Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
13
"ෂූටින් කරන අතරතුර තමයි එයාව මට මුණගැහෙන්නේ, ඊටපස්සේ අවුරුදු තුනක් හිටියා ආදරේ කරන්න.." - ධනංජි තාරුකා විවාහය ගැන කියයි

- "ෂූටින් කරන අතරතුර තමයි එයාව මට මුණගැහෙන්නේ, ඊටපස්සේ අවුරුදු තුනක් හිටියා ආදරේ කරන්න.." - ධනංජි තාරුකා විවාහය ගැන කියයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

50 Views
"අපි කවුරුත් සියයට සියයක් සම්පුර්ණ නැහැ. ප්‍රශ්න එන්න පුළුවන්.

"ඒ නිසා ඔය තීරණය ගන්න මම දෙපාරක් හිතන්නේ නැහැ.."

පුංචි තිරයේ දගකාර කටකාර යුවතිය, පෙම්වතිය, සහෝදරිය විදිහට නිරන්තරයෙන්ම දකින්න ලැබෙන්නේ ධනංජි තාරුකාවයි. පුංචි තිරයට නිරන්තරයෙන්ම පෙම්වතියක් වූ ධනංජි සැබෑ ජිවිතයේ පෙම්වතිය වෙලා දැන් අවුරුදු එකහමාරක් විතර වෙනවා. ඒ ප්‍රේම කතාව විවාහ වෙන තෙක් දැන් දුර දිග ගිහින්. හෙට ඇය ව්‍යාපාරිකයෙකු වූ සුදම් දෙව්නක එක්ක විවාහ දිවියට පිවිසෙනවා. ඒ ගැන ධනංජි කියන්නේ මෙහෙම කතාවක්. මේ  ඒ ගැනයි

ධනංජි හෙට ලෝකයම පෙම්වතුන්ගේ දිනය සමරනවා. ඒ විශේෂ දවස සුවිශේෂී කරගෙන ඔබ විවාහ ගිවිස ගන්නවා කියලා ආරංචියි. මුලින්ම ඒ සුබ කටයුත්ත ගැන මතක් කරමු..?
ඔව්. මම හෙට තනිකඩ ජිවිතයට සමු දෙනවා. අපි විවාහ වෙන්න සැලසුම් කරන්න හිටියේ ජනවාරි මාසේ. මගේ ෂූටින් වැඩ නිසා ඒ කටයුත්ත කරගන්න බැරි වුණා. ඊට පස්සේ විවාහ ගිවිස ගන්නවා කියලා හිතුවා මාර්තු මාසේ. නමුත් අපි නැකත් බැලුවා. පෙබරවාරි 14 වැනිදා නැකත් දවසක් ඒ දවස අපේ විවාහ ගිවිස ගැනීමට සුබ දවසක් කිව්වා නිසා තමයි අපි හෙට දවස යොදා ගත්තේ. අනික පෙබරවාරි 14 කියන්නේ කිසි කෙනෙකුට අමතක නොවන සුවිශේෂී දවසක්. ඒ දවස මතක තියා ගන්න අපිත් මේ වැඩකටයුත්ත එදිනටම යොදා ගත්තා.

විවාහ ගිවිස ගැනීමක් කිව්වට විවාහ මංගල්‍යක් වගේ උත්සවයක් ගන්නවා කියලයි කියන්නේ..?
අපි මුලින් නම් එහෙම හිතුවේ නැහැ. විවාහ ගිවිස ගැනීම කරන්නේ අපේ ගම පරිශ්‍රයේ. විශාල කලාකරුවෝ පිරිසක් සම්බන්ධ වෙන්නේ නැහැ. නෑදෑ හිතමිතුරන් එකතු වෙනවා. ඒ වගේම දෙවැනි මනමාලයින් තුන්දෙනෙක් හා දෙවැනි මනමාලියන් තුන්දෙනෙක් අපි එකතු කරගත්තා වෙනසක් කරන්න. මිට කලින් එහෙම වෙලා නැති නිසා. මේ සියල්ල සැලසුම් කළේ, විවාහ ගිවිස  ගැනීමේ දිනයේ මල් සැරසිලි හා මාව හැඩගන්වන එක කරන්නේ මිෂෙල් අක්කි. එයාට තමයි විශේෂයෙන් ස්තුති කරන්නේ. මොකද අපි හිතුවටත් වඩා මේ සියල්ල ලස්සනට ප්ලෑන් කළාට.

