Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
12
ඩුබායි පොලිසියට කොටුවූ මාකඳුරේ මධූෂ් සමග අත්අඩංගුවට ගත් ගායක පිය පුතු දෙදෙනා වෙනුවෙන් නීතිඥයින් කළ කී දේ මෙන්න - Video

- ඩුබායි පොලිසියට කොටුවූ මාකඳුරේ මධූෂ් සමග අත්අඩංගුවට ගත් ගායක පිය පුතු දෙදෙනා වෙනුවෙන් නීතිඥයින් කළ කී දේ මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

20,510 Views
අමල් පෙරේරා සහ නදීමාල්ගේ ගීත ඩුබායි පොලිසියට අහන්න දීලා..
නීතිඥ උදුල් ප්‍රේමරත්න පොලීසිය හමුවේ ඉදිරිපත් කරපු කරුණු....

මාකඳුරේ මධූෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට ගත් ගායක අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා කිසිදු මත්ද්‍රව්‍ය භාවිත කර නොමැති බවට ඩුබායි පොලිසිය සිදුකරන ලද පරීක්ෂණවලදී තහවුරු වී තිබෙනවා.

අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා වෙනුවෙන් පෙනී සිටීමට ඩුබායි රාජ්‍යය වෙත ගොස් සිටින නීතිඥ උඳුල් ප්‍රේමරත්න එරට පොලිසිය හමුවේ කරුණු ඉදිරිපත් කරමින් ඔවුන් ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ ගායකයන් බවට පෙන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

පසුගිය 28 වැනිදා ඩුබායිහි තරු 6 හෝටලයකදී පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ් සමග ජනප්‍රිය ගායක අමල් පෙරේරා හා ඔහුගේ පුත් නදීමාල් පෙරේරා ඩුබායි පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා.

එහිදී ඔවුන් මත්ද්‍රව්‍ය භාවිත කර සිටි බවට චෝදනා එල්ල වී තිබුණත් නදීමාල් පෙරේරා සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවලදී ඔහු මත්ද්‍රව්‍ය භාවිත  කර නොසිටි බවට තහවුරු වී තිබෙනවා.  

මේ අතර, අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා වෙනුවෙන් පෙනී සිටීමට ඩුබායි රාජ්‍ය වෙත ගොස් සිටින නීතිඥ උදුල් ප්‍රේමරත්න අද ප්‍රථම වරට එරට පොලීසිය හමුවේ කරුණු ඉදිරිපත් කළා.

එහිදී ඔවුන් මෙරට ප්‍රසිද්ධ ගායකයින් බවට තහවුරු කරමින් අන්තර්ජාලයේ ඇති අමල් පෙරේරාගේ සහ නදීමාල් පෙරේරාගේ ගීත එරට පොලිසිය වෙත ශ්‍රවණය කිරීමට ද සලස්වා තිබෙනවා.

කෙසේ වෙතත් ගායක අමල් පෙරේරාගේ සහෝදරයා වන සොහාන් පෙරේරා පවස්නේ තම පවුලේ නීතිඥවරයා තවමත් ඩුබායි රාජ්‍ය වෙත ගොස් නොමැති බවයි.

හිරු ප්‍රවෘත්ති කළ විමසීමකදී සොහාන් පෙරේරා පැවසුවේ තම පවුලේ නීතිඥවරයා ඩුබායි රාජ්‍යය වෙත පිටත්වීමට අවශ්‍ය නීතිමය පසුබිම මේ වනවිට සකසා අවසන් බවත් ඔහු අද රාත්‍රියේ ඩුබායි රාජ්‍යය වෙත පිටත් වන බවයි.

මේ අතර, තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයෙන් පසුගිය ඉරිදා ටී 56 ගිනි අවියක් හා ජීව උණ්ඩ 20 ක් සමග අත්අඩංගුවට ගත් අසේල එරංග අද හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා.

එහිදී ඔහුව දින හතක කාලයක් රදවාගෙන ප්‍රශ්න කිරීමට හම්බන්තොට මහේස්ත්‍රාත් නාලක සංජීව මහතා තංගල්ල පොලීසියට අවසර ලබාදී තිබෙනවා.

පසුගිය ඉරිදි මොහුව අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සිදුකල ප්‍රශ්න කිරීම්වලට අනුව සූරියවැව බස්නැවතුම්පොළේදී අත්අඩංගුවට ගත් නාලක සුසන්ත නැමැත්තා ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

මොවුන් දෙදෙනා මාකදුරේ මධූෂ්ගේ පියාගේ අවමගුල් උත්සවයේ සංවිධායකවරන් ලෙස කටයුතු කර තිබෙනවා.

මේ අතර පාතාල කල්ලි නායක මාකදුරේ මධූෂ් ඩුබායි හීදී අත්අඩංගුවට පත්වීමත් සමග ඔහු පිළිබදව ඔහුත් සමග සබදතා පැවැත්වූ පුද්ගලයින් පිළිබදව ජනතාව තොරතුරු ලබාදෙමින් පවතින බව පොලීසිය පවසනවා.

පරීක්ෂණ සිදුකරන දකුණු පළාත භාර උසස් පොලිස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ මේ වන විටත් පොලිස් ස්ථාන කිහිපයකට ඔහුත් සමග සබදතා පැවැත්වූ පුද්ගලයින් සම්බන්ධයෙන් ජනතාව තොරතුරු ලබාදී ඇති බවයි.

එලෙස ලබාදුන් තොරතුරු ඔස්සේ සිදුකෙරෙන පරීක්ෂණ මගින් මේ වන විටත් පුද්ගලයින් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මධූෂ්ට සම්බන්ධ ඇතැම් පාතාල කල්ලි සාමාජිකයන් ප්‍රදේශය අතහැර කොළඹට පැමිණ සැගව සිටින බවටයි එම උසස් පොලිස් නිලධාරියා සදහන් කළේ.

කෙසේ වෙතත් දැනට ලද තොරතුරු අනුව මධූෂ් සමග සබදතා පැවැත්වූ පුද්ගලයන්ගේ ජංගම දුරකතන සහ බැංකු ගිණුම්ද පරික්ෂා කිරීම ආරම්භ කර තිබෙනවා.

අත්අඩංගුවට ගෙන සිටින මාකඳුරේ මධූෂ්  හා මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබද අදත් දේශපාලනඥයින් ස්ථාන කිහිපයකදී අදහස් පළ කළා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,443 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  37,467 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  34,597 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  17,270 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,225 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,075 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  43,380 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,738 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,681 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  9,890 Downloads



Top 10 Commenters

Latest Comments

Top