පාසල් නිල ඇඳුම් අන්දවා හය හැවිරිදි දරුවකු පාසල් රැගෙන යන මුවාවෙන් කුලී රථවල නංවාගෙන ගොස් කලක සිට හෙරොයින් ජාවාරමක් පවත්වාගෙන ගිය අම්මා කෙනකු හෙරොයින් ග්‍රෑම් 51ක් සහ මිලිග්‍රෑම් 870ක් සමඟ මීගමුව කොට්ඨාස දූෂණ මර්දන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මීගමුව තෙල්වත්ත හන්දියේ පිහිටි පොලිස් අධිකාරි කාර්යාලය ඉදිරිපිටින් මෙම කාන්තාව හෙරොයින් සමඟ කුලී රථයක ගමන් කරන බවට කොට්ඨාස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක අයේෂ් පෙරේරා මහතාට ලැබුණු තොරතුරක් මත රථය නවතා කාන්තා පොලිස් කොස්තාපල්වරියන් වන සංජීවනි (9227), රුවන්දිකා (10197) යන අයගේ සහාය ඇතිව කළ සෝදිසියකදී තිසරපට තුළ ඉතා සූක්‍ෂ්ම ලෙස සඟවා ගෙන සිටියදී මෙම හෙරොයින් ප්‍රමාණය සොයාගෙන තිබෙනවා.
ජා-ඇළ බටගම ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි තැනැත්තියක් වන මේ කාන්තාව මහ පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවකු යටතේ සේවය කරමින් මීගමුව අවට මැතිවරණ කොට්ඨාස කිහිපයක් ආවරණය කරමින් හෙරොයින් බෙදාහැරීමේ නියෝජිතවරියක් ලෙස කටයුතු කරන බව පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇති බව සඳහන්.
පාසල් ඇඳුම අන්දවා දරුවා කුලී රථයේ රැගෙන යන්නේ පොලිසිය රැවටීමට උපක්‍රමයක් ලෙස බවයි කාන්තාව ප්‍රකාශ කර තිබෙන්නේ.
සැකකාරියගේ ස්වාමිපුරුෂයා ද හෙරොයින් ජාවාරමේ යෙදී දැනට රක්‍ෂිත බන්ධනාගාර ගතව සිටිනවා.