දින ගණනාවක් තිස්සේ අතුරුදහන්ව තිබූ ලෝක ප්‍රකට පාපන්දු ක්‍රීඩකයකු වන ආජන්ටිනාවේ එමිලියානෝ සාලා ගමන් කළ ගුවන් යානයේ සුන්බුන් සමඟ තිබී ඔහුගේ මළසිරුර පසුගිය දිනෙක සොයාගනු ලැබුවා.
ජනවාරි 21 වැනිදා 28 හැවිරිදි එමිලියානෝ සාලා උතුරු ප්‍රංශයේ නැන්ටේස් නගරයේ සිට කුඩා ගුවන් යානයකින් වේල්සයේ කාඩිෆ් බලා ගමන් කරමින් සිටියදීයි මෙම අනතුර සිදු වූයේ.
ඒ වනවිට ගුවන් යානයේ ගමන් කළේ සාලා සහ ගුවන් යානයේ නියමුවා වන 59 හැවිරිදි ඩේවිඩ් ඉබෝට්ස්න් පමණයි.
එදින සිට අතුරුදහන් වූ ගුවන් යානය සොයා දිගින් දිගටම පරීක්ෂණ සිදු කෙරුණා.
සලාගේ දේහය ඔහු හැදී වැඩුණු නගරයක් වන ජිම්නාස්ටික් හි දී අවසන් ගෞරවයට පාත්‍ර වුණා. ඒ 16 වන සෙනසුරාදා දිනයේදීයි.
ඒ අතර තවත් එක සිත්ගන්නා සුළු ජායාරූපයකට සියලු දෙනාගේ අවධානය යොමු වී තිබුණා.
එනම් සලාගේ සුරතල් බල්ලා අවමංගල්‍යය ඉදිරිපිට ශෝකයෙන් බලා සිටින ජායාරූපයයි.
"නාලා" යන සුරතල් නාමයෙන් හැඳින්වූ මෙම බල්ලා තම ස්වාමියාට ගෞරව දක්වන්නට අන් අය සමඟ පෙර මඟ බලමින් සිටි බව සඳහන්.