එතකොට විවාහ උත්සවය කරන්නේ කොයි කාලෙද..?
ඒක නම් තවම සැලසුම් කරලා නැහැ. මම විවාහ වෙන බෝයිගේ තාත්තා ඉන්නේ විදෙස් රටක. තාත්තා ලංකාවට එන දවස් බලලා තමයි වෙඩින් එක කරන හිතාගෙන ඉන්නේ. මේ අවුරුද්දේ වෙන්නත් පුළුවන් ලබන අවුරුද්දේ වෙන්නත් පුළුවන්.

විවාහ වෙන්නේ ව්‍යාපාරිකයෙක් එක්ක. ඔහු ගැනත් විස්තරයක් කියමු..?
එයා සුදම් දෙව්නක වීරනායක. ටෙලි නාට්‍යක් ෂූටින් කරන්න ගිහින් තමයි එයාව හදුනා ගන්න ලැබෙන්නේ. අපි ෂූටින් කරපු ගෙදර එහා ගෙදර තමයි එයා හිටියේ. අපේ කණ්ඩායම එක්කම එයා හිතවත් වුණා. කතාබහ කළා.මගෙත් එක්කත් කතා කළා. පස්සේ අපි දුරකථන අංක හුවමාරු කරගත්තා. ඊට පස්සේ යාලුවෙක් විදිහට අවුරුදු 3ක් විතර ආශ්‍රය කළා. ඊට පස්සේ තමයි ප්‍රේමවන්තයින් වුණේ.අවුරුදු එකහමාරක් ආදරය කළා. විවාහය කියන්නේ ලොකු බැදීමක්. වගකීමක්. ඒ දේට එයා සුදුසු කෙනෙක් කියලා හිතුනු නිසයි විවාහ වෙන්න තීරණය කළේ.

ආදරේ කරන කාලේ තහංචි නොදැම්මට විවාහ වුණාට පස්සේ රගපාන්න එපා කියලා තහනම් තහංචි දැම්මොත් මොකද කරන්නේ..?
මම නිලියක් කියලා දැනගෙන තමයි එයා මට ආදරේ කරන්නේ. ඒ නිසා එහෙම කියන එකක් නැහැ කියලා මම හිතනවා. එහෙම එපා කිව්වොත් කලාවට සමු දෙනවා. මොකද හැමදේටම වඩා ආදරේ මට බලවත් නිසා. අපි කවුරුත් සියයට සියයක් සම්පුර්ණ නැහැ. ප්‍රශ්න එන්න පුළුවන්. නමුත් කතාබහ කරලා ඒ ප්‍රශ්න විසදගන්න පුළුවන් අවබෝධයක් දෙන්නා අතරම තියෙන්න ඕන. එහෙම වුනොත් මේ ගමන දීර්ඝ එකක් වෙයි. මම නම් විවාහ වෙන්නේ මොන ප්‍රශ්න ආවත් සතුටින් ජිවිත් වෙන්න හිතාගෙන තමයි. ඒ නිසා ඔය තීරණය ගන්න මම දෙපාරක් හිතන්නේ නැහැ

පෙම්වතියගේ චරිත රගපාද්දී ඔහුගේ ප්‍රතිචාර කොහොමද කියලත් මතක් කරමු..?
කිසිම විදිහකින් ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ. ඒක රගපෑමක් කියලා දන්න නිසා වෙන්න ඇති. ඒ චරිත කරන්න එපා කියලත් නැහැ. මොකද සැබෑ ජිවිතේ එයාගේ පෙම්වතිය මමනේ.

මනමාලියක් වෙන්න කලින් දෙවැනි මනමාලිට කි වතාවක් සැරසුණාද..?
ගණන් කරන්න බැරි තරමට දෙවැනි මනමාලිට හිටියා. අන්තිමේදී මනමාලියක් වෙනවා. හෙටින් පස්සේ දෙවැනි මනමාලි වෙන්න කවුරුත් කතා කරන එකක් නැහැ.
 
හර්ෂණී වීරරත්න



Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top