Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
12
ලොව වයස්ගතම හීලෑ අලියා - "අලි ආච්චි" මිය යයි - Photos

- ලොව වයස්ගතම හීලෑ අලියා - "අලි ආච්චි" මිය යයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,960 Views
ලොව වයස්ගත ම හීලෑ අලියා ලෙස සැලකෙන ඉන්දියාවේ විසූ දාක්ෂායණී නමැති කෙනෙර පසුගියදා මිය ගියා.
 
මිය යන විට ඇයගේ වයස අවුරුදු 88 ක් පමණ වූ බව විශ්වාස කෙරෙනවා.
 
'අලි ආච්චි' නමැති විරුදාවලියෙන් ද හැඳින්වුණු දාක්ෂායණි කේරළ ප්‍රාන්තයේ චෙන්ගලූර් මහාදේව කෝවිලේ උත්සව සහ පෙරහැර සඳහා යොදා ගැනුණා.
 
කෙනෙරගේ සෞඛ්‍ය තත්ත්වය භාරව සිටි පශු වෛද්‍යවරයා කියා සිටියේ ආහාර ගැනීම නතර කළ සත්වයා පසුගිය අඟහරුවාදා (පෙබරවාරි 05) මිය ගිය බවයි.

වාරු නොමැති වීමෙන් පසු වසර කිහිපයක සිට ඇයට කෑමට දී ඇත්තේ අන්නාසි සහ කැරට් වැනි ආහාරයි.
 
වසර කිහිපයක් තිස්සේ දාක්ෂායණි කිසිදු උත්සවයකට සහභාගි කරගෙන නැහැ.
 
අදාළ කෝවිල පවත්වාගෙන යන 'ද ට්‍රාවන්කෝ දේවාස්වම් මණ්ඩලය' පවසන්නේ, වයස අවුරුදු 88ක් පමණ වෙතැයි අනුමාන කරන කෙනෙර ලොව වයස්ගත ම හීලෑ අලියා වන බවයි.
 
කෙසේ වෙතත්, ලොව වයස්ගත ම හීලෑ අලියා ලෙස ගිනස් වාර්තා පොතේ සඳහන් වන්නේ, ලින් වෑං නම් අලියෙක්.
 
තායිවානයේ සත්ත්වෝද්‍යානයකදී 2003 වසරේදී මිය යන විට ලින් වෑං ගේ වයස අවුරුදු 86ක් වුණා. එම අලියා දෙවන ලෝක සංග්‍රාමයේදී බ්‍රිතාන්‍ය යුද්ධ හමුදාවේ සේවය සඳහා යොදවාගෙන තිබුණා.
 
2017 වසරේදී ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේදී මිය ගිය ඉන්දිරා නමැති අලියා අවුරුදු 85ත් 90ත් අතර වයසක පසුවූ බව වාර්තා වනවා.
 
ඉන්දියාව තුළ හීලෑ අලි ඇතුන් 2,400 කට අධික සංඛ්‍යාවක් සිටිනවා.
 
'ට්‍රාවන්කෝ දේවාස්වම්' මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකු ඒ එෆ් පී පුවත් සේවයට පැවසුවේ, දක්ෂායණී නමැති කෙනෙර ඔවුන් විසින් ඉතා හොඳින් රැක බලා ගත් බවයි.
 
"ප්‍රායෝගික ගැටලු නිසා අපිට දක්ෂායණීව නිදැල්ලේ තබන්න බැරි වුණා. ඒත් එයාට ඇවිදින්න හැකි තරම් ඉඩක් අපි වෙන් කරල තිබුණා," ඔහු පැවසුවා.
 
කෙසේ වෙතත්, සත්ව ආරක්ෂණ ක්‍රියාකාරීන් පවසන්නේ, හොඳින් රැක බලා නොගැනීම නිසා බොහෝ හීලෑ අලින් පීඩා විඳින බවයි.
 
ඉන්දීය කෝවිල්වල (විශේෂයෙන් කේරළ ප්‍රාන්තයේ) රඳවා තබාගෙන සිටින අලින් 800 දෙනෙකු පමණ "සාමාන්‍යයෙන් ඉතා නරක ජීවන තත්ත්වයන් යටතේ" පසු වන බව එක්සත් රාජධානියේ ඇක්ෂන් ෆෝ එලිෆන්ට්ස් ආයතනය පවසනවා.
 
ශ්‍රී ලංකාවේ හීලෑ අලිඇතුන් වනයේ වෙසෙන අලිඅතුන්ට වඩා වැඩි කාලයක් ජීවත්වන බව ශ්‍රී ලංකා හීලෑ අලිඇතුන් හිමියන්ගේ සංගමයේ ලේකම් ධම්සිරි බණ්ඩාර කරුණාරත්න පවසනවා.
 
බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ වනයේ වෙසෙන අලිඅතුන්ට සාපේක්ෂව හීලෑ අලිඇතුන් වයසට යන විට අවශ්‍ය ඖෂධ සහ ප්‍රතිකාර ලබා දීම ඊට එක් හේතුවක් බවයි.
 
වයස අවුරුදු 90 ඉක්මවා ඇතැයි විශ්වාස කෙරෙන ටිකිරි නමැති හීලෑ ඇතින්නියක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වන බව හීලෑ අලිඇතුන් හිමියන්ගේ සංගමයේ ලේකම්වරයා සඳහන් කළා.
 
තිලකරත්න නමැති අලි හිමියෙකු භාරයේ සිටින ඇය මේ වනවිට කෑගල්ල ප්‍රදේශයේ දිවි ගෙවන බව කී ඔහු අවුරුදු අනූව පමණ ඉක්ම වූ තවත් හීලෑ අලිඇතුන් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති බව පැවසුවා.
 
"දළදා මාලිගාවේ රාජා ඇතා අවුරුදු අසූවකට වැඩි කාලයක් ජීවත් වුනා. මිල්ලන්ගොඩ රාජා අවුරුදු හැත්තෑ පහ ඉක්මවා ජීවත් වුනා. උඩුරාවන මැතිතුමා සතුව සිටි නීලා නමැති අලියා වයස අවුරුදු අසූව ඉක්මවලා මිය ගියේ. ඒ වගේම රත්වත්තේ වලව්වේ සිටිය කදිරා කියන අලියා අවුරුදු හැත්තෑව ඉක්මවා ජීවත් වූ බව වාර්තා වෙනවා," යනුවෙන් ඔහු වැඩිදුරටත් කියා සිටියා.
 
-බීබීසී සිංහල-


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,446 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  37,469 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  34,602 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  17,270 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,225 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,075 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  43,380 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,738 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,681 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  9,890 Downloads



Top 10 Commenters

Latest Comments

Top