ෆිනෑන්ස් කොම්පැනියෙන් ගන්න ඒවා ඔය තියෙන්නෙ
සර්, ලක්ෂ 5ක් දෙන්නම්, නඩුවක් දැම්මා කියලා වැඩක් නෑනේ
ඊයේ අප හිරු සී.අයි.ඒ.හරහා අනාවරණය කලේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඇතැම් වංචනික නිලධාරීන්ගේ ද සහයෙන් පවත්වාගෙන ගිය මහා පරිමාන වාහන ජාවාරමක් හිරු සී.අයි.ඒ.ලබාදුන් තොරතුරු අනුව වලාන දුෂණ මර්ධන ඒකකය වැටලු අයුරුයි.
ජාවාරමට සම්බන්ධ පුද්ගලයෙකු උඩුගම්පල නයිවල පාරේ යතුරුපැදියකින් ගමන් ගන්නා අතරතුර අත්අඩංගුවට ගෙන කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ගම්පහ උඩුගම්පල ප්‍රදේශයේ පදංචි මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරුගේ නිවස වටලනු ලැබුවා.
එහිදී ඔහු ජාවාරමට අදාල ලියකියවිලි ඉරා දැමීමට සැරසුණා.
නිවස සෝදිසියේදී රථවාහන ලියාපදිංචියට අදාල විශාල ලියකියවිලි තොගයක් සොයා ගත හැකි වුණා.
මෙම සැකකරුට අයත් බව කියන තවත් නිවසක් ගම්පහ රජවත්ත ප්‍රදේශයෙන් සොයා ගත් අතර එහි තිබී වාහන දෙකක් හා වාහන ලියාපදිංචි පොත් රැසක් සොයා ගනු ලැබුවා.
එම නිවස සොයාගන්නා තෙක්ම තමන් නිවැරදි බව පුන පුනා පවසා සිටි මෙම සැකකරු හිරු සී.අයි.ඒ.කණ්ඩායමට හා වලාන දුෂණ මර්ධන නිලධාරීන්ට රුපියල් ලක්ෂ 5 ක අල්ලසක් දීමටද සුදානම් වුණා.
ප්‍රධාන සැකකරු හා ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවන් තිදෙනෙකු පොලිසිය ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා.
පොලිසිය පැවසුවේ මාණ්ඩලික නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතාගේ උපදෙස් මත වලාන දුෂණ මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී හේමාල් ප්‍රශාන්ත මහතාගේ අධීක්ෂණයෙන් මෙම වාහන ජාවාරම පිළිබදව වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක බවයි.