Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
15
සිනමාපට වලින් ලොවම වසඟ කළ "බ්ලැක් පැන්තර්" ප්‍රථම වරට කැමරා කාචයක සටහන් වෙයි - Photos

- සිනමාපට වලින් ලොවම වසඟ කළ "බ්ලැක් පැන්තර්" ප්‍රථම වරට කැමරා කාචයක සටහන් වෙයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

28 Views
ලොව පුරා අතිශය ජනප්‍රිය වූ සිනමාපට සහ කාටූන් චරිත නිසා 'බ්ලැක් පැන්තර්' යන නාමය බොහෝ දෙනෙකු අසා තිබුණ ද ඒ සියලු චරිත නිර්මාණය කිරීමට පාදක වූ සත්වයා සැබැවින් දැකීම අතිශය දුර්ලභ අවස්ථාවක්.

විල් බුරාද්-ලූකස් (Will Burrard-Lucas) නැමැති වනජීවී ඡායාරූප ශිල්පියාට මෙම දුර්ලභ අවස්ථාව ලැබී ඇති අතර, වසර සියයක් ඇතුළත අප්‍රිකාවේ ජීවත් වන කළු පැහැති දිවියෙකුගේ ඡායාරූපයක් ලබා ගත් ප්‍රථම අවස්ථාව මෙය වනවා.

රහසිගත දිවි පෙවතක් හිමි මෙම අපූරු සත්වයාගේ ඡායාරූප මෙතෙක් නිකුත් වී ඇත්තේ කිහිපයක් පමණක් වන අතර කෙන්යාවේ වනයක් තුළ කළු පැහැති දිවියෙකු හෝ ව්‍යාඝ්‍රයෙකු සැරිසරන බවට කටකතා පැතිර ගොස් තිබෙනවා.

ප්‍රමාණය අනුව මෙම කළු දිවියා වයස අවුරුදු දෙකක් පමණ වන පිරිමි සත්වයෙකු ලෙස හඳුනාගෙන තිබෙනවා.

මෙම දිවියාගේ ඡායාරූප ලබා ගැනීමේ අරමුණින් විල් බුරාද්-ලූකස්, මගපෙන්වන්නෙකු වන ස්ටීව් සමග දිවියෙකුගේ පාද සටහන් ඔස්සේ ගමන් කර ඔවුනට වඩාත් සුදුසු යැයි හැඟුණ ස්ථානයේ කැමරාව සවි කර තිබෙනවා.

"මේ විදියට කැමරා අටවලා මට පුරුදුයි. නමුත් බොහෝ වෙලාවට මේ දෙයින් ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. කැමරාව අටවාගෙන සිටියත් අපි දන්නේ නැහැ අදාළ සත්වයා මේ මාර්ගයෙන් ම නැවත පැමිණේ ද කියලා. මෙය අනුමාන කරලා කරන වැඩක්." යැයි විල් බුරාද්-ලූකස් සඳහන් කර තිබෙනවා.

වනයේ තිබූ පා සලකුණු කළු දිවියාගේ ද නැතහොත් පුල්ලි සහිත වෙනත් සාමාන්‍ය දිවියෙකුගේ දැයි ඔවුහු දැන සිටියේ නැත.

"මම බොහෝ බලාපොරොත්තු තබා ගත්තේ නැහැ. රාත්‍රී කීපයක් කැමරාව අසළ ගත කළ පසුත් කළු දිවියා නොදුටු නිසා වෙනත් දිවියෙකුගේ හෝ ඡායාරූපයක් ගැනීමට හැකිනම් මම ඉතා වාසනාවන්ත බව මම සිතුවා."

නමුත් හතර වන රාත්‍රියේදී ඔහුට වාසනාව උදා විය."මේ ඡායාරූපයේ මම දැක්කේ දිලිසෙන ඇස් දෙකක් විතරයි. දිවියාගේ පැහැය රාත්‍රියේ ඝන අඳුරට මුහු වෙලා තිබුණා"

"මම දැකපු දේ එකපාරට අදහාගන්න අමාරු වුණා. එය ඉතා අසාමාන්‍ය දෙයක්."

