රූමත් රූපලාවන්‍ය ශිල්පිනියක විවාහ කරගන්නා බවට පොරොන්දු වී ඇය රවටා රුපියල් ලක්ෂ 20ක මුදලක් ලබාගත් බව කියන මෙරට ප්‍රසිද්ධ පෞද්ගලික ආයතනයක විධායක නිලධාරියකුට එරෙහිව රූපලාවන්‍ය ශිල්පිනියක් පොලිස්පති සහන මැදිරියට පැමිණිල්ලක් කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසනවා.
රූපලාවන්‍ය ශිල්පිනිය සමඟ සෑහෙන කාලයක් ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය මේ පුද්ගලයා ඇය විවාහ කරගන්නා බවට පොරොන්දු වී විවිධ හේතු කියමින් වරින් වර රුපියල් ලක්ෂ 20ක පමණ මුදලක් ඉල්ලාගෙන තිබෙනවා.
ඊට පසුව මොහු ඇය මඟහැර ගොස් ඇති අතර මේ තැනැත්තා පිළිබඳ සොයා බැලීමේදී ඔහු එක්දරු පියෙකු බව දැනගන්නට ලැබුණු බවද රූපලාවන්‍ය ශිල්පිනියගේ පැමිණිල්ලේ සඳහන් වනවා.
මේ පුද්ගලයා කොළඹ නුදුරු ප්‍රදේශයක පදිංචිකරුවකු නිසා මෙම පැමිණිල්ල විභාග කිරීම ඔහු පදිංචි ප්‍රදේශයේ පොලීසියකට පවරන බව පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කළා.