ඊ.ටී.අයි. මූල්‍ය සමාගමේ වත්කම් අලෙවි කිරීමේ ගනුදෙනුවේදී ඒ සඳහා ඉදිරිපත් වූ දේශීය සමාගම් සමඟ පාරදෘශ්‍යභාවයකින් කටයුතු කර තිබේද යන්න පිළිබඳව අපැහැදිලි බව ජාතික ආර්ථික සභාවේ දී අද ප්‍රකාශ වුණා.
ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එය රැස් වූ අවස්ථාවේදී.
ජාතික ආර්ථීක සභාවේ නියෝජිතයින් ජනාධිපති ලේකම් කර්යාලයේදී අද පෙරවරුවේ රැස් වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.
ඊ.ටී.අයි. මූල්‍ය සමාගමේ වත්කම් අලෙවි කිරීමේ ගනුදෙනුව පිළිබඳව ආර්ථික සභාවේ නිර්දේශ අද ඉදිරිපත් කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළා.
2015-2018 කාලය තුල ආයතන 3ක් ඊ.ටී.අයි. සමාගම මිලදී ගැනීමට කැමැත්ත පළ කර තිබී ඇති අතර එයින් ආයතන දෙකක් මෙරට සමාගම් වන අතර එකක් විදේශීය සමාගමක්.
එහිදී දේශීය සමාගම් සමඟ ප්‍රමාණවත් පාරදෘශ්‍ය භාවයකින් කටයුතු කර තිබේද යන්න පිළිබඳවත්, එම ගනුදෙනුවේදී තැන්පත් කරුවන්ට ගෙවීම සඳහා උපරිම මුදලක් ලබා ගැනීම පිණිස නිසි කේවල් කිරීමක් සිදු කළේද යන්න අපැහැදිලි බවත් ජාතික ආර්ථික සභාවේ අවධානයට ලක් වී තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ මිලදී ගැනිමට ඉදිරිපත් වූ එම සමාගම් 03ටම ලංසු තැබීම සඳහා සමාන අවස්ථාවන් ලබා දුන්නේද යන්න අවිනිශ්චිත බවට ජාතික ආර්ථික සභවේ නිරීක්ෂණ වූ බවයි.
මේ අතර, ඊ.ටී.අයි. තැන්පත් කරුවන් සුරැකීමේ ස්වාධීන සංවිධානය අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා.
මේ අතර, කෙරවලපිටිය එල්.එන්.ජී. විදුලි බලාගාරය සම්බන්ධ ටෙන්ඩර් ක්‍රියාවලිය පිළිබඳව සොයා බැලීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කමිටුවක් පත් කර තිබෙනවා.
ඒ, අද පෙරවරුවේ රැස් වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදීයි.
විදුලි බල අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් අදාළ ටෙන්ඩරය සම්බන්ධ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර, ඊට අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විරෝධය පළ කර ඇත්තේ එම ටෙන්ඩරය විදේශීය සමාගමකට නොව මෙරට සමාගමකට ලබා දිය යුතු බවටයි.
ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාඨලී චම්පික, මලික් සමරවික්‍රම, හර්ෂ ද සිල්වා සහ රවී කරුණානායක යන අමාත්‍යවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර අදාල ටෙන්ඩරය පිළිබඳව සොයාබලා මීළඟ කැබිනට් රැස්වීමට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස දැනුම් දී තිබෙනවා.
VIDEO