ඉන්න අවස්ථාවල. භාරගත්ත ටෙලි නාට්‍ය තිබ්බ නිසා අකැමැත්තෙන් වුණත් ලැබිච්ච චිත්‍රපට අතහරින්න වුණා.

නිපුනිකාට ආදරය දැනෙන්නේ කොහොමද?

ආදරය කියන්නේ සරල දෙයක් නෙමෙයි. අපි ජීවිතයේ ආදරය කරලා තියෙනවා. යම් කිසි කෙනෙක් සියලු වැඩ රාජකාරි මැද ඒ කෙනා ආදරය කරන කෙනාට කාලය වෙන් කරනවා නම් ඒක හරි වටිනවා. ආදරය කියන්නේ ලබන්න ඕන, ලැබිය යුතු දෙයක්.

-තිළිණි කෞශල්‍යා විජේසිංහ-
(මව්බිම පුවත්පත)


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top