Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
05
අද පාර්ලිමේන්තුවේ ඉදිරිපත් වූ සම්පූර්ණ අයවැය යෝජනාවලිය මෙන්න-Video

- අද පාර්ලිමේන්තුවේ ඉදිරිපත් වූ සම්පූර්ණ අයවැය යෝජනාවලිය මෙන්න-VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

31,618 Views
ජූලි මස පළමුවනදා සිට රාජ්‍ය සේවකයින් සඳහා රුපියල් 2500 ක දීමනාවක් ලබාදීමට පියවර ගන්නා බව මුදල් අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කළා. අමාත්‍යවරයා කියා සිටියේ එදින සිට විශ්‍රාමිකයින්ගේ වැටුප් විෂමතාද සංශෝධණය කිරීමට පියවර ගන්නා බවයි. ඒ සඳහා රුපියල් මිලියන 12,000 ක් වෙන් කර ඇති බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා ඒ හරහා විශ්‍රාමිකයින්ගේ වැටුප් ඉහළ නැංවෙන බවයි ප්‍රකාශ කළේ. එමෙන්ම ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට ලබාදෙන කමාන්ඩෝ දීමනාව රුපියල් දහසේ සිට පන්දහස දක්වා ඉහළ නැංවෙන අතර, ඔවුන්ගේ ගෙවල් කුලී දීමනාව සියයට 100 කින් ඉහළ දමන බවයි මුදල් අමාත්‍ය මංගල සමරවීර කියා සිටියේ.
 
නව විවාහක යුවල සඳහා වසර 25 කින් ගෙවී යන පරිදි සියයට හයේ පොලියක් මත සිහින මාලිගා නමින් නිවාස ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දෙන බවද මුදල් අමාත්‍යවරයා සඳහන් කළා. එමෙන්ම විදෙස් ගත ශ්‍රමිකයින්ට වසර 15 කින් ගෙවී යන ලෙස මිලියන 10 ක නිවාස ණයක් ලබාදෙනු ලබන්නේද සියයට 6 ක පොලී අනුපාතයකටයි. එමෙන්ම විශ්විද්‍යාල වරම් හිමි නොවූ සිසුන් සඳහා මයි පියුචර් නමින් පොලී රහිත ණය යෝජනා ක්‍රමයක්ද මුදල් අමාත්‍යවරයා අයවැය ඉදිරිපත් කරමින් යෝජනා කළා. උසස් පෙළ ඉහළින් සමත්වන සිසු දරුවන් සඳහා ශිෂ්‍යත්ව අරමුදලක් රජයේ වියදමින් පිහිටුවනු ඇති.

මේ අතර සේවකයින් 250 කට වැඩි ආයතනවලට ළමා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවීමට මෙවර අයවැයෙන් යෝජනා කර ඇති අතර, වතු කම්කරු වැටුප් ගැටළුවට කඩිනම් විසඳුම් ලබාදීමටද කටයුතු කරන බවයි මුදල් අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කළේ. විදේශීය ශිෂ්‍යයින්ට සහ වයස අවුරුදු 18 ට අඩු විදෙස් සංචාරකයින්ට ජාතික උද්‍යානවලට ඇතුලුවීමට අවශ්‍ය අවසර පත් සඳහා සියයට 50 ක මිල අඩුකිරීමක් ද මෙවර අයවැයෙන් යෝජනා කෙරුණා.
 
විශේෂ අවශ්‍යතා සහිත ආබාධිත පුද්ගලයින්ට ලබාදෙන රුපියල් 3,000 ක දීමනාව රුපියල් පන්දහස දක්වා ඉහළ නැංවීමට මෙවර අයවැයෙන් යෝජනා කෙරෙන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කළා.
 
මීට අමතරව වකුගඩු රෝගීන්ට ලබාදෙන රුපියල් පන්දහසක දීමනාව තවත් රෝගීන් 5,000 කට ලබාදීමට කටයුතු කරන බවයි මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ. එසේම මෙම වසර අවසන් වනවිට වැසිකිලි පහසුකම් නොමැති නිවාසවලට වැසිකිලි ලබාදීම සඳහා රුපියල් මිලියන 4,000 ක් මෙවර අයවැයෙන් වෙන් කරන බවයි මුදල් අමාත්‍යවරයා කියා සිටියේ.
 
