"රුපියල් 2ක් අඩුකරලා 6කින් වැඩිකරලා දුන්නා"
"ඡන්දෙ ආවම තමයි ඉතිං අපි සලකන්නේ"
ඉන්ධන මිල සූත්‍රය අනුව ඩීසල් මිල ඉහළ යෑමෙන් බස් කර්මාන්තය අර්බුදයකට ලක්වන බව සමස්ථ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ කෙටි දුර ධාවන බස් රථයකට මාසිකව රුපියල් 10,000 ක පාඩුවක් සිදු වන බවයි.
මසකට වරක් සිදු වන ඉන්ධන මිල සංශෝධනය අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඩීසල් සහ පෙට්‍රල් මිල ඉහළ දැමීමට රජය තීරණය කළා.
ඒ අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා ඉන්ධන හල්හි ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් රුපියල් 6 කින් ඉහළ දැමුණු අතර රුපියල් 123 ක්ව පැවති එම ඉන්ධන ලීටරයක නව මිල රුපියල් 129 ක්.
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5 කින් ඉහල ගිය අතර රුපියල් 147 ක්ව පැවති එම ඉන්ධන ලීටරයක නව මිල රුපියල්152 ක්.
රුපියල් 99 ක්ව පැවති ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 4 කින් ඉහළ දැමුණු අතර ඒ අනුව එම ඉන්ධන ලීටරයක නව මිල රුපියල් 103 ක්.
සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 8 කින් ඉහළ දැමුණු අතර රුපියල් 118 ක්ව පැවති එම ඉන්ධන ලීටරයක නව මිල රුපියල්126 ක්.
මිල සංශෝධනය අනුව ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ද සිය ඉන්ධන මිල ඉහළ දමා ඇති අතර එම සමාගම ඔක්ටේන් 92 පෙට්‍රල් මිල පමණක් සංශෝධනය කර නැහැ.
කෙසේ වෙතත් එම මිල තවමත් පවතින්නේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන හල් වල පවතින මිලට වඩා වැඩි අගයකයි.
අයි.ඕ.සී. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5 කින් ඉහළ දැමුනු අතර රුපියල් 150 ක්ව පැවති එහි නව මිල රුපියල් 155 ක්.
ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ඔටෝ ඩීසල් සහ සුපර් ඩීසල් මිල ඉහළ දමා ඇත්තේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සිදු කළ මිල සංශෝධනයට සමාන වන ලෙසයි.
ඩීසල් මිල රුපියල් 4 කින් ඉහළ යාමෙන් බස් කර්මාන්තකරුවන්ට පාඩු වීදීමට සිදු වන බව සමස්ථ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ පවසනවා.
ඉන්ධන මිළ ඉහළ යාම පිළිබඳව දේශපාලඥයින් සහ විවධ පාර්ශව අදහස් පළ කළා.
මේ අතර ඉන්ධන මිළ ඉහළ යාමට විරෝධය පළ කරමින් දකුණු පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන් තිදෙනෙකු සභාවාරයට සහභාගී වීමට පැමිණියේ ත්‍රීරෝද රථයකින්.
එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරණ මන්ත්‍රීවරයෙක් ඊට විරෝධය පළ කළා.
VIDEO