"අනියම් සැමියා එක්ක අවුරුදු 9 පවුල් කළා.."
"ඔහුව අතහැර වෙනත් තරුණයෙක් එක්ක හාද වූ නිසා ආරවුල්.."
පවුල් ආරවුලක් සම්බන්ධයෙන් වන පැමිණිලි විභාගයකට වෙන්නප්පුව මූලස්ථාන පොලිසියට පැමිණ සිටි කාන්තාවකට අනියම් පුරුෂයා විසින් පිහියකින් ඇනීමෙන් ඇය තුවාල ලබා මාරවිල මූලික රෝහලට ඇතුළත් කර තිබෙන බවට වාර්තා වෙනවා.
මෙම සිද්ධිය ඊයේ වෙන්නප්පුව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය අසලදී සිදු වී ඇති බවයි සදහන් වන්නේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් තුවාල ලැබූ කාන්තාවගේ 35 හැවිරිදි අනියම් පුරුෂයා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
තුවාල ලැබූ කාන්තාව හා සැකකාර අනියම් පුරුෂයා වෙන්නප්පුව වයික්කාල බලකොටු උළු මෝල ප්රදේශයේ වසර 9 ක් එකට හිඳිමින් පවුල් කා තිබේන අතර පසුව ජනවාරි මස 19 වැනිදා සිදු වූ පවුල් ආරවුලක් සම්බන්ධයෙන් තුවාල ලද කාන්තාව වෙන්නප්පුව පොලිසියට පැමිණිල්ලක් කර තිබෙන බවත් සදහන්
එම ආරවුලෙන් පසුව මෙම කාන්තාව වෙනම පදිංචියට ගොස් තිබෙන බවත් ඇය තවත් පිරිමි පුද්ගලයකු සමඟ වාසය කර තිබෙන බවත් පැවසේ.
මෙම කාන්තාව කළ පැමිණිල්ලට අනුව ඊයේ දිනයේ දෙපාර්ශ්වය කැඳවා තිබෙන අතර තුවාල ලද කාන්තාව දෙවැනි අනියම් පුරුෂයා සමඟ පොලිසියට පැමිණ තිබේන බවයි පැවසෙන්නේ. මීට පෙර අනියම් ඇසුර පැවැත් වූ ස්වාමි පුරුෂයා ද පොලිසියට පැමිණ තිබේනවා. ඒ අවස්ථාවේ සැකකරු තම ඉනෙහි සඟවාගෙන පැමිණි පිහිය ඇද අදාළ කාන්තාවට ඇන ඇතැයි පොලිසිය කියයි.