බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයාගේ ක්‍රියා කලාපය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පරාජයට එක් ප්‍රධාන හේතුවක්වූ බව විමල් විරවංශ පවසා තිබෙනවා. ඒ BBC පුවත් සේවය සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනුයි.
බැසිල් රාජපක්ෂ සියල්ල ඒකාධිකාරියක් ලෙස තම සන්තකයට ගෙන කටයුතුකිරිම වැළැක්වීමට කටයුතු නොකිරීම නිසා මහින්ද රාජපක්ෂ පවුල් පාලනයක් ගෙනයන බවට ගෙන ගිය මතය නිශේධනය කිරීමට නොහැකිවූ බවයි විමල් විරවංශ හිටපු අමාත්‍යවරයා BBC පුවත් සේවය සමඟ විශේෂ සාකච්ඡාවේදී සඳහන් කර ඇත්තේ.
බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා වැනි පිරිස් ප්‍රතිසංස්කරණ සිදුකිරීමට ඉඩ ලබා නොදුන් බවත් සිදුකල යුතු එවැනි වෙනස්කම් පිළිබඳව රජයේ අවධානය යොමුව තිබූ බවත් ඔහු පවසා තිබෙනවා.
සමස්තයක් වශයෙන් හිටපු ජනපතිගේ පරාජයට හේතුව වුයේ උතුරු හා නැගෙනහිර පළාත් වලින් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට ලැබුණු ඉතා ඉහල ප්‍රතිචාරය බවයි මන්ත්‍රීවරයා පවසා ඇත්තේ.
මහින්ද රාජපක්ෂගේ පරාජයට විමල් විරවංශ හේතුවූ බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පසුගියදා කළ ප්‍රකාශයට පිලිතුරු දෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ තමන්ගේ ක්‍රියා කලාපය නිසා හිටපු ජනාධිපතිවරයාට ඡන්දයක් වැඩිවූවා මිස අඩු නොවූ බවයි.