Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



...
Feb
17
ගාල්ල - රත්ගම රත්කරපු ව්‍යාපාරිකයින් දෙදෙනාගේ පැහැරගැනීම ගැන තවත් තොරතුරු මෙන්න - Video

- ගාල්ල - රත්ගම රත්කරපු ව්‍යාපාරිකයින් දෙදෙනාගේ පැහැරගැනීම ගැන තවත් තොරතුරු මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views
ගාල්ල - රත්ගම ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් මරාදමා ඇතැයි පැවසෙන සිදුවීම සම්බන්ධයෙන් වන පරීක්ෂණ හේතුවෙන් දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතා පොලිස් මූලස්ථානයට මාරුකර තිබෙනවා.

මේ අතර පැහැරගත් පුද්ගලයන් දෙදෙනාගේ බිරින්දෑවරුන්ගෙන් ගාල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය අද ප්‍රකාශ සටහන් කරගත්තා.

ගාල්ල- බුස්ස - රත්නඋදාගම ප්‍රදේශයේ පදිංචිව සිටි ව්‍යාපාරිකයින් දෙදෙනෙකු වන 31 හැවිරිදි රසීන් චින්තක හා 33 හැවිරිදි මංජුල අසේල පැහැර ගැනීමට ලක්ව ඇත්තේ පසුගිය ජනවාරි මස 23 වැනිදායි.

එදින පෙරවරු 10 ට පමණ පොලිස් නිල ඇදුමින් සැරසුනු පිරිසක් වෑන් රථයකින් හා මෝටර් රථයකින් පැමිණ පැහැර ගැනීම සිදුකළ බවට ඥාතීන් චෝදනා කළා. 

පැහැර ගැණුනු මංජුල අසේලගේ බිරිඳ
අම්මා තමයි ඇවිල්ලා කිව්වෙ මංජුව අරං ගියා කාර් එකකිනුයි, වෑන් එකකිනුයි ඇවිල්ලා. මං ඒ සැනින් ගියා රත්ගම පොලිසියට රත්ගම පොලිසිය පැමිණිල්ලවත් ලියා ගත්තෙ නෑ.අපි ගාල්ලට ගියා.හවස තමයි පැමිනිල්ල ලියාගත්තෙ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවන බවට කරමින් ගාලු පාර රත්ගම ප්‍රදේශයෙන් අවහිර කරමින් ගම්වාසීන් පසුගිය 26 වැනිදා උද්ඝෝෂණයක  ද නිරත වුනා.

පැහැර ගැණුනු මංජුල අසේලගේ බිරිඳ

උද්ඝෝෂනය කරාට පස්සෙ සතිශ් ගමගේ මහත්තයා ඇවිත් උද්ඝෝෂණයේදී කිව්වා දවස් 07 ක් දෙන්න පිළිතුරක් දෙන්නම් කියලා.දවස් 7 පැන්නට පස්සෙ අපි ගියා පොලිසියට. එයා කිව්වා මේ දෙන්නාගෙන් එපා වෙලායි තියෙන්නෙ.ෆයිල් එක්කම සී.අයි.ඩී.යට භාරදෙනවයි කිව්වා.06 වෙනිදා මට ලිවුමක් ආවා මේ දෙන්නගෙ විස්තරේ කියලා.

මාතර - නූපේ පොලිස් කාර්යාලයේ පොලිස් නිලධාරීන් එවූ බවට ඥාතීන් පවසන එම ලිපියේ දක්වා තිබුණේ දකුණු පලාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතාගේ කාර්යාලයේ පිහිටුවා ඇති විශේෂ ඒකකයේ ස්ථානාධිපති රෝහණ සහ පොලිස් පරීක්ෂක නිශාන්ත ඇතුළු කණ්ඩායමක් විසින්  මෙම ව්‍යාපාරිකයන් දෙදෙනා පැහැරගත් බවයි.

පැහැරගැනීමෙන් අනතුරුව සිදුවූ පහරදීමකින් එක් පුද්ගලයෙකු මිය ගිය බවත් එම සිද්ධිය වසන් කිරීම සදහා අනෙක් පුද්ගලයා ද මරා දැමු බවත් එම ලිපියෙහි සදහන්.

අදාල සිදුවීමට සම්බන්ධ පොලිස් නිලධාරීන් රැකගැනීමට දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතා ද සිද්ධිය යටගසමින් සිටින බැවින් මෙය ජනාධිපතිවරයාට පැමිණිලි කරන ලෙස ලිපියෙහි සදහන් කර තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය බදාදා හිරු රාත්‍රි 6.55 ප්‍රවෘත්ති ඔස්සේ අනාවරණය කිරීමෙන් අනතුරුව  පොලිස්පතිවරයාගේ නියමයෙන් එදිනම මෙහි විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරුනා.

ඔවුන් මේ වනවිට දකුණු පළාත් පොලිස් කණ්ඩායම ඇතුළු පුද්ගලයන් කිහිප දෙනෙක්ගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගෙන තිබෙනවා.

පසුව තරුණයින් දෙදෙනා පැහැරගැනීමට භාවිත කළ බවටසැක කෙරෙන සුඛෝපභෝගී වෑන් රථයද අක්මීමන ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට ගැනුනා

මේ අතර පැහැරගැනුනු පුද්ගලයන් දෙදෙනා සම්බන්ධයෙන් සිදුකෙරන විමර්ශන කටයුතු හේතුවෙන් දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතා තාවකාලික පදනම මත පොලිස් මූලස්ථානයට මාරු කර තිබෙනවා.

මේ අතර අතුරුදන් වූ පුද්ගලයන් දෙදෙනාගේ බිරින්දෑවරුන් ප්‍රකාශය ලබා ගැනීම සදහා අද ගාල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය වෙත කැදවා තිබුණා.‍

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins









Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top