"සාමාන්‍යයෙන් මේ වගේ කැමරාවලින් ලබා ගන්න සතුන්ගේ ඡායාරූප ඉතා පැහැදිලියි. නමුත් මේ ඡායාරූපයේ මම දැක්කේ දිලිසෙන ඇස් දෙකක් විතරයි. දිවියාගේ පැහැය රාත්‍රියේ ඝන අඳුරට හොඳින් මුහු වෙලා තිබුණා."

"මේ ප්‍රදේශයේ කළු දිවියන් ජීවත් වන බව අපි නිතර අසා තිබෙනවා, නමුත් ඔවුන් සිටින බව නියත ලෙස දැනගැනීමට ඉතා පැහැදිලි ඡායාරූප හෝ වීඩියෝ මෙතෙක් ලැබී තිබුණේ නැහැ." යැයි කෙන්යාවේ, ලයිකිපියා ප්‍රාන්තයේ දිවියන් පිළිබඳ පරීක්ෂණ කණ්ඩායමක් මෙහෙයවන ආචාර්ය නිකොලස් පිල්ෆෝල්ඩ් පැවසීය.

"වසර සියයකට පසු අප්‍රිකාවේ ජීවත් වන කළු දිවියෙකු ගැන ලැබුණු ප්‍රථම ඡායාරූපය මෙයයි. මුළු අප්‍රිකාවෙන් ම මේ ප්‍රදේශයේ විතරයි ඔවුන් සොයා ගන්න ලැබෙන්නේ.දිවියෙක් මේ වයසට එළඹෙන විට වෙනත් විශාල, ශක්තිමත් පිරිමි දිවියෙකු විසින් ඔහු අදාළ ප්‍රදේශයෙන් පන්නා දමනවා. එවිට ඔහු තමන්ට ජීවත් වීම සඳහා අලුත් ප්‍රදේශයක් සොයා ගත යුතුයි. ඒක නිසා කළු දිවියාගේ තවත් ඡායාරූප ගැනීම ගැන අපිට ඇත්තේ තරගයක්"

දිවියාගේ දේහ ලක්ෂණ හඳුනාගැනීමට හැකි තරමට අදාළ ඡායාරූප පැහැදිලි බව ආචාර්ය නිකොලස් පිල්ෆෝල්ඩ් සහ ඔහුගේ කණ්ඩායම "ස්ථිර" වශයෙන් පැවසීය.

කළු දිවියන් ද තවත් එක් සතුන් වර්ගයක් ලෙස දැකිය හැකි වුවත් එය එසේ නොවන බව ආචාර්ය නිකොලස් පිල්ෆෝල්ඩ් පවසනවා.

"ඔවුන්ට කළු වර්ණය ලැබෙන්නේ මෙලනින්වල බලපෑමෙන් වන අතර, ඔවුන් ද නිවසක ඇති කරන කළු පූසෙකු හෝ බිලාල කුලයට අයත් වෙනත් කළු පැහැති සතුන්ට සමානයි."

"කළු දිවියා ද මෙලනින් අධික ලෙස පිහිටි තවත් විශාල පූසෙක්. ආසියාවේ හෝ අප්‍රිකාවේ මොවුන් හඳුන්වන්නේ කළු දිවියා ලෙසයි."

"දකුණු ඇමරිකාවේ මොවුන් හඳුන්වන්නේ කළු ව්‍යාඝ්‍රයා ලෙසයි."

"බ්ලැක් පැන්තර් යනු ඔවුන්ට පටබැඳි නමක්."

මේ අතර, විල් බුරාද්-ලූකස්ගේ කැමරාවේ සටහන් වූ පුල්ලි සහිත දිවියා කළු දිවියාගේ පියා වන්නට ද පුළුවන්.

කළු දිවියෙකුගේ දෙමාපියන් තවත් කළු දිවියන් දෙදෙනෙකු වීමට අවශ්‍ය නැත. නමුත් මව සහ පියා තුළ මෙලනින් අධික ලෙස පිහිටීමට අදාළ නිලීන ජාන පිහිටිය යුතුයි.

(BBC සිංහල)


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top