විදේශීය ඉදිකිරීම් සමාගම්වලට දේශීය සමාගම් සමඟ එක් නොවී රජයේ ටෙන්ඩර් සඳහා ඉදිරිපත්වීමට ඉඩ ලබා නොදීමට ද මෙවර අයවැයෙන් යෝජනා කෙරුණා. මෙමඟින් දේශීය ඉදිකිරීම් සමාගම් දිරිගැන්වීමට බලාපොරොත්තු වන බවයි මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ. එමෙන්ම පෙර පාසල් අංශය නියාමනය කිරීමට සහ පාලනය කිරීමට නෛතික රාමුවක් නිර්මාණය කරන බව ප්‍රකාශ කළ මුදල් අමාත්‍යවරයා ඒවා ගොඩනැංවීම සහ අලුත්වැඩියා කටයුතු සඳහා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ පහසුකම් ලබාදීමට බලාපොරොත්තු වන බවද ප්‍රකාශ කළා.
 
දේශීය මත්පැන් බෝතලයක මිල රුපියල් 63 කින් ඉහළ දැමීමට මෙවර අයවැයෙන් යෝජනා කර තිබෙනවා. මේ අතර ධාන්‍ය බියර් බෝතලයක මිල රුපියල් 9 කින් සහ දුම්වටියක මිල රුපියල් 5 කින් ඉහල දැමීමටයි මෙවර අයවැයෙන් යෝජනා වී ඇත්තේ.
 
මෙවර අයවැය යෝජනාවලට අනුව සිලින්ඩර් ධාරිතාව CC 800ට අඩු පෙට්‍රල් වාහන සඳහා නිෂ්පාදන බද්ධ රුපියල් 150000 කින් ඉහළදැමීමට යෝජනා කර තිබෙනවා. මේ අතර සිලින්ඩර් ධාරිතාව CC 1000ට අඩු පෙට්‍රල් වාහන සඳහා නිෂ්පාදන බද්ධ රුපියල් 175 000කින් සහ සිලින්ඩර් ධාරිතාව 1300ට අඩු පෙට්‍රල් වාහන සඳහා නිෂ්පාදන බද්ධ රුපියල් 500000කින් ඉහළ දැමීමටයි යෝජනා කර ඇත්තේ. සිලින්ඩර් ධාරිතාව 800ට අඩු දෙමුහුන් පෙට්‍රල් වාහන සඳහා නිෂ්පාදන බද්ධ රුපියල් 250000කින් ඉහළ දැමීමටයි යෝජනා කර ඇත්තේ. සිලින්ඩර් ධාරිතාව 1500ට අඩු දෙමුහුන් පෙට්‍රල් වාහන සඳහා නිෂ්පාදන බද්ධ රුපියල් 500000කින් ඉහළ දැමීමට මෙවර අයවැයෙන් යෝජනා කළා. විදුලි මෝටර් රථ කිලෝවොට් 70 ධාරිතාව සහිත වාහන  සඳහා නිෂ්පාදන බද්ධ 175000කින් අඩුකිරීමට යෝජනා කර තිබෙනවා.

මේ අතර ත්‍රිරෝද රථ සඳහා නිෂ්පාදන බද්ධ රුපියල් 60000කින් ඉහල දැමීමටයි මෙවර අයවැයෙන් යෝජනා කර ඇත්තේ.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Siyumaliye - Kumaru Liyanage
Siyumaliye
Kumaru Liyanage
⤵  155 Downloads

Amma Kiyapu De - Nadeera Nonis
Amma Kiyapu De
Nadeera Nonis
⤵  247 Downloads

Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  995 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  4,721 Downloads

Waradak Una Nam - Surendra Perera
Waradak Una Nam
Surendra Perera
⤵  3,996 Downloads

Aetha Idan - Visharada Jananath Warakagoda
Aetha Idan
Visharada Jananath Warakagoda
⤵  360 Downloads

Mawa Amathaka kalata - Noel Raj
Mawa Amathaka kalata
Noel Raj
⤵  1,286 Downloads

Hithune Nadda Adare - Rukshan Disanayaka
Hithune Nadda Adare
Rukshan Disanayaka
⤵  1,937 Downloads

Thahanamda Adare - Tharindu Ramanayake
Thahanamda Adare
Tharindu Ramanayake
⤵  1,342 Downloads

Adarei Man Adarei - Sadee Shan & Isurika Madushani
Adarei Man Adarei
Sadee Shan & Isurika Madushani
⤵  3,942 Downloads



Top 10 Commenters

Latest Comments